“අයිවර්මෙක්ටින්” නව කොරෝනා වයිරසය සුව කරන බව විද්‍යාත්මකව තහවුරු කර නැහැ

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ විවිධ ඖෂධ වර්ග, විවිධ ප්‍රතිකාර වර්ග සම්බන්ධයෙන් ලොවපුරා විවිධ මාධ්‍යවල විවිධ භාෂාවලින් පුවත්, සමාජ මාධ්‍ය වාර්තා පළ විය. 

එවැනි ආකාරයේ තවත් ප්‍රවෘත්තියක් ඉකුත් සතියේ දී වැඩි අවධානයක් යොමු කරගත්තේ ය. 

“අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය මඟින් නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි බවට ප්‍රවෘත්තියක් අගෝස්තු මාසයේ දී පළ වී තිබිණි. 

මේ සම්බන්ධයෙන් මුලින්ම අපට සොයාගැනීමට හැකියාව ලැබුණේ විඩියෝ පටයකිනි. 

YouTube විඩියෝ සංසරණ සමාජ මාධ්‍ය ජාලයේ අගෝස්තු මස 24 වැනිදා මෙය පළ කර තිබිණි. ශ්‍රී පුවත් නමැති YouTube නාලිකාවක් එම පුවත වාර්තා කර තිබිණි.

සබැඳිය මෙතැනින්, https://www.youtube.com/watch?v=DdNXbbBLRO8 

Invid ඔස්සේ ලබාගත් Thumbnail ඡායාරූප ය. 

YouTube විඩියෝ සංසරණ සමාජ මාධ්‍ය ජාලයේ අගෝස්තු මස 25 වැනිදා මෙය පළ කර තිබිණි.

සබැඳිය මෙතැනින්, https://www.youtube.com/watch?v=FujyvYFe8lE&t=19s 

Invid ඔස්සේ ලබාගත් Thumbnail ඡායාරූප ය. 

මේ ප්‍රවෘත්ති YouTube ඔස්සේ පළවීමත් සමඟ අප Google සහ Facebook ඔස්සේ සාමාන්‍ය සෙවීමක නිරත විය. 

එහිදි පණු බෙහෙත්, මහාචාර්ය අශෝක දංගොල්ල යන ප්‍රධාන වචන භාවිත කරමින් සෙවීම් කරන ලදි. 

එහිදි මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පිළිබඳ තොරතුරු දැනගැනීමටත් ඔහු “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය සම්බන්ධයෙන් අදහස් දක්වන විඩියෝවක් සොයාගැනීමට හැකියාව ලැබිණි. 

අශෝක දංගොල්ල මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. 

මෙතැනින්, https://vet.pdn.ac.lk/vcs/DrAshokaDangolla.php 

මහාචාර්ය අශෝක දංගොල්ල මහතා “අයිවර්මෙක්ටින්” (Ivermectin)  ඖෂධය සම්බන්ධයෙන් අදහස් දක්වන විඩියෝවක් දෙරණ රූපවාහිනි නාලිකාවේ නිවේදක/මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සිය Travel with Chatura ෆේස්බුක් පිටුවේ (Facebook) ඔස්සේ හුවමාරු කරගෙන තිබිණි. එය හෙතෙම සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ද හුවමාරු (share) කරගෙන තිබිණි. 

එම විඩියෝවේ අද දෙරණ 24 නිල ලාංඡනය දැක ගත හැකි ය. 

අදාළ විඩියෝවට සබැඳිය. 

මෙතැනින්, https://www.facebook.com/chaturaAalwis/posts/364817748533312 

මෙතැනින්, https://www.facebook.com/travelwithchaturaofficial/videos/318489796729370 

නිවේදක/මාධ්‍යවේදී චතුර අල්විස් මහතා මෙම විඩියෝ කොටස හුවමාරු (share) කරගෙන ඇත්තේ අගෝස්තු මස 27 වැනිදා ය. 

කෙසේ නමුත් මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සහභාගී වන අදාළ සම්මුඛ සාකච්ඡාව අද දෙරණ 24 නාලිකාවේ ඊට පෙර විකාශය වන්නට ඇතැයි නිගමනය කළ හැකි ය. 

ඉන් අනතුරුව අප මේ සම්බන්ධයෙන් මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගෙන් විද්‍යුත් තැපෑල (Email) සහ දුරකතන මාර්ගයෙන් විමසීමක් කරන ලදි. 

තමන්  “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය සම්බන්ධයෙන් විස්තර ප්‍රකාශ කළ බව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා එහිදි තහවුරු කළේ ය. 

තමන් පශු වෛද්‍යවරයකු සහ සතුන් සම්බන්ධයෙන් පමණක් විශේෂඥයකු බැවින් ජනතාවට නිර්දේශ කළ නොහැකි බවත් ජනතාවට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය නොකළ යුතුව තිබුණක් බවත් මහාචාර්යවරයා එහිදි පැවැසීය.

කෙසේ නමුත් යහපතක් වන දෙයක් තිබේ නම්, එවැනි ඖෂධයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම අදාළ අංශවල අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කිරීම කළ යුතු බව ද හෙතෙම කීවේ ය. 

“ මම පශු වෛද්‍යවරයෙක්. ඒ නිසා මේ බෙහෙත මට ජනතාවට නිර්දේශ කරන්න බැහැ. මෙය නිර්දේශ කර ඇති ද යන්න මට මෙය තහවුරු කරන්න බැහැ. මෙය සතුන්ට පමණක් දෙන ඖෂධයක් නෙවෙයි. මේ ඖෂධය වසර 20ක 30ක සිට මිනිස්සුන්ටත් සතුන්ටත් ලබාදෙනවා. විවිධ තත්ත්වවලට දෙනවා. ඒ දෙන්නේ වෛද්‍ය නිර්දේශය යටතේ. මේ ඖෂධය සම්බන්ධයෙන් පසුගිය දශක දෙක තුනක කාලයේ දී විවිධ පර්යේෂණ සහ අධ්‍යයන සිදු කර තිබෙනවා. 

මේ ඖෂධය ලොව බොහෝ රටවල් භාවිත කරනවා. ඒ වගේම පසුගිය කාලයේ දී මේ ඖෂධයේ භාවිතය වේගයෙන් වැඩි වී තිබෙනවා. ඔබ Google කළහොත් එය තහවුරු කරගන්න පුළුවන්. 

ඒ වගේම මේ ඖෂධය වයිරසය ශරීරයට ඇතුළු වී බෙදීම නවත්වන්න හැකියාව තිබෙනවා. එතකොට වයිරසය වෙන කෙනකුට ආසාදනය වෙන්නේ නැහැ.” යැයි ද මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේය. 

මහාචාර්ය අශෝක දංගොල්ල මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන සම්මුඛ සාකච්ඡාවක්, 

මෙතැනින්, https://www.youtube.com/watch?v=ZgeUv7ZwubY&t=676s 

එන්නත්කරණය හැර වෙනත් කිසිදු ඖෂධයක් ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක්/පිළියමක් ලෙස නිර්දේශ කර නැතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 

“කොවිඩ්-19 වයිරසයට තවමත් ශ්‍රී ලංකාව තුළත් ලෝකයෙත් ඖෂධයක් නිර්දේශ කර නැහැ. කොහොම නමුත්  “අයිවර්මෙක්ටින්” (Ivermectin) කියන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද ඖෂධයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට රෝගියා දැනුවත් කර අදාළ රෝගී තත්ත්වවලට නියමිත ඖෂධ ලබාදෙන්න හැකියාවක් තියෙනවා” යැයි ද හේරත් මහතා පැවැසී ය. 

අප මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියගෙන් විමසීමක් කරන ලදි. 

“ “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය බල්ලන්ට ලබාදෙන ඖෂධයක් ලෙස තමයි පහුගිය කාලයේ ප්‍රසිද්ධ වුණා. මේක බල්ලන්ට විතරක් නෙමෙයි තවත් සතුන්ට දෙනවා. මේක මිනිස්සුන්ටත් දෙනවා. මේ ඖෂධය වසර 20ක් 30ක් තිස්සේ සත්තුන්ටත් මිනිස්සුන්ටත් ලබාදෙනවා. කෙසේ නමුත් මෙම ඖෂධයෙන් ‘කොවිඩ්-19’ වයිරසය සුව වෙනවා කියා තවමත් විද්‍යාත්මකව තහවුරු කර නැහැ. 

කොහොම නමුත් අපේ රටේත් තවත් රටවල් කිහිපයත් වෛද්‍යවරුන් මේ ඖෂධය භාවිත කර තිබෙනවා. මෙය ලියාංපදිංචි කරන ලද ඖෂධයක්. ශ්‍රී ලංකාව තුළත්  “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය මඟින් ‘කොවිඩ්-19’ සුව වෙනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට සායනික පර්යේෂණ/අධ්‍යයන කරමින් තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිදු රටක්  “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය ‘කොවිඩ්-19’ සඳහා තවමත් වෙනත් කිසිදු ඖෂධයක් නිර්දේශ කර නැහැ. බොහෝ රටවල්  “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය සම්බන්ධයෙන් මේ වනවිට සායනික පර්යේෂණ සිදු කරමින් තිබෙනවා. 

මෙය කාලයක් තිස්සේ මිනිස්සුන්ටත් සත්තුන්ටත් ලබාදුන් ඖෂධයක් නිසා එයින් ඇතිවිය හැකි අතුරු ආබාධ සහ අවදානම් ගැන වෛද්‍යවරුන්ට මේ වනවිට යම් අදහසක් තිබෙනවා. 

නිල සහ බලයත් වෛද්‍යවරයකුගේ රෝගියාගේ වගකීම බාරගෙන, රෝගියා දැනුවත් කර මේ ඖෂධය ලබාදෙන්න පුළුවන්. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළත් ලෝකයේ වෙනත් රටකවත් ලෝක සෞඛ්‍ය සංවිධානයවත් තවමත් මේ ඖෂධයෙන් ‘කොවිඩ්-19’ සුව වන බව තහවුරු කර නැහැ. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නැහැ. 

කොවිඩ්-19 වයිරසයට එරෙහිව මේ වනවිට තිබෙන එකම විකල්පය සහ ප්‍රතිකාරය එන්නත්කරණය යි. 

ඊට අමතරව උණ හෙම්බිරිස්සා ගතියට පැරසිටමෝල් ලබාදෙනවා. ඊටත් අමතරව ප්‍රතිශක්තීකරණය වැඩි වෙන්න විටමින් සී සහ ඩී (Vitamin C, Vitamin D) සහ සින්ක් (Zinc) ලවණ යනාදිය ලබාදෙනවා. මේවත් නියමිත මාත්‍රාවාලින් ලබාදෙන්නේ” යැයි අප කළ විමසීමේදී මහාචාර්යවරිය ප්‍රකාශ කළා ය. 

මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමු දෙකක දී ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදි. 

මෙතැනින්, 13 වැනි මිනිත්තුවේ සිට https://www.youtube.com/watch?v=9vhZ1NFbQ9I&t=2760s 

මෙතැනින්, 13.50 මිනිත්තුවේ සිට https://www.youtube.com/watch?v=ezzy3rCKXso&t=2490s 

මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීමේදී ලොවපුරා රටවල් කිහිපයකම ඉකුත් කාලයේ දී “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය මිලදී ගැනීම සහ භාවිතය ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර ඇත.

ඒ අතරම වෛද්‍ය විශේෂඥයන් රැසක් මේ ඖෂධය භාවිත නොකළ යුතු යැයි ද අනතුරු අඟවා ඇත. 

“අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය ‘කොවිඩ්-19’ සඳහා භාවිත නොකළ යුත්තේ ඇයි කියා පැහැදිලි කර ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය.

මෙතැනින්, https://www.fda.gov/consumers/consumer-updates/why-you-should-not-use-ivermectin-treat-or-prevent-covid-19 

“අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය ‘කොවිඩ්-19’ ප්‍රතිකාර සඳහා භාවිත කිරීම අනතුරුදායක බව සඳහන් කර ඇති ඔක්ලහෝමා හි වෛද්‍යවරයකු, බී.බී.සී. පුවත් සේවා වේ වාර්තාක්, 

මෙතැනින්, https://www.bbc.com/news/world-us-canada-58449876 

“අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය භාවිතයෙන් ‘කොවිඩ්-19’ වයිරසය මර්දනය හෝ සුව කරන බව තවමත් විද්‍යාත්මකව තහවුරු කර නැති බැවින් සායනික තත්ත්ව යටතේ පමණක් භාවිත කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් මාර්තු මාසයේ දී සිය සාමාජික රටවලට දැනුම් දුන්නේ ය. 

2021 මාර්තු 31, මෙතැනින්, 

https://www.who.int/news-room/feature-stories/detail/who-advises-that-ivermectin-only-be-used-to-treat-covid-19-within-clinical-trials

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ද ඉකුත් කාලයේ දී “අයිවර්මෙක්ටින්” (Ivermectin) වැඩි වී තිබේ. 

මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථාන (CDC), “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය ‘කොවිඩ්-19’ සඳහා ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කර නැතැයි අගෝස්තු 26 වැනිදා සෞඛ්‍ය උපදේශනයක් සහ අනතුරු ඇඟවීමක් ද කළේ ය. 

මෙතැනින්, https://emergency.cdc.gov/han/2021/han00449.asp 

 National Geographic වෙබ් අඩවියේ  “අයිවර්මෙක්ටින්” (Ivermectin) සම්බන්ධයෙන් පළ වූ විස්තරාත්මක ලිපියක්.

මෙතැනින්, https://www.nationalgeographic.com/science/article/the-shaky-science-behind-ivermectin-as-a-covid-19-cure 

මහජන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවද්දීත්, ඇමෙරිකාවේ ඇතැම් පිරිස් මෙම ඖෂධය භාවිත කිරීමට පෙළඹී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 

මෙතැනින්, https://www.nytimes.com/2021/09/05/us/ivermectin-health-experts.html 

පසුගිය කාලයේ දී බොහෝ රටවල “අයිවර්මෙක්ටින්” (Ivermectin)  ඖෂධය ආනයනය කිරීම ද වේගයෙන් වැඩි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය ආනයනය කිරීම දස ගුණයකින් වැඩි වී තිබෙන අතර එරට සෞඛ්‍ය බලධාරීන් මෙම ඖෂධ්‍ය ‘කොවිඩ්-19’ ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත. 

මෙතැනින්, https://www.theguardian.com/world/2021/aug/30/australian-imports-of-ivermectin-increase-10-fold-prompting-warning-from-tga 

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව තුළ ද “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධයේ අලෙවිය සහ භාවිතය වැඩි වී තිබෙන බවත් එමෙන්ම ඒවා අවිධිමත් වෙළෙඳපොළ තුළ වැඩි මිලට අලෙවි වන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත 2021 සැප්තැම්බර් 5 වැනිදා වාර්තා කර ඇත. 

එබැවින් ඖෂධය ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි. 

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර යම් බෙදීමක් ඇති වී ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි. 

මෙතැනින්, https://www.sundaytimes.lk/210905/news/ivermectin-divides-doctors-while-nmra-gives-waiver-to-import-drug-to-stop-black-market-sales-454583.html 

“අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය විශේෂයෙන් ම ෆේස්බුක් ඔස්සේ පළ වූ සටහන්/වාර්තා (Posts), ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහත දැක්වේ. 

සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. 

සමාජ මාධ්‍ය විශේෂඥයකු වන සංජන හත්තොට්ටුව මහතා ද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබිණි. 

මෙතැනින්, https://twitter.com/sanjanah/status/1432898514158120966

මෙතැනින්, https://twitter.com/sanjanah/status/1431390515988242432

මේ අනුව “අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කරන බව පළ වන පුවත් බොහෝමයක් මහජනතාව නොමඟ යවන ඒවා බව අපට නිගමනය කළ හැකි ය. 

“අයිවර්මෙක්ටින්” (Ivermectin) ඖෂධය,  ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකර්මයක්/පිළියමක් හෝ ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කර නැති බව තහවුරු කළ හැකි ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිදු ජාතික සෞඛ්‍ය ආයතනයක් හෝ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් හෝ මෙම ඖෂධය ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කර නොමැත. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …