Fact Check: මේ වසංගත සමයේ ඔබට ලැබෙන තොරතුරු නිවැරැදි ද?

#Clarification

මේ වසංගත සමයේ ඔබට ලැබෙන තොරතුරු නිවැරැදි ද?

ඔබට ලැබෙන තොරතුරු වරක් දෙවරක් නොව කිහිපවරක්ම පරීක්ෂා කරන්න.

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය අවදානම් තත්ත්වයකට පත්ව ඇත. එරට තුළ ඔක්සිජන් හිඟයක් ඇති බවට දිගින් දිගටම පුවත් වාර්තා විය. 

ශ්‍රී ලංකාවේ ද ඇතැම් රෝහල්වල ඔක්සිජන් හිඟයක් ඇති බවට පුවත්පත් ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ද ඒවා උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ද පුවත් වාර්තා කර තිබිණි. 

එපමණක් නොව රෝහල්වල ඇඳන් සම්බන්ධයෙන් ද ප්‍රවෘත්ති පළ වී තිබිණි. 

මෙම ‘කොවිඩ්-19’ වසංගත සමයේ දී වයිරසයෙන් මෙන් අසත්‍ය පුවත් පැතිරෙමින් තිබෙන අතර ව්‍යාජ තොරතුරු සහ දුස් තොරතුරු අනාවරණය කිරීම අප සියලු දෙනාගේ වගකීමකි. 

ඔක්සිජන් හිඟය සම්බන්ධයෙන් පළ වූ තිබූ ෆේස්බුක් සටහන් (post).

සබැඳිය- https://www.facebook.com/chaturaAalwis/posts/287610619587359

මේ ආකාරයෙන් බොහෝ වෙබ් අඩවිත් සමාජ මාධ්‍යවලත් මේ ආකාරයෙන් ඔක්සිජන් හිඟයක් සම්බන්ධයෙන් පුවත් පළ වී තිබිණි. 

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේත් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබිණි. 

මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වී තිබිණි. 

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර දැඩි සත්කාර සහ ඔක්සිජන් සම්බන්ධයෙන් දැක්වූ අදහස්. 

8.26 මිනිත්තුවේ සිට

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ සම්බන්ධයෙන් පළ කළ අදහස්.

9 වැනි මිනිත්තුවේ සිට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

20.25 මිනිත්තුවේ සිට

ඒ සම්බන්ධයෙන් තවදුරටත්,

12 වැනි මිනිත්තුවේ සිට

මේ පුවත් පළ වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබිණි.

2021 අප්‍රේල් 27 දාතම යටතේ එය නිකුත් කර තිබිණි.

‘කොවිඩ්-19’ රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නිවේදනය මඟින් අවධාරණය කර තිබිණි.

එහි කොටසක් පහත දැක්වේ.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය,

සබැඳිය- https://www.facebook.com/DepartmentOfGovernmentInformation/photos/a.419309304849275/3912784925501678/

මේ දැනට රජය දරන ස්ථාවරය යි.

මේ ඉන් අනතුරුව පළ වූ පුවතක්.

පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සෑම විටම තිබෙන සංඛ්‍යා දත්ත ඉක්මනින් වෙනස් විය හැකි ය. 

අප ජීවත් වෙමින් සිටින්නේ ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ යුගයක ය. එබැවින් එසැණින් අපට තොරතුරු ගලා එයි. අපට ග්‍රහණයට කරගන්නට බැරි තරම් තොරතුරු ප්‍රමාණයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය, පණිවුඩ ජාල සහ මනුෂ්‍ය සම්බන්ධතා ඔස්සේ අප වෙත ගලා එයි.

තොරතුරු ගලා එන වේගයට ඒවායේ නිරවද්‍යතාව තහවුරු කරගැනීමට අපට කාලයක් නැති තරම් ය. 

විශේෂයෙන්ම ‘කොවිඩ්-19’ වසංගතය වේගයෙන් පැතිර යමින් තිබෙන මෙවැනි කාලයක වෙනදාටත් වඩා වේගයකින් අප වෙත තොරතුරු ගලා එයි. 

ඒ සෑම විටම ඒවායේ නිරවද්‍යතාව තහවුරු කරගැනීම සියලු දෙනාගේ ආරක්ෂාවටත් නිවැරැදි තීරණ ගැනීමටත් හේතුවනු ඇත. 

එබැවින් ඔබට ලැබෙන තොරතුරු සෑම විටම මූලාශ්‍ර කිහිපයකින් තහවුරු කරගන්න. 

එම තොරතුරු වරක් දෙවරක් නොව කිහිපවරක්ම පරීක්ෂා කරන්න. 

ඔබට ලැබෙන තොරතුරු හරස් පරීක්ෂාවට ලක් කරන්න.

#checkyourfacts #crosscheck

ඒ සඳහා මෙම වෙබ් අඩවි පහසුවක් වනු ඇත.

https://www.epid.gov.lk/web/

https://www.hpb.health.gov.lk/en

https://covid19.gov.lk/

Share this post

Related Projects

Fact Check

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙනී සිටියා යැයි කියන ප්‍රකාශ අසත්‍ය යි.

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය, ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඇය මැයි මස 29 …

Fact Check

‘කුඩා දරුවකුට පහර දෙන විඩියෝව’ මහජනතාව නොමඟ යවයි.

කුඩා දරුවකු ඇදගෙන ගොස් පහර දෙන විඩියෝවක් ඉකුත් දින කිහිපයේ දීම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට …

Fact Check

උණට කෙරෙන ප්‍රතිකාර ගැන කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

සාමාන්‍ය වෛරස උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා යන උණ රෝග මේ දිනවල බහුලව පැතිර යමින් තිබේ. එවැනි අවස්ථාවල ගත යුතු ප්‍රතිකාර …

Fact Check

சிறுவர்களை கடத்திச் சென்று கொலை செய்வதாக சமூக வலைத்தளங்களில் காணொளி ஒன்றுடன் பகிரப்படுகின்ற செய்தி போலியானது.

வவுனியா பிரதேசத்தில் இரு குழந்தைகள் கடத்தப்பட்டு அவர்கள் கொலை செய்யப்படுகின்ற காட்சி என சித்தரிக்கின்ற காணொளி ஒன்று வாட்ஸ்அப்(WhatsApp) சமூக வலைத்தளங்களில் பகிரப்பட்டு வருகின்றது. அத்துடன் முல்லைத்தீவு …

Fact Check

අශ්‍රෆ් හකිමිගේ සියලු වත්කම් මවගේ නමට යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

මොරොක්කෝ පාපන්දු ක්‍රීඩක අශ්‍රෆ් හකිමි සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රේල් මාසය මුළුල්ලේ විශාල කතාබහක් ඇති වී තිබිණි. අශ්‍රෆ් හකිමිගේ …

Fact Check

“පොස්ටිනෝ බිව්වාම ලස්සන වෙනවා” යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

“ලස්සන වෙන්න මේ බෙහෙත බීලා නැති ගෑල්ලමයෙක් ඉන්නවා නම් මම හෙට උනත් බදිනවා” පොස්ටිනෝර් (Postinor) උපත් පාලන පෙති සම්බන්ධයෙන් ඉකුත් …