අපි එක්ව පය තබමු !

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙනි.

ලෝක මානසික සෞඛ්‍ය දිනය, ඔක්තෝබර් (10) එනම් ඊයේ ට යෙදී තිබිණි. 

මානසික සෞඛ්‍යයේ වැදගත්කම සම්බන්ධයෙන් සෑම වසරකම ඔක්තෝබර් 10 වැනිදාට විශේෂ කතාබහක් ඇති වී තිබේ. ලොවපුරා ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගතයත් සමඟ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති විය. 

මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ලොවපුරා විශේෂ කතාබහක්, වෛද්‍ය විෂය ක්ෂේත්‍රයක් ලෙස කතාබහක් ඇති වූයේ 18 වැනි සියවසේ දී පමණ ය. මෙම ප්‍රවණාතව 19 වැනි සියවස කරා ද පැමිණියේ ය. මානසික රෝගී තත්ත්වත් කායික රෝගී තත්ත්ව හා සමානව අධ්‍යයනය කර ප්‍රතිකාර කළ යුතු ක්ෂේත්‍රයක් බවත් මෙම කතාබහේදී පදනම විය.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලෝකය ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කළ නමුදු එය අවසන් වී නැති බව සිහි තබාගැනීම ඉතා වැදගත් ය. කොවිඩ්-19 වසංගතයෙන් මනුෂ්‍යය ප්‍රජාවට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ අතර ඒ නිසා ලෝකය පුරා ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය. වසංගතය තවමත් පවතින අතර වසංගතය නිසාත් විවිධ වෙනත් හේතු නිසාත් මානසික සෞඛ්‍යයට විශාල බලපෑමක් එල්ල වෙමින් තිබේ. මේ නිසා මානසික සෞඛ්‍යය තත්ත්වය වර්ධනය කිරීම සඳහාත් එය ආරක්ෂා කිරීම සඳහාත් නැවත නැවතත් පියවර හා ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙය අවස්ථාවක් කරගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. 

ඉකුත් 2019 වසරේ දී වසංගතය පැමිණීමටත් පෙර සිට ම මානසික සෞඛ්‍යයේ විවිධ අංශවලට බලපෑම් එල්ල විය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසරේ නිකුත් කළ ලෝක මානසික සෞඛ්‍ය වාර්තාවට අනුව සෑම පුද්ගලයන් අටදෙනකුගෙන් ම එක් අයකු මානසික ආබාධයකින් පෙළන බව ඇස්තමේන්තු කර ඇත. සමස්තයක් ලෙස මෙම පිරිස බිලියනයක් යැයි ද අදාළ වාර්තාවේ දැක්වේ. සෑම මරණ 100කින්ම 1 මරණයක් සියදිවි නසා ගැනීමක් යැයි ද එම වාර්තාවේ දැක්වේ. එය තරුණ මරණවලට ප්‍රධාන හේතුවක් බව ද එම වාර්තා වේ සඳහන් වේ. අදළ වාර්තාවට අනුව සාමාන්‍යයක් ලෙස ආණ්ඩු ඔවුන්ගේ සෞඛ්‍ය අයවැයවලින් මානසික සුවසේවා සඳහා වියදම් කරන්නේ සියයට 2ක ප්‍රමාණයක් පමණි. අඩු සහ මැදි ආදායම් රටවල එම ප්‍රමාණය සියයට 1කි. ආසන්න වශයෙන් ගත් විට  ලෝක ජනගහනයෙන් අඩකට අධික පිරිසක් ජීවත් වන්නේ 200,000කට හෝ ඊට වැඩි ජනතාවට මනෝචිකිත්සකයකු (psychiatrist) පමණක් සිටින රටවල ය. 

‍අදාළ වාර්තාවට අනුව අඩු සහ මැදි ආදායම් රටවල ළමා සහ තරුණ විය මානසික සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥයන් ගණන අල්ප ය. ඇතැම් රටවල නැති තරම් ය. 

ශ්‍රී ලංකාව 2004 වසරෙන් පසු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ද මෙම වාර්තා වේ දැක්වේ. මානව හිමිකම් සම්බන්ධයෙන් ගත් කල 2004 වසරේ සුනාමි තත්ත්වය පෙන්වා දිය හැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පෙන්වාදෙන අන්දමට ශ්‍රී ලංකාව 2004 වසරේ සුනාමියෙන් පසු මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි අවධානයක් යොමු කර ඇත. 

උදාහරණයක් ලෙස 2004 වසරේ මෙරට සිටි මනෝචිකිත්සකයන්ගේ ගණන 36ක් වන අතර එය 2021 වසර වනවිට 136ක් දක්වා වැඩි වී ඇත. එම වසර වනවිට ශ්‍රී ලංකාවේ සිටි ළමා මනෝචිකිත්සකයන්ගේ ගණන 1ක් වන 2021 වසර වනවිට එය 10ක් දක්වා වැඩි වී තිබේ. 

එමෙන් ම මානසික සෞඛ්‍ය තත්ත්ව වර්ධනය කිරීම සඳහාත් නගා සිටුවීම සඳහාත් අවශ්‍ය සේවා, කුසලතා සහ අරමුදල් ප්‍රමාණවත් නොවන අතර ඒවායේ සැපයුම් අඩු මට්ටමක පවතී. විශේෂයෙන්ම අඩු සහ මැදි ආදායම් රටවල රටවල මේ තත්ත්වය තවත් පහළ මට්ටමක පවතී. 

කොවිඩ්-19 වසංගතයත් සමඟ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගෝලීය අර්බුදයක් නිර්මාණය වූ අතර එමඟින් කෙටි හා දීර්ඝකාලීන ආතති සහ පීඩා නිර්මාණය කරන ලදී. මෙම නිසා මිලියන ගණනකගේ මානසික සෞඛ්‍ය උවදුරේ හෙළන ලදී. වසංගතයේ පළමු වසර තුළ දී සාංකාව සහ විෂාදී ආබාධ සියයට 25කින් ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙම කාලය තුළදී ම මානසික සෞඛ්‍ය සේවාවලට විශාල වශයෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර මානසික සෞඛ්‍ය තත්ත්වවලට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් හිඩැසක් නිර්මාණය වී තිබේ. 

මෙම තත්ත්වය හේතුවෙන් මානසික සෞඛ්‍ය ගෝලීය ප්‍රමුඛතාවක් බවට පත් කිරීමත් මානසික සෞඛ්‍යය තත්ත්වය වර්ධනය කිරීම සඳහාත් එය ආරක්ෂා කිරීම සඳහාත් නැවත නැවතත් පියවර හා ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් කාලය එළැඹ ඇත. විවිධ මානසික සෞඛ්‍ය තත්ත්වවලින් පෙළෙන පිරිස්, ජාතීන් සහ ආණ්ඩු, සියලු පාර්ශවකරුවන් එක්ව මානසික සෞඛ්‍ය ගෝලීය ප්‍රමුඛතාවක් බවට පත් කිරීමට එක්විය යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් පෙන්වාදෙයි. 

මානසික සෞඛ්‍ය ගෝලීය ප්‍රමුඛතාවක් බව අවධාරණය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය 2001 වසරේ දී ඔවුන් ප්‍රකාශයට පත් කළ “ලෝක මානසික සෞඛ්‍ය වාර්තාව 2001 : මානසික සෞඛ්‍ය – නව තේරුම්ගැනීම, නව බලාපොරොත්තුව, නිර්දේශ” යන වාර්තාවේ නිර්දේශ අදටත් වලංගු යැයි ඔවුන්ගේ නව වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2001 වාර්තාවෙන් නිර්දේශ 10ක් හඳුන්වා දී තිබේ. 

මානසික සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහාත් මානසික සනීපාරක්ෂාව වර්ධනය කිරීම සඳහත් අප පරිවර්තනය කළ යුතු වේ. ඒ සඳහා තනි තනි පුද්ගලයන්ට, ප්‍රජාවලට, ආණ්ඩු සහ රට රටවලට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් අප ලබාදෙන වටිනාකම පුළුල් සහ ශක්තිමත් කළ යුතු වේ. ඒ සඳහා කිසිවකුත් තනි තනිව ගමන් කළ යුතු හෝ පරිවර්තනය හෝ විය යුතු නොවේ. අපට ඒ සඳහා සාමූහික පියවර ගත හැකිව තිබේ. 

අද අප ගන්නා තීන්දු තීරණ අපගේ හෙට දවස නිර්මාණය කරනු ඇත. ඒ නිසා අප සියලු දෙනාගේ පීඩා හා විඳවීම් අවසන් කිරීමට අප සියලු දෙනාට එක්ව පියවර තැබිය හැකි ය. අප සියලු දෙනාගේ ජීවිත උසස් තැනකට ඔසවා තැබීමට අපට එක්ව කටයුතු කළ හැකි ය. තනි තනිවත් එක්වත් මේ වෙනස කළ හැකි ය. සුවපත් සහ ශක්තිමත් මානසික සෞඛ්‍යය තත්ත්වයක් වෙනුවෙන් අපි එක්ව පියවර තබමු. 

~ හර්ෂණ තුෂාර සිල්වා ~

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …