නව කොරෝනා වයිරසයට ප්‍රතිකාර යනුවෙන් සමාජ මාධ්‍ය පළ වන බෙහෙත් වට්ටෝරු පිළිගත් ඒවා නොවේ. / අත්දුටු නොවේ.

මෙරටින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන් (කොවිඩ්-19) ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත ලෙස ඉහළ යමින් තිබේ. ඊට අමතරව දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත මරණ ගණන ද වැඩි වෙමින් තිබේ. ඒ අතරවාරයේ දී ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පළ වන වාර්තා, පුවත් යනාදිය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. 

මේ අතරවාරයේ දී නව කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ආයුර්වේද ඖෂධ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළත් වට්ස්ඇප් ඇතුළු පණිවුඩ ජාල තුළත් විවිධ සටහන් (Posts) සහ පණිවුඩ හුවමාරු/සංසරණය (share) වනු දක්නට ලැබිණි. 

එසේ සංසරණය වූ ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් (screenshots) කිහිපයක් පහත දැක්වේ. 

‘කොවිඩ්-19’ සුව කිරීම සහ වැළැක්වීම ට අදාළව නිශ්චිත වශයෙන් හඳුනානොගත් ආයුර්වේද වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් ජනතාව නොමඟ යන බවත් ඒ සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සභාව අවධානයෙන් සිටින බවත් එම සභාව 2021 මැයි මස 06 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්විණි. 

එම නිවේදනය පහතින් දැක්වේ. 

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්.ඩී.ජේ අබේගුණවර්ධන සහ නාවින්න ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් රුහුණගේ යන මහත්වරුන්ගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලදි. 

එහිදි අදහස් දැක්වූ ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම් ඩී ජේ අබේගුණවර්ධන මහතා මෙසේ පැවැසීය. 

“දැනට නව කොරෝනා වයිරසයට සම්බන්ධව ප්‍රතිකාරයක් ඖෂධයක් හෝ ඖෂධ සහායකයක් තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුයි. ඒ සඳහා අප දෙපාර්තමේන්තුව විසින් “සුත්‍ර කමිටුව” ලෙස කමිටුවක්ද පත් කර තිබෙනවා. එසේ ලියාපදිංචි නොකරන කිසිදු ඖෂධයක්, ආහාර අතිරේකයක් හෝ පාන වර්ගයකට අප කොමිසම විසින් අනුමැතිය ලබා දෙන්නේ නැහැ.

එමෙන්ම මේ වන විට නව කොරෝනා වයිරසයට රෝගයට අදාළ ඖෂධ වර්ග 16ක් නිෂ්පාදනය කිරීම සඳහා අනුමතිය ලබා දී තිබෙනවා. එහි ඖෂධ වර්ග දෙකක් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් සහ එකක් ආයුර්වේද සංස්ථාවෙන් නිෂ්පාදනය වන අතර ඉතුරු 13 පෞද්ගලික අංශයෙන් නිෂ්පාදනය වනවා.

මේ වන විට දුරකථන අංක 25 ක් ඔස්සේ ජනතාවට ද මේ සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක තොරතුරු ලබා ගනීමට හැකියාව තිබෙනවා. අපි ඒ සඳහා ද විශේෂ ඒකක ස්ථාපිත කර තිබෙනවා. 1919රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය හරහා හෝ අනිකුත් දුරකථන අංක හරහා මහජනතාවට මෙම උපදෙස් ලබා ගැනීමට පුළුවන්.

දිවයින පුරා ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් 1500 ට ආසන්න ප්‍රමාණයක් නිවාරණ කටයුතු සහ ජනතාවට උපදෙස් දීමේ කටයුතුවල යෙදී තිබෙනවා. මහජනතාවට තමන්ගේ කොට්ඨාශය භාර ප්‍රජා සෞඛ්‍යය නිලධාරියා හා සම්බන්ධ වීමටද හැකියාවක් තිබෙනවා. මේ නිසා ඔබ ආයුර්වේද යයි පවසන කිසිදු ව්‍යාජ බෙහෙත් වට්ටෝරුවකට රැවටෙන්නට එපා. පිළිගත් වෛද්‍යවරයකු ළඟට ගොස් අදාළ උපදෙස් ලබාගන්න.”

අප කළ විමසීමට පිළිතුරු දුන් නාවින්න ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් රුහණුගේ මහතා මෙසේ කීය. 

“නව කොරෝනා වයිරසය සඳහා ආයුර්වේද් දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය දී ඇති ඖෂධ වර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී එම ඖෂධවලට නව කොරෝනා වයිරසය සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාවක් තිබෙන බව අපට නිශ්චිතව කියන්න අපහසු යි. 

කොහොම නමුත් අපගේ ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවල තිබෙන ඖෂධ බොහෝ දුරට මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩිකිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ අප ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමෙන් නව කොරෝනා වයිරසය යනාදියට ඔරොත්තු දීමේ හැකියාව අපගේ ශරීරයේ ඇතිවනවා.

එවගේම දැනට තිබෙන රෝග ලක්ෂණ අපට සංසන්දනය කරන්න පුළුවන් පැරණි ග්‍රන්ථ වල තිබෙන ජොර රෝග එක්ක, ජොර යනු උණ රෝගය.

එසේ ග්‍රන්ථ වල සදහන් වන ප්‍රතිකාර පද්ධතිය තමයි අපි නාවින්න ආයුර්වේද පරීක්ෂණ මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් සඳහා යොදවන්නේ.

එහෙත් මේ වන විට සමාජ මාධ්‍ය වල සැරිසරන ඇතැම් ආයුර්වේද බෙහෙත් වට්ටෝරු ඉතාමත් අහිතකරයි. උදාහරණයට සමහරක් බෙහෙත් අනවශ්‍ය ප්‍රමාණයෙන්, හොඳයි කියා සිතමින් එම වට්ටෝරුවට එකතු කිරීමට පුළුවන්. එවිට එය ප්‍රමිතියකින් තොරයි.

තවත් සමහර පුද්ගලයන් විවිධ තැන්වලින් ලබාගත් බෙහෙත් වට්ටෝරු එකට මිශ්‍රකර ලෙඩ සුවකළ හැකි බෙහෙත් යයි පවසමින්, සමාජ මාධ්‍ය වල පළකරනවා. යටිනාරං, සාදික්කා, වෙනිවල් ගැට මෙවැනි දේශීය ඖෂධ ඇත්තටම හොදයි. නමුත් ඒවායේ එකතු කිරීමේ ප්‍රමිතියක් සහ ප්‍රමාණයක් තියෙනවා. මේ ගැන නිසි අවබෝධයක් තියෙන්නේ ආයුර්වේද සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති වෛද්‍යවරයෙකුට පමණයි. උදාහරණයට, යටිනාරං සහ ගම්මිරිස් එකට මිශ්‍ර කරපු වට්ටෝරුවක් මං දැක්කා. නමුත් ගම්මිරිස් සහ යටිනාරං සම ප්‍රමාණයෙන් මිශ්‍ර කරන්නට බැහැ.

අවසානයට සමාජ මාධ්‍ය වල තිබෙන විවිධ වට්ටෝරු පාවිච්චි කිරීම ගැන අපට වගකීමක් ගන්නට බැහැ. එසේ එම වට්ටෝරු පාවිච්චියට ගැනීම සම්බන්ධයෙන් ඔබ පරෙස්සම් විය යුතුයි. ඔබ නිතර උපදෙස් ගැනීමේදී, විශ්වාසවන්ත පිළිගත් වෛද්‍යවරයකුගෙන් ඒවා ලබා ගැනීම වඩාත් සුදුසු වෙනවා. 

ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එහි වෛද්‍යවරයෙකු අපට මෙසේ කීය. 

“නව කොරෝනා වයිරස ආසාදිතයන් කිහිපදෙනකු දැනට රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ සහ නාවින්න ආයුර්වේද ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට සම්පූර්ණයෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතර බටහිර ප්‍රතිකාරද අවශ්‍ය වුණත් වෛද්‍යවරයකු රාජකාරියේ යොදවා තිබෙනවා. එමෙන්ම මේ වන විට රෝගීන් පනස්දෙනකු පමණ සුව වී පිටව ගොස් තිබෙනවා. 

නව කොරෝනා වයිරසයට අදාළව ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ආයුර්වේද මාර්ගෝපදේශ සංග්‍රහ දෙකක් නිකුත් කර ඇති අතර ඊට පහත සබැඳියෙන් (Link) පිවිසිය හැකිය . 

මෙතැනින්, https://tinyurl.com/57ft5k24

මෙතැනින්, https://tinyurl.com/57ft5k24 

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද එම වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුවෙන් ද මීට අදාළව තොරතුරු රැසක් ලබාගත හැකි ය. 

මෙතැනින්, http://www.ayurveda.gov.lk/home

මෙතැනින්, https://tinyurl.com/5ue7say9 

මේ අතර නව කොරෝනා වයිරසයට අදාළව (කොවිඩ්-19 වසංගතය) ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ප්‍රතිශක්ති වර්ධක ඖෂධීය නිෂ්පාදන 14ක් තිබේ. එම ප්‍රතිශක්ති වර්ධක ඖෂධීය නිෂ්පාදන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර තිබේ. 

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ. 

 මෙතැනින්, 

http://www.ayurveda.gov.lk/home

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට තවමත් ප්‍රතිකාරයක් හෝ ඖෂධක් සොයාගෙන නැත.

මේ සම්බන්ධයෙන් අප මීට කලින් කරන ලද විමසීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදුන් ප්‍රතිචාරය මෙහි දැක්වේ. 

“තවමත්/මේ වනවිට ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් නොමැත. ඔබට ‘කොවිඩ්-19’ වයිරස රෝග ලක්ෂණ ඇතිනම් ළඟම සෞඛ්‍ය සේවා සපයන්නා හෝ ‘කොවිඩ්-19’ හදිසි ඇමතුම් සේවාව අමතන්න. ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආරක්ෂා වීමට ඔබට ඇති හොඳම ක්‍රමවේද වන්නේ මහජන සෞඛ්‍ය සහ සමාජ පිළිවෙත්/ක්‍රියාමාර්ග අනුගමනය කිරීම – හැකිතාක් ඉක්මනින් ‘කොවිඩ්-19’ මර්දන එන්නත ලබාගැනීම, මුඛ ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම, කායික සනීපාරක්ෂාව පවත්වාගෙන යෑම, වාතාශ්‍රය වැඩි කිරීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන/වැසුණු සහ සීමාසහිත/සංවෘත ස්ථාන මඟහැරීම/නොයෑම, සහ සමාජ මිශ්‍රණය/සමාජය සමඟ මුසු වීම සීමා කිරීම යනාදිය යි. සමබල ආහාර වේලක් ලබාගැනීම/පවත්වාගෙන යෑම, ජාලය පානය කිරීම, නිතිපතා ව්‍යායාම කිරීම සහ හොඳින් නිදාගැනීම තමන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට ඉතා හොඳ ය”. 

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයට මේ මොහොතේ ඇති එකම විකල්පය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අංශ, බලධාරීන් පෙන්වා දී ඇත්තේ එන්නත්කරණය යි. 

එන්නත්කරණය සම්බන්ධයෙන් වැඩි විස්තර පහත සබැඳිවලින් ලබාගත හැකි ය. 

ඔබ ‘කොවිඩ්-19’ එන්නත ලබාගත්ත ද ඊට පසුත් සෞඛ්‍ය පිළිවෙත්, මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය වේ. 

මෙතැනින්, 

https://drive.google.com/file/d/13hgrgAUlO8ClVPWyfaK2pdq2-SHn-hgq/view

https://drive.google.com/file/d/1mgkV981MAzpMi0-ZAu_G-OpmioHBzCEm/view

https://sites.google.com/view/hpb-vaccination/covid-19-%E0%B6%91%E0%B6%B1%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …