ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් සිටිති. මෙවැනි පසුබිමක් තුළ බදු සම්බන්ධයෙන් මේ වසරේ මුල සිටම සමාජ මාධ්‍ය තුළත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් විශාල කතාබහක් ඇති වී තිබෙන අතර ජනවාරි මාසය මුලදී සැලකිය යුතු කතාබහක් ඇති වී තිබෙන අයුරු නිරීක්ෂණය විය. 

ඉකුත් වසරේ (2022)  දෙසැම්බර් 31 වැනිදා දක්වා ආදායම් බදු අය කරනු ලැබුවේ මාසික ආදායම රුපියල් 250,000ට වැඩි පුද්ගලයන්ගෙන් පමණි. එනම්, යම් කිසි පුද්ගලයකු වාර්ෂිකව රුපියල් ලක්ෂ 30කට වැඩි ආදායමක් උපයන්නේ නම් අදාළ පුද්ගලයන් විසින් ආදායම් බදු ගෙවිය යුතුව තිබිණි. 

එහෙත් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් කළේ ය. අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර ඒ අනුව මේ වසරේ (2023) ජනවාරි මාසයේ වැටුපේ සිට බදු අය කිරීමේ වෙනසක් සිදුව ඇත. 

දේශීය ආදායම් පනත් කෙටුම්පතට (සංශෝධන) අදාළ ගැසට් නිවේදනය 2022 ඔක්තෝබර් මස 12 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණි. දෙසැම්බර් 9 වන දා පනත් කෙටුම්පත තෙවනවර කියවීම සදහා පැවති ඡන්ද විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබුණු අතර ඒ අනුව වැඩි ඡන්ද 43කින් මෙම පනත් කෙටුම්පත සම්මත විය. 

මෙම බදු සංශෝධන ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව බොහෝ පිරිසකට නිසි අවබෝධයක් නොමැති බව සමාජ මාධ්‍යවල පළවන ඇතැම් අදහස්වලින් නිරීක්ෂණය කළ හැකි විය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීම් ද ප්‍රමාණවත් පරිදි නැති බව ද පෙනී ගියේ ය. 

මෙම ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ. රුපියල් ලක්ෂය දක්වා මාසික ආදයම් ලබන පුද්ගලයන්ට ආදයම් බදු අය කිරීමක් සිදු වන්නේ නැත. මෙම බදු අයකිරීම වාර්ෂික ආදායම මත ප්‍රකාශ කරන්නේ නම් වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2ට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදයම් බද්ද අය වේ. 

ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ආදායම් බදු චක්‍ර සම්බන්ධයෙන් පළ කර තිබූ ලේඛනයෙහි දක්වා තිබූ සේවා නියුක්තිය මගින් බදු අය කරගන්නා ආකාරය දක්වන වගුවක් පහතින් උපුටා දක්වා ඇත. 

නව උපයන විට ගෙවීමේ, ආදායම් බදු ප්‍රතිපත්තියේ අඩු ම බදු අනුපාතය සියයට 6ක් වන අතර ඉහළ ම බදු අනුපාතය සියයට 36කි. මෙම නව ප්‍රතිපත්තියට අනුව කාණ්ඩ හයක් යටතේ බදු අය කෙරේ. එම බදු කාණ්ඩ පිළිවෙළින් සියයට 6, 12, 18, 24, 30 සහ සියයට 36ක් වේ. 

2022 වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට 2023 වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමටත් 2023 වසරේ සිට වාර්ෂික ආදායම වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 12 (මාසික ආදායම රුපියල් 100,000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.

සරල ආකාරයෙන් සකසන ලද බදු ගණනය කිරීමක් පහතින් දක්වා ඇත.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනයෙන් අනතුරුව 2023 ජනවාරි මාසයේ වැටුපේ සිට බදු අය කිරීම්වල වෙනස්කම් සිදුවිය. විශේෂයෙන්ම උපයන විට ගෙවීමේ බද්දේ සැලකිය යුතු වෙනසක් සිදුව ඇත. 

ඒ අනුව රුපියල් ලක්ෂයට වඩා වැඩි ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බද්දට යටත් වන අතර රුපියල් ලක්ෂය දක්වා මාසික ආදයම් ලබන පුද්ගලයන්ගෙන් ආදයම් බදු අය කිරීමක් සිදු වන්නේ නැත. මෙම නව ප්‍රතිපත්තියට අනුව සියයට 6,12,18,30 සහ 36 යන බදු කාණ්ඩ හය යටතේ බදු අය කිරීම සිදු වේ.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …