‘කොවිඩ්-19’ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව පළමු තැනට පැමිණ නැත’ 

කෙසේ නමුත් එන්නත්කරණය අතින් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

කොවිඩ්-19 මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව අංක පැමිණ ඇති බවට පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා/සටහන් පළ විය. 

මේ සම්බන්ධයෙන් පළ වූ ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහත දැක්වේ. 

‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන් අනුව ශ්‍රේණිගත කිරීමක් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අප ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කරන ලදි. 

එවැනි ශ්‍රේණිගත කිරීමක් නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය තහවුරු කරන ලදි. 

කෙසේ නමුත් ලොව රටවල් රැසක් මේ වනවිට සිය ජාතික එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇත.

ඒ අනුව ඒ ඒ රටවල් සිය එන්නත්කරණ වැඩසටහන් සම්බන්ධයෙන් නිකුත් කරන දත්ත පදනම් කරගනිමින් ‘රොයිටර්ස්’ වැනි ප්‍රවෘත්ති කාර්යාංශ, ‘ද නිව්යෝක් ටයිම්ස්’ වැනි ප්‍රවෘත්ති පත්‍ර, ‘සී.එන්.එන්.’ වැනි ප්‍රවෘත්ති නාලිකා, ඇතැම් වෙබ් අඩවි, ලෝ ප්‍රකට විශ්වවිද්‍යාල එන්නත්කරණ දත්ත යාවත්කාලීන කරමින් ඒවායේ දත්ත සටහන් පවත්වාගෙන යයි. (Vaccine Tracker)

‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ එන්නත්කරණ දත්ත සටහන, මෙතැනින් – https://www.nytimes.com/interactive/2021/world/covid-vaccinations-tracker.html 

‘රොයිටර්ස්’ ප්‍රවෘත්ති කාර්යාංශයේ එන්නත්කරණ දත්ත සටහන, මෙතැනින් – 

https://graphics.reuters.com/world-coronavirus-tracker-and-maps/vaccination-rollout-and-access/

‘සී.එන්.එන්.’ ප්‍රවෘත්ති කාර්යාංශයේ එන්නත්කරණ දත්ත සටහන, මෙතැනින් –

https://edition.cnn.com/interactive/2021/health/global-covid-vaccinations/

‘අවර් වර්ල්ඩ් ඉන් ඩේටා’ (Our World in Data) වෙබ් අඩවියේ එන්නත්කරණ දත්ත සටහන, මෙතැනින් – 

https://ourworldindata.org/covid-vaccinations

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වසංගත රෝග විද්‍යා අංශය ද එන්නත්කරණ වැඩසටහනට අදාළ දත්ත දෛනිකව නිකුත් කරයි. (භාෂා ත්‍රිත්වයෙන්ම ලබාගත හැක)

මෙතැනින්, https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=231&lang=si 

‘කොවිඩ්-19’ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය අගෝස්තු 12 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය. 

https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-08_12.pdf

වසංගත රෝග විද්‍යා අංශයට අනුව මෙරට ජනගහනයෙන් ‘කොවිඩ්-19’ එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන ඇති ගණන 11,672,082. (අගෝස්තු 12 වැනිදා රාත්‍රී 11.25ට)

සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක්ව ඇති පුද්ගලයන්ගේ ගණන (එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති ගණන) 4,017,085කි. 

මෙතැනින්, https://www.epid.gov.lk/web/index.php?lang=en 

‘කොවිඩ්-19’ එන්නත්කරණය, දෛනිකව වාර්තා වන ආසාදිතයන්, අනෙක් උපදෙස් ආදී ‘කොවිඩ්-19’ වයිරස වසංගතයට අදාළ සියලු තොරතුරු ජනාධිපති කාර්යාලය, වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන වෙබ් අඩවිවලින් දෛනිකව නිකුත් කෙරේ. එමෙන්ම එම සංඛ්‍යාදත්ත දෛනිකව යාවත්කාලීන කෙරේ. 

එම වෙබ්අඩවිවලට පහත සබැඳිවලින් (link) පිවිසිය හැකි ය. 

https://www.epid.gov.lk/web/index.php?lang=en

https://www.hpb.health.gov.lk/en

කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකා රජය වෙනම ම වෙබ් අඩවියක් ද නිර්මාණය කළේය. 

ඊට මෙතැනින්, https://covid19.gov.lk/sinhala/ 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය http://www.health.gov.lk/moh_final/english/ 

මෙම සෑම වෙබ් අඩවියක් ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම පහසුකම් සපයා ඇත. 

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යමින් තිබේ. එහි නව ප්‍රභේද ද මේ වනවිට හඳුනාගෙන තිබෙන මේ හේතුවෙන් ලොවපුරා රටවල සෞඛ්‍ය පද්ධතිවලට දරුණු බලපෑමක් එල්ල වී තිබේ. වයිරස වසංගතයේ පාලනය සඳහා දෑත් පිරිසුදු කිරීම, මුඛ ආවරණ පැලඳීම ආදී සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම ඉතා වැදගත් වන අතර එන්නත්කරණය මේ වනවිට ඇති එකම විකල්පය බවට පත් වී තිබේ. එන්නත්කරණය වේගවත් කරන අතරම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම ඉතා වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් සෑම රටකම සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය එන්නත්කරණය සම්බන්ධයෙන් අගෝස්තු 6 වැනිදා නිකුත් කළ නිවේදනය. මෙතැනින්, https://tinyurl.com/ywn5fk4z 

ශ්‍රී ලංකාව අයත් වන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයට ය. 

මේ වනවිට ලොව රටවල් බොහෝමයක් සිය ජාතික එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇත. 

ලොව රටවල් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන් නිල වශයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 

ඒ අනුව මෙරට එන්නත්කරණ වැඩසටහන පළමු තැනට පත්ව ඇති බවට පළ වූ වාර්තා සත්‍ය නොවේ. 

කෙසේ නමුත් මෙරට එන්නත්කරණ වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් තහවුරු කළ හැකි ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ද මෙරට එන්ත්කරණ වැඩසටහන අගය කරමින් ඉකුත් දිනෙක ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. 

මෙතැනින්, https://tinyurl.com/7sxedcn4

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …