‘කොවිඩ්-19’ වයිරසයට වියට්නාමය ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. / උණු වතුරේ තේ සාදා ලෙමන් යුෂ යොදා පානය කිරීම ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් නොවේ.

‘කොවිඩ්-19’ වසංගතය තවමත් ලොවපුරා වේගයෙන් පැතිර යමින් තිබේ. වසංගතයේ ව්‍යාප්තියටත් වඩා වැඩි වේගයකින් සමාජ ජාල, පණිවුඩ හුවමාරු ජාල යන ඩිජිටල් මාධ්‍ය තුළින් මෙන්ම සාම්ප්‍රදායික මාධ්‍ය තුළින් ද නව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද තොරතුරු ව්‍යාප්ත වෙමින් තිබේ. 

වියට්නාමයේ අනුපාතය ශූන්‍ය බවත් ඔවුන් සතුව රහස් වට්ටෝරුවක්/සූත්‍රයක් ඇති බවටත් සඳහන් ඉකුත් දින කිහිපයේ දී වට්ස්ඇප් (whatsapp) ඔස්සේ හුවමාරු/සංසරණය (share) වී තිබිණි. 

එම වට්ස්ඇප් පණිවුඩය පහතින් දැක්වේ.

අප මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයෙන් විමසීමක් කරන ලදි. 

“තවමත්/මේ වනවිට ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් නොමැත. ඔබට ‘කොවිඩ්-19’ වයිරස රෝග ලක්ෂණ ඇතිනම් ළඟම සෞඛ්‍ය සේවා සපයන්නා හෝ ‘කොවිඩ්-19’ හදිසි ඇමතුම් සේවාව අමතන්න. ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආරක්ෂා වීමට ඔබට ඇති හොඳම ක්‍රමවේද වන්නේ මහජන සෞඛ්‍ය සහ සමාජ පිළිවෙත්/ක්‍රියාමාර්ග අනුගමනය කිරීම – හැකිතාක් ඉක්මනින් ‘කොවිඩ්-19’ මර්දන එන්නත ලබාගැනීම, මුඛ ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම, කායික සනීපාරක්ෂාව පවත්වාගෙන යෑම, වාතාශ්‍රය වැඩි කිරීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන/වැසුණු සහ සීමාසහිත/සංවෘත ස්ථාන මඟහැරීම/නොයෑම, සහ සමාජ මිශ්‍රණය/සමාජය සමඟ මුසු වීම සීමා කිරීම යනාදිය යි. සමබල ආහාර වේලක් ලබාගැනීම/පවත්වාගෙන යෑම, ජාලය පානය කිරීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ හොඳින් නිදාගැනීම තමන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට ඉතා හොඳ ය” එම කාර්යාලයේ ප්‍රතිචාරය විය. 

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතාගෙන් ද විමසීමක් කරන ලදි. 

වට්ස්ඇප් පණිවුඩයේ ඇති කරුණු අසත්‍ය බව ඔහු ද තහවුරු කළේය. 

ඉහත කී වට්ස්ඇප් පණිවුඩයේ ඇති කරුණු සම්බන්ධයෙන් අපි තවදුරටත් සොයාබැලීමක් කරන ලදි. 

නව කොරෝනා වයිරසය (කොවිඩ්-19) පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ එය පාලනය කිරීම සඳහා වියට්නාමය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළේ ය. 

එහි ප්‍රතිඵලයක් ලෙස මුල් මාස කිහිපයේදී වයිරස ආසාදිතයන්ගේ ගණන කලාපයේ සහ ගෝලීයවත් සංසදනය කිරීමේදී ඉතා අඩු අගයක පවත්වාගැනීමට වියට්නාමය සමපත් විය. එපමණක් නොව මුල් මාස කිහිපයේදී වියට්නාමයෙන් කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් වාර්තා නොවීය. 

මෙතැනින්, https://www.cnbc.com/2020/07/23/vietnam-zero-coronavirus-deaths.html 

වියට්නාමයෙන් පළමු කොවිඩ්-19 ආසාදිත මරණය වාර්තා වූයේ 2020 වසරේ ජූලි මස 31 වැනිදා ය.

මෙතැනින්, https://www.reuters.com/article/us-health-coronavirus-vietnam-idUSKCN24W06K 

මේ වනවිට වියට්නාමයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්-19 වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වෙමින් තිබේ. 

මෙතැනින්, https://tinyurl.com/ddx9myd8

වියට්නාමයේ ‘කොවිඩ්-19’ තත්ත්වය, 

ලෝක සෞඛ්‍ය සංවිධානය – https://covid19.who.int/region/wpro/country/vn

රොයිටර්ස් පුවත් සේවය – https://tinyurl.com/55bare2v 

ඉහත සඳහන් වට්ස්ඇප් පණිවුයේ ඇති උණු වතුරේ හරිත තේ සාදන්න, ලෙමන් යුෂ මිශ්‍ර කිරීමෙන් පසු උණුසුම් තේ පානය කරන්න යනුවෙන් ද එහි දැක්විණි. 

එහි සත්‍යතාවක් නොමැති බව ද අප ඉහතින් තහවුරු කරන ලදි. 

මෙම වට්ස්ඇප් පණිවුඩය දෙස බැලීමේ දී එය පසුගිය වසරේ හුවමාරු වී වසංගතය උත්සන්න වීම නිසා නැවත වරක් හුවමාරු වන බව පෙනීයයි.

වියට්නාමයේ මෙම රහස් වට්ටෝරුව/සූත්‍රය සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් රට තුළත් වෙන රටවලත් පුවත් පළ වී ඇති බව පෙනීයයි. 

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කරුණු පරීක්ෂා කිරීමේ ආයතන ද කරුණු පරීක්ෂා කර වට්ස්ඇප් පණිවුඩයේ ඇති කරුණුවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව තහවුරු කර ඇත. 

එම සබැඳ මෙතැනින්, 

ප්‍රංශ පුවත් සේවය – https://tinyurl.com/5dchau38 

යූරෝ පුවත් සේවය – https://tinyurl.com/528abftb

FactCheck.Org – https://tinyurl.com/kztptfkj 

වොයිස් ඔ‌ෆ් ඇමෙරිකා – https://tinyurl.com/5f4htr9z 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …