පළාත් පාලන ඡන්ද විමසීමේ ජයග්‍රාහකයා කවුදැයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් ද ?

‘අද දෙරණ’ මාධ්‍ය ආයතනය මෙවර මැතිවරණයට අදාළව සමීක්ෂණයක් කළා ද ?

‘විකිපීඩියා කියන්නෙත් රටම මේ පාර මාලිමාවට කියලම තමයි..!’ යනුවෙන් දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 

මෙම සටහනේ විකිපීඩියා වෙබ් අඩවියට අදාළ සබැඳියක් සහ ‘අද දෙරණ’ මාධ්‍ය ආයතනයේ යැයි හැඟවෙන ඡායාරූපයක් ද දක්නට ලැබිණි. 

විකිපීඩියා වෙබ් අඩවිය ඔස්සේ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තොරතුරු ඇතුළත් කරමින් වෙබ් පිටුවක් නිර්මාණය කර තිබේ. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව ‘අද දෙරණ’ මාධ්‍ය ආයතනය පූර්ව මැතිවරණ සමීක්ෂණයක් සිදු කර ඇති බව ද විකිපීඩියා ලිපියේ සඳහන්ව තිබේ. 

කෙසේ නමුත් අද දෙරණ මාධ්‍ය ජාලය පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමීක්ෂණයක් සිදු කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෝ සාක්ෂි හෝ නොමැති නිසා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසා බැලීය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයෙන් විමසීමක් කළ අතර‌ මෙවැනි සමීක්ෂණයක් සිදු නොකළ බව දෙරණ මාධ්‍ය ජාලය සඳහන් කළේ ය. 

විකිපීඩියා (Wikipedia) යනු අන්තර්ජාලයේ තිබෙන, අන්තර්ජාල විශ්වකෝෂයකි (Online Encyclopedia). අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම පුද්ගලයකුට විකිපීඩියා වෙබ් අඩවියේ විවිධ මාතෘකා, සිදුවීම් යනාදී ඕනෑම කරුණකට අදාළව ඇති වෙබ් පිටු යාවත්කාලීන කළ හැකි ය. 

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ව ඇති වෙබ් පිටුව ද මේ ආකාරයෙන් විවිධ පුද්ගලයන් විසින් යාවත්කාලීන කරනු ලැබ තිබේ. විවිධ පුද්ගලයන් විසින් මෙම පිටුව යාවත්කාලීන කර තිබෙන අතර Hiru Aiyya යන පරිශීලක නාමයකින් මෙම ඡායාරූපය ඇතුළත් කර තිබේ. මේ වනවිට අදාළ ගිණුම අක්‍රීය කර ඇත. 

විකිපීඩියා වෙබ් පිටුවලට ඇතුළත් කරන තොරතුරුවලට අදාළ ව මූලාශ්‍ර (Reference) ඇතුළත් කරන නමුත් මෙම ඡායාරූපයට හෝ විස්තරයට හෝ අදාළ ව කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැත. 

විකිපීඩියා යනු මුල් මූලාශ්‍රයක් වුවත් එය පිළිගත් හෝ විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස භාවිත නොකරේ. 

මේ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළ ව විකිපීඩියෝ හෝ එහි සඳහන් පරිදි දෙරණ මාධ්‍ය ජාලය හෝ සමීක්ෂණයක් සිදු කර නොමැති බව නිගමනය කළ හැකි ය. එසේ සමීක්ෂණයක් සිදු කළා යැයි සඳහන් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ද නොමැත. 

මේ අතර 2023 ජනවාරි මස 4 වැනිදා නිකුත් කළ මාධ්‍ය උපමානවලට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයේ ද මේ බව සඳහන් කර ඇත. එම අති විශේෂ ගැසට් පත්‍රයේ 3.11 සහ 2.18 මාධ්‍ය උපමානවල ඒ බව පැහැදිලිව දක්වා ඇත. මෙතැනින්

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …