පෞද්ගලික තොරතුරු සොරාගන්නා ෆේස්බුක් පිටු ගැන ඔබ දැනුවත් ද ?

ගූගල් සමාගම සහ වෙනත් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන මෙන් පෙනි සිටිමින් විවිධ පාර්ශව සයිබර් ප්‍රහාර එල්ල කරන බව ඉකුත් දින කිහිපයේ දී දක්නට ලැබිණි. 

කාලයක් මුළුල්ලේ ෆේස්බුක් පිටු (Facebook Page) ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ ෆේස්බුක් පිටු ඒවායේ මුල් නම වෙනස් කර ඇති ආකාරයත් නව නම් ලෙස ගූගල් ආදී ප්‍රකට තාක්ෂණික සමාගම් හෝ ඒවාට සම්බන්ධිත නම් අලුත් නම් ලෙස යොදා ඇති ආකාරයත් නිරීක්ෂණය විය. 

ඇතැම් ෆේස්බුක් පිටු මෙලෙස වෙනස් කර ඇත්තේ ඔවුන්ගේ ෆේස්බුක් පිටු සත්‍යාපනය කරගෙන (Verified) ඇති නම් ය. එමෙන්ම මෙවැනි බොහෝමයක් ෆේස්බුක් පිටුවලට විශාල ග්‍රාහක පිරිසක් සිටින අයුරු ද දක්නට ලැබිණි. 

ඉන් අනතුරුව මෙම ෆේස්බුක් පිටු විවිධ ක්‍රමවේද මඟින් පෞද්ගලික/රහස්‍ය තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන ආකාරයත් පෞද්ගලික ගිණුම් හැක් කර (Hack) ඇති බවත් දක්නට ලැබිණි. 

එවැනි ෆේස්බුක් පිටු කිහිපයක තිර ඡායාරූප (screenshots) පහතින් දැක්වේ. 

මේ ආකාරයේ සිදුවීම් ගණනාවක් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණු අතර මේ හා සමාන සිදුවීමකට අදාළව හෑෂ්ටැග් පරපුර කරුණු පරීක්ෂාවක් කරන ලදි.  මෙතැනින් 

මේ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල තිබෙන සත්‍යාපනය කළ (verified) නිල් පැහැති හරි ලකුණ සහිත (blue tick) ගිණුම් සහ පිටු ද විශ්වාස කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

මේ ආකාරයෙන් සත්‍යාපනය කළා යැයි කියන ෆේස්බුක් පි‌‌‌‌ටු හරහා සමාජ ජාල පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සිදුවීම් ගැන ඉහතින් ද සඳහන් කර ඇත. 

සත්‍යාපනය කළ බව කියන ෆේස්බුක් පිටුවක් තවදුරටත් තහවුරු කරගැනීමේ සඳහා අදාළ පිටුවේ විස්තරය (About) වෙත යෑමෙන් ද ෆේස්බුක් පිටුවල විනිවිදභාවය (Page Transparency) යනාදී පහසුකම් භාවිත කළ හැකි ය. 

මීට අදාළව ෆේස්බුක් සමාගම ලබා දී ඇති කෙටි පැහැදිලි කිරීමක්, මෙතැනින්

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙනී සිටියා යැයි කියන ප්‍රකාශ අසත්‍ය යි.

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය, ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඇය මැයි මස 29 …

Fact Check

‘කුඩා දරුවකුට පහර දෙන විඩියෝව’ මහජනතාව නොමඟ යවයි.

කුඩා දරුවකු ඇදගෙන ගොස් පහර දෙන විඩියෝවක් ඉකුත් දින කිහිපයේ දීම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට …

Fact Check

උණට කෙරෙන ප්‍රතිකාර ගැන කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

සාමාන්‍ය වෛරස උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා යන උණ රෝග මේ දිනවල බහුලව පැතිර යමින් තිබේ. එවැනි අවස්ථාවල ගත යුතු ප්‍රතිකාර …

Fact Check

சிறுவர்களை கடத்திச் சென்று கொலை செய்வதாக சமூக வலைத்தளங்களில் காணொளி ஒன்றுடன் பகிரப்படுகின்ற செய்தி போலியானது.

வவுனியா பிரதேசத்தில் இரு குழந்தைகள் கடத்தப்பட்டு அவர்கள் கொலை செய்யப்படுகின்ற காட்சி என சித்தரிக்கின்ற காணொளி ஒன்று வாட்ஸ்அப்(WhatsApp) சமூக வலைத்தளங்களில் பகிரப்பட்டு வருகின்றது. அத்துடன் முல்லைத்தீவு …

Fact Check

අශ්‍රෆ් හකිමිගේ සියලු වත්කම් මවගේ නමට යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

මොරොක්කෝ පාපන්දු ක්‍රීඩක අශ්‍රෆ් හකිමි සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රේල් මාසය මුළුල්ලේ විශාල කතාබහක් ඇති වී තිබිණි. අශ්‍රෆ් හකිමිගේ …

Fact Check

“පොස්ටිනෝ බිව්වාම ලස්සන වෙනවා” යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

“ලස්සන වෙන්න මේ බෙහෙත බීලා නැති ගෑල්ලමයෙක් ඉන්නවා නම් මම හෙට උනත් බදිනවා” පොස්ටිනෝර් (Postinor) උපත් පාලන පෙති සම්බන්ධයෙන් ඉකුත් …