‘කොවිඩ්-19’ වයිරසයේ ලැම්බ්ඩා (Lambda) ප්‍රභේද එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන බවට නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැහැ.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ සම්බන්ධයෙන් දෛනිකව තොරතුරු සිය දහස් ගණනින් වාර්තා වේ. 

‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට ලොවපුරා විද්‍යාඥයන් නිරන්තරයෙන් අධ්‍යයනය සහ පර්යේෂණ සිදු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් දෛනිකව සහ සතිපතා හෝ කලින් කලට හෝ නව තොරතුරු වාර්තා වේ. 

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ ප්‍රභේද රැසක් මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර ඒවායේ අනු ප්‍රභේද, මුල් වයිරසයේ සහ ප්‍රභේදවල වෙනස් වීම් සම්බන්ධයෙන් ද නිරන්තරයෙන් තොරතුරු වාර්තා වේ. 

ලැම්බ්ඩා (Lambda) යනු එලෙස හඳුනාගන්නා ලද ප්‍රභේදයකි. 

මේ සම්බන්ධයෙන් ඉකුත් දිනවල මෙරට ප්‍රවෘත්ති පත්‍රවල, ප්‍රවෘත්ති නාලිකාවල සහ සමාජ මාධ්‍යවල විවිධ පුවත් සහ වාර්තා පළ විය. 

ඒවායින් කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහත දැක්වේ. 

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ ලැම්බ්ඩා (Lambda) ප්‍රභේදය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැහැදිලි කිරීමක් කරන ලදි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් ගිණුමේ එය පළ කර තිබේ. ඊට අදාළ සබැඳිය, (link) 

මෙතැනින්, https://tinyurl.com/tyyyntud

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් ලැම්බ්ඩා (lambda) ප්‍රභේදය හඳුනාගෙන නොමැත. (අගෝස්තු 3 වැනිදා වනවිට)

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ්-19 රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා යන අය ඒ බව තහවුරු කළහ. 

සිය විද්‍යාගාරයෙන් ලැම්බ්ඩා (lambda) ප්‍රභේදය හඳුනාගෙන නැති බව ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ද මේ බව තහවුරු කළේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය ලැම්බ්ඩා (lambda) ප්‍රභේදය “දැඩි අවධානයක් යොමු කළ යුතු” (variant of concern) ප්‍රභේදයක් ලෙස නම් කර නොමැත. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට “දැඩි අවධානයක් යොමු කළ යුතු” (variant of concern/voc) ප්‍රභේදය ලෙස නම් කර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය යි. එම කාණ්ඩයට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ ඇල්ෆා (Alpha), බෙටා (Beta), ගැමා (Gamma) යන ප්‍රභේද ද ඇතුළත් වේ. 

මීට අදාළ විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. 

මෙතැනින්, https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/ 

කෙසේ නමුත් විදෙස් ප්‍රවෘත්ති වාර්තාවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාවලට අනුව මේ වනවිට ලොවපුරා වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් වැඩිදෙනකුට ආසාදනය වී ඇත්තේ ‘ඩෙල්ටා’ ප්‍රභේදය යි. 

ඊටා (Eta), අයෝටා (Iota), කැප (Kappa), ලැම්බ්ඩා (Lambda) යන නව කොරෝනා වයිරසයේ (කොවිඩ්-19) වයිසරයේ ප්‍රභේද අයත් වන්නේ “තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ප්‍රභේද ගොන්නට ය. 

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 වයිරසයේ ප්‍රභේද ඒවා සොයාගත් මුල්රටවලට වෙනස් කොට සැලකීමක් හෝ අසාධාරණයක් හෝ සිදුවීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එම ප්‍රභේද ග්‍රීක හෝඩියේ අක්ෂරවලට අනුව පිළිවෙළින් නම් කිරීමට පියවර ගෙන ඇත. 

ඒ පිළිබඳ සියලු තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. 

මෙතැනින්, https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

මෙතැනින්, ‍‍‍https://www.who.int/news/item/31-05-2021-who-announces-simple-easy-to-say-labels-for-sars-cov-2-variants-of-interest-and-concern 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් මෙම දත්ත හා තොරතුරු යාවත්කාලීන කරන අතර ඒවාට සමාජ මාධ්‍ය ඔස්සේ ද පහසුවෙන් පිවිසිය හැකි ය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය සහ යුරෝපා සංගමයේ රෝගා නිවාරණ හා පාලන මධ්‍යස්ථානය ද මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන කිරීම් සිදු කරයි. 

යුරෝපා සංගමයේ රෝගා නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ යාවත්කාලීන කිරීම, 

මෙතැනින්, https://www.ecdc.europa.eu/en/covid-19/variants-concern 

ලැම්බ්ඩා (Lambda) ප්‍රභේදය මුල් වරට හඳුනාගැනුණේ 2020 වසරේ දී ය. 

ඒ පේරු රාජ්‍යයෙනි. 

අල්ජසීරා පුවත් සේවයේ ජූලි 27 වැනිදා පළවු වූ ලැම්බා (Lambda) ප්‍රභේදය පිළිබඳ සවිස්තර ප්‍රවෘත්ති වාර්තාවට අනුව මෙම ප්‍රභේදය මේ වනවිට රටවල් 28කට ව්‍යාප්ත වී තිබේ. 

අල්ජසීරා පුවත් වාර්තාව මෙතැනින්, https://tinyurl.com/3jjay6zw 

ලැම්බ්ඩා (Lambda) ප්‍රභේදය සම්බන්ධයෙන් මෙරට ප්‍රවෘත්ති පත්‍රවල, ඇතැම් ප්‍රවෘත්ති නාලිකාවල සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වාර්තාවල පළ වූයේ මෙම ප්‍රභේදය කිසිදු ‘කොවිඩ්-19’ මර්දන එන්නතකට ඔරොත්තු නොදෙන බව ය. 

එය ජනතාව නොමඟ යැවීමක් යැයි පෙන්වාදිය හැකි ය. 

“නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදවලින් එන්නත්වලට, රෝග විනිශ්චිය පරීක්ෂණ සහ අනෙකුත් මෙවලම්වලට බලපෑමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයන සිදුකෙරමින් තිබෙනවා. දැනට පවතින තොරතුරු අනුව සෑම එන්නතක්ම නව කොරෝනා වයිරසයේ දරුණුම තත්ත්ව සහ රෝහල් ගත කිරීම්වලට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කළේය. 

එන්නත්කරණය ඉතා වැදගත් බව මහජන සෞඛ්‍ය විශේෂඥයන් ද ඇතුළු සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. 

එන්නත්කරණයට ලක් කිරීමෙන් පසු ද නව කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බව දැනට තහවුරු වී තිබේ. 

එනමුත් එන්නත්කරණයට ලක්වීම තුළින් වයිරස ආසාදනය වුව ද දරුණු සංකූලතා ඇතිවීම, තත්ත්වය නරක අතට හැරීම/දරුණු වීම හෝ රෝහල් ගත කිරීම් අවම වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති. 

එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වයිරසය ආසාදනය වී ඇති බවත් එහෙත් එන්නත්කරණයට ලක්වීම නිසා ඔවුන්ගේ අසනීප තත්ත්වය නරක අතට හැරීම වැළැකී ආකාරයත් මෙම ලිපියෙන් පැහැදිලි කර ඇත. 

එන්නත්කරණයෙන් වැදගත්කම බව ද මෙමඟින් පෙන්වා දී ඇත.

රොයිටර්ස් පුවත් සේවය සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විශේෂඥ මත උපුටා දක්වමින් මෙම ලිපිය සකස් කර ඇත. 

ලිපියට මෙතැනින්, https://tinyurl.com/3nj65yvb

එන්නත්කරණයේ වැදගත්කම, 

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය, 

මෙතැනින්, https://tinyurl.com/yrxhuaz5

එන්නත්කරණයේ වැදගත්කම, ඊට අදාළ සියලු තොරතුරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී ඇති එන්නත් ආදී සියලු තොරතුරු පහත සබැඳිවලින් ලබාගත හැකි ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව මෙම විස්තර දක්වා ඇත. 

මෙතැනින්, https://www.who.int/news-room/feature-stories/detail/getting-the-covid-19-vaccine

මෙතැනින්, https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/covid-19-vaccines/advice 

කොවිඩ්-19 වසංගතය සහ එන්නත්කරණයට අදාළ සියලු විස්තර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ද සිය වෙබ් අඩවියේ පළ කර ඇත. එම සියලු තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් වේ. 

මෙතැනින්, https://www.who.int/srilanka

සහ මෙතැනින්,  https://www.who.int/srilanka/covid-19 

  • මේ අතර ලැම්බ්ඩා (Lambda) ප්‍රභේදය ‘කොවිඩ්-19’ වයිරසයේ මුල් ප්‍රභේදවලට වඩා එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බව විද්‍යාගාර පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ජපානයේ පර්යේෂකයෝ පිරිසක් පවසති. මේ සම්බන්ධයෙන් වන පර්යේෂණ පත්‍රිකාව මෙහි https://www.biorxiv.org/content/10.1101/2021.07.28.454085v1 පළ කර ඇත.
  • කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ශාස්ත්‍රීය සමාලෝචනයක් කර නොමැති අතර මෙම පර්යේෂණය ද තවමත් ඇත්තේ මුල් අදියරේ ය.  මීට අදාළ ප්‍රවෘත්තිය මෙතැනින්, https://tinyurl.com/aakp4wup

සැලකිය යුතු යි ; ‘කොවිඩ්-19’ මර්දන එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත්ත ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වෙමින් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ද මුඛ ආවරණ පැලඳීම, දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම යනාදී වයිරස පාලන සෞඛ්‍ය පිළිවෙත් සහ මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය වේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය ද මෑතකදී සිය උපදෙස් යාවත්කාලීන කළේ ය. 

ඒ අනුව සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් ද එළිමහනේ දී පොදු ස්ථානවලදී මුඛ ආවරණය පැලඳිය යුතු යැයි නිර්දේශ කළේය. 

මෙතැනින්, https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/fully-vaccinated-guidance.html 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …