‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහනට අන්තර්ජාලය තුළින් ලියාපදිංචි විය යුතු ද ? විය හැකි ද ?
‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහනට ලියාපදිංචි වන්නැයි සඳහන් කරමින් වට්ස්ඇප් ඔස්සේ සබැඳියක් (ලින්ක්/link) සංසරණය වෙමින් තිබිණි.
විශේෂයෙන්ම ඉකුත් දින කිහිපයේ දී කිරිබත්ගොඩ, පෑලියගොඩ සහ දළුගම යන ප්‍රදේශවල මේ පණිවුඩය හුවමාරු වී තිබිණි.
ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහතින් දැක්වේ.
වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ සංසරණය වූ පණිවුඩය,
මෙවැනිම වැඩසටහනක් දෙහිවල ද ක්‍රියාත්මක වන බව ට්විටර් හි දැක්විණි.
අප මේ සම්බන්ධයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ්-19 රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, වසංගත රෝග විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (බස්නාහිර පළාත) වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය යන අයගෙන් විමසීමක් කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය එක්ව එන්නත්කරණ වැඩසටහන සඳහා මෘදුකාංගය නිර්මාණය කරන බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන ලදි.
කොළඹ නගර සභාව ආශ්‍රිතව එන්නත් ලබාගැනීමට වේලාවක් කලින් වෙන් කරවාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන ලදි.
කොළඹ මහ නගර සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් එන්නත් ලබාගැනීම සඳහා වේලාවක් වෙන් කරවාගත හැකි ය.
මෙතැනින්, https://www.echannelling.com/Echannelling/covid-vaccine
කොළඹ මහ නගර සභාවේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න, https://www.colombo.mc.gov.lk/news-more.php?id=153
ස්ක්‍රීන්ෂොට්ස්,
මෙම වැඩසටහනේ පළවූ ප්‍රවෘත්ති, මෙතැනින්, http://archive.today/Dy98B
මෙතැනින්, http://archive.today/WDNpr
මෙතැනින්,
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම, කොළඹ මහ නගර සභාව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙතැනින්, https://www.mobitel.lk/press-releases/slt-mobitel-cmc-facilitate-registrations-covid-vaccination
මෙම දත්ත වැඩසටහන කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද්දක් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (බස්නාහිර පළාත) වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය කළාය.
මෙය හුදෙක්ම එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කරන ලද්දක් බවත් මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඇය තහවුරු කළාය.
මෙවැනි සිදුවිම්වලදී බාහිර පාර්ශව සම්බන්ධ කරගැනීමෙන් ජනතාවගේ පෞද්ගලික විස්තර වෙනත් පාර්ශවවලට යෑමේ අවදානමක් ද තිබෙන බව සඳහන් කළ ඇය මේ සම්බන්ධයෙන් ගන්නා අදාළ නිලධාරීන් දැනුවත් කළ බව ද ඇය කීවාය.
මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ හිටපු සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතාගෙන් විමසීමක් කළෙමු.
“අපිට තියෙන ප්‍රශ්නය ප්‍රායෝගිකව කොටස් දෙකකට කඩාගන්න පුළුවන්. පළමුවැන්න තමයි ජනතාවට වෙලාවක් වෙන් කර දෙන එක. (කලින් වේලාව වෙන් කරවා ගැනීම). මිනිස්සු රස්තියාදු නොවන විදියක් සකසන එක. මගේ වයස් සීමාව හරි. පළමු එන්නත් මාත්‍රාව විදගන්න මම පැය තුනක් හිටගෙන හිටියා. එහෙම නොවී, ජනතාවට පහසු විදියට තියෙන එන්නත් ප්‍රමාණයට වැඩි වේලාවක් ගන්නේ නැතුව පළමු එන්නත් මාත්‍රාව ලබාදීම තමයි පළමු ප්‍රශ්නය.
දෙවැනි ප්‍රශ්නය තමයි, පළමු එන්නත් මාත්‍රාව ගත්ත පිරිසට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම. දෙවැනි මාත්‍රාව ලබාදෙන වේලාව, ස්ථානය යනාදී කරුණු දැනුම් දීම.
මේ දෙක තමයි ප්‍රධාන ප්‍රශ්න දෙක. මේ ප්‍රශ්න දෙක විසඳන්න පැහැදිලි ක්‍රමයක් අවශ්‍ය යි. ඒ සඳහා තාක්ෂණය භාවිත කරන්න පුළුවන් කියන දේ පැහැදිලියි.
මේවාට පූර්වාදර්ශ රටේ තියෙනවා. නවසිය අනූ ගණන්වල ඉඳන් ලංකාවේ ඊ-චැනලින් කියන දේ තියෙනවා. එය පුරා බොහෝ කාලයක් මුළුල්ලේ භාවිත වෙනවා.
ඉස්සර නම් විශේෂඥ වෛද්‍යවරයකු හමුවෙන්න වේලාවක් වෙන් කරවා ගන්න රෝහලට ගිහින් සල්ලි ගෙවලා එනවා. ගෙදර ඇවිල්ලා ආයේ යනවා අදාළ වෙලාවට. දැන් අපිට ඒ දේ ගෙදර ඉඳන් කරන්න පුළුවන්. කොහොම නමුත් සමහර වෙලාවට අපිට විනාඩි 45ක් පැයක් ඉන්න වෙනවා. ඒ ගැන අපි සතුටු නැහැ. කොහොම නමුත් ගමන් දෙකක් යනවට වඩා එය පහසුයි.
එතකොට අපේ ප්‍රශ්නයට ප්‍රවේශයක් තියෙනවා.
මේකට අවශ්‍ය අවම දත්ත ප්‍රමාණය කුමක් ද ? මොනවා ද ? රටේ තවම දත්ත ආරක්ෂණ නීතියක් නැහැ.
අවම දත්ත ප්‍රමාණයක් එකතු කරන්නේ කොහොමද කියන දේ අපි බලන්න ඕනේ.
කිසිම හැල හොල්මනක් නැතුව අපි ඊ-චැනලින් එකට දෙන දත්ත තියෙනවනේ. රෝගියාගේ නම දුරකතන අංකය වගේ දේවල්.
එවැනි සරල ක්‍රමවේදයක් තමයි මෙතැන අවශ්‍ය වෙන්නේ.
ඊට වැඩි දේවල් කරන්න යනවා නම්, පර්යේෂණ දත්ත එකතු කරන්න යනවා නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන සලකා බලා ජනතාවගෙන් ඒ සඳහා එකඟත්වයක් ගන්න එක.”
මහාචාර්ය රොහාන් සමරජීව මහතා ලර්න්ඒෂියා ආයතනයේ සමාරම්භක සභාපතිවරයකු සහ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ සමාරම්භක අධ්‍යක්ෂවරයෙකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය එක්ව එන්නත්කරණ වැඩසටහන සඳහා සකසන මෘදුකාංගය සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී හිරන්‍ය සමරසේකර මහතාගෙන් විමසීමක් කළෙමු.
අදාළ මෘදුකාංගය සකසා අවසන් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ කිහිපයකදී එය අත්හදා බැලූ බවත් හෙතෙම සඳහන් කළේය.
මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් සකස් කර තිබෙන මෙම මෘදුකාංගය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගනිමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
ඩයලොග්, මොබිටෙල්, එයාර්ටෙල් සහ හච් යන ජංගම දුරකතන සේවා සපයන සංගම් ද මීට සම්බන්ධ කරගෙන ඇති බව ඔහු පැවැසීය.
ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස, අන්තර්ජාලයෙන් වෙබ් අඩවියට පිවිසීමෙන් සහ කෙටි පණිවුඩ ඔස්සේ මෙය ක්‍රියාත්මක වන බවත් දුරකතනයක් නොමැති අයකුට දන්නා හඳුනන අයකුගේ දුරකතනයක් භාවිත කිරීමෙන් එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ විය හැකි බවත් හෙතෙම පැහැදිලි කළේය.
කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන සඳහා කලින් වේලාවක් වෙන් කරගැනීමේ පහසුකමක් කොළඹ මහ නගර සභාවේ වෙබ් අඩවිය හරහා ලබා දී ඇත. ඒ හැර අනුව රාජ්‍ය මැදිහත් වීමෙන් එන්නත්කරණ වැඩසටහන සඳහා කිසිදු තොරතුරු එකතු කිරීමක් හෝ ඒ සම්බන්ධ නිල ක්‍රියාවලියක් ආරම්භ වී නොමැති බව තහවුරු කළ හැකි ය.
මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දත්ත එකතු කිරීමේ සබැඳි (link)වලට තම පෞද්ගලික දත්ත එකතු කිරීමේ ඉහළ අවදානමක් තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව යනු තවමත් දත්ත ආරක්ෂණ නීතියක් නොමැති රටකි.
ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇත. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද කෙටුම්පත් කරන ලද පනත, මෙතැනින් https://www.icta.lk/news/final-version-of-the-draft-data-protection-bill-released-by-the-legal-draftsmans-department/
සැකසූ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත ආරක්ෂණ නීතිය පිළිබඳ නීති කෙටුම්පත, මෙතැනින්
කෙටි සබැඳිය, https://tinyurl.com/fvp75srz
සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට ඇති ඉලෙක්ට්‍රොනික නීති , නෛතික රාමුව මෙතැනින්,
https://www.icta.lk/elaws/?lang=si
ජනතාවගේ පෞද්ගලික තොරතුරු විවිධ කටයුතු සඳහා එකතු කරන ආකාරය අපට පසුගිය කාලයේ දක්නට ලැබිණි.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය.
එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය.