ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳව පවතින විවිධ ගැටලුකාරී තත්ත්ව පිළිබඳ සලකා බැලීමේ දී කාන්තාවන්ගේ රැකියා නියුක්තිය හා ඔවුන්ට රැකියාවක නියැලීම සඳහා අවැසි සෙසු පහසුකම් ලබාදීම සම්බන්ධව රික්තක හා නොවිසඳුණු ගැටලු රාශියක් පවතින බව පෙනී යයි. එහෙත්කොවිඩ් – 19 තත්ත්වය හා සෙසු ආර්ථික සමාජීය කරුණු හේතුවෙන් දිනෙන් දින අධික ණය බරකින් යුක්ත රාජ්‍යයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව තුළ වැඩිම ආාර්ථික උත්පාදනයක් ගෙන එනු ලබන්නේ ද කාන්තාවන් වුව ද, ඔවුන්ට ඒ සඳහා සුදුසු අවකාශයක් හා ප්‍රවේශයක් ලබාදෙන්නේ ද යන්න පිළිබඳව ගැටලු සහගත ය. රටක ආර්ථිකය නගා සිටුවාලීමට නම් ශක්තිමත් ශ්‍රම බලකායක් තිබිය යුතු අතර එකී ශ්‍රම බලකායට සිය රැකියා හෝ ව්‍යවසා පහසුවෙන් සිදුකරලීමට අවශ්‍ය සෙසු පහසුකම් ලබාදීමත් රජයේ හා පෞද්ගලික අංශයේ වගකීම විය යුතු ය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ රැකියා වියුක්තිය සඳහා පිළිබඳව වන වාර්තා අනුව බොහෝ කාන්තාවන් විවාහයෙන් පසු දරුවන් ලැබීම හේතුවෙන් රැකියා මගින් වියුක්ත වන බව පෙනී යයි.1 එසේ නොවන අවස්ථාවලදී බොහෝ ශ්‍රී ලාංකික ගෘහ ඒකකවල දරුවන් රැකබලාගැනීම සිදු කරනු ලබන්නේ වැඩිහිටි දෙමාපියන් හෝ වෙනත් ඥාති තැනැත්තන් වේ. මෙය සම්ප්‍රදායිකව දරුවන් බලා ගැනීමේ ක්‍රමවේදයකි.
එහෙත්එම විකල්පය නොමැති අවස්ථාවල නූතන මාපියන්ට සිය දරුවන් බලා ගැනීම සඳහා සුදුසු ළමා රැකවරණ පහසුකම් නොතිබීමේ අවසන් ප්‍රතිඵලය ලෙස කාන්තාව සිය රැකියාවට සමුදී දරුවන් රැකබලා ගැනීමේ කාර්යයේ නිරත වීමට යොමුව ඇත. එවන් තත්ත්ව යටතේ උද්ගත වන ගෘහ ඒකකවලආර්ථික ගැටලු හා රටක ආර්ථිකයට ඉන් ඇතිවන බලපෑම මෙතෙකැයි කිසිවකුත් සංඛ්‍යාත්මකව නීර්ණය කර නොමැත.
කාන්තාවන්ගේ රැකියා නියුක්තිය පිළිබඳව දක්වා තිබෙන ප්‍රධාන වාර්තාවක් වන Factors affecting Women’s Labour Force Participation in Sri Lanka හි දක්වා ඇති පරිදි දරුවන් බලාගැනීම සම්බන්ධව දත්ත අන්තර්ගත වගු අංක 1 හි තොරතුරු ඇසුරින් පහත වගුව ගොඩනගා ඇති අතර ඉන් පෙනී යන්නේ පෞද්ගලික අංශයේ හා රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන් යන දෙපාර්ශවයම තවදුරටත් සාම්ප්‍රදායික දරුවන් රැකවරණ ක්‍රම අනුගමනය කරනු ලබන බවත් ඉතා සීමිත සංඛ්‍යාවක් ළමා සුරැකුම් මධ්‍යස්ථාන හා සිය රැකියා ස්ථානවල පිහිටි දරුවන් රැකබලාගනු ලබන මධ්‍යස්ථානයන් ආශ්‍රිතව සිය දරුවන් රැක බලාගනු ලබන බවයි.

ලොව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද කාන්තාවන් හට සිය වෘත්තීන් සිදුකර ගෙන යාමේ දී සිදුවන විවිධ අභියෝග හමුවේ මාතෘත්තවය හා දරුවන් රැකබලා ගැනීම වැනි සාධක හේතුවෙන් ඔවුන්ට රැකියාවල සමාන අවස්ථා අහිමිවීම මෙන්ම රටේ ආර්ථිකය කෙරේ කාන්තාවගේ දායකත්වය ඵලදායී ලෙස ලබාගැනීමට නොහැකිව ඇති බව ද මෙම කරුණු මගින් පෙනී යයි. එමෙන්ම අන්තර්කරණයෙන් යුත් ආර්ථික සංවර්ධනයක් උදාකර ගැනීම යන්න විසිවන සියවසේ ආර්ථික විශේෂඥයන් විසින් අනුදත් ක්‍රමවේදයක් වන අතර ඒ සඳහා ස්ත්‍රීපුරුෂභාවය, ආබාධිතභාවය හෝ වෙනත් හේතු නොසලකා සියල්ලන් හට ආර්ථික උත්පාදන ක්‍රියාවලියට දායකත්වය ලබාදීම සඳහා සමාන ප්‍රවේශයක් සහතික කළ යුතුය. එහෙත් ශ්‍රී ලංකාව වැනි සංස්කෘතිමය සාධක හා පුරුෂාධිපත්‍ය මුල්බැසගත් සමාජයක් තුළ කාන්තාවන්ගේ රැකියා වියුක්තිය කෙරේ දරුවන් ලැබීම හා දරුවන් රැකබලා ගැනීම ආදී සාධක මත රැඳී පවතින බැවින් රැකියා හා ආර්ථිකමය මංපෙත් වෙත කාන්තාවන් හට වන ප්‍රවේශය තහවුරු කරලීම සඳහා ළමා රැකවරණ සඳහා විකල්ප ක්‍රමවේද හෝ නිසි ප්‍රතිපත්ති සම්පාදනයක් සිදුකළ යුතු ව ඇත.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජනගහනය සලකා බැලීමේ දී ගෘහස්ථ කාන්තා ජනගහනය 8,813,903 ක්2 වශයෙන් දක්වා ඇති නමුත් එය පුරුෂ ජනගහනයට වඩා වැඩි සංඛ්‍යාවකි. එහෙත්ශ්‍රම බලකාය පිළිබඳව වන සංඛ්‍යාලේඛන සලකා බැලීමේ දී ප්‍රතිශතයක් වශයෙන් කාන්තාවන්ගේ දායකත්වය 34.5% ක් වන අතර පුරුෂයන්ගේ දායකත්වය ඉහත ප්‍රතිශතය මෙන් දෙගුණයකට ආසන්න අගයක් එනම් 73.0 %ක3 ප්‍රතිශතයක් දක්වා තිබීමෙන් පෙනී යනුයේ කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පිළිබඳව සලකා බැලීමේ දී යම් ඔවුන්ට රැකියාවල නියුක්ත වීමේ දී විවිධ ගැටලු හෝ එසේ නොමැති නම් කාන්තාවන් හට රැකියාවලට ප්‍රවේශ වීම සඳහා බොහෝ බාධා පවතින බවය.
ස්ත්‍රීපුරුෂ වශයෙන් වෙනකරන ලද දත්ත අතුරින් ආර්ථික වශයෙන් අක්‍රිය එනම් ක්‍රියාකාරී නොමැති පිරිස අතරින් ද 73.7% ක් වන කාන්තා ප්‍රතිශතයක් ආර්ථික වශයෙන් අක්‍රීය ලෙස දක්වා තිබීම මගින් ද කාන්තාවන්ගේ රැකියා ප්‍රවේශය හා සුරක්ෂිතභාවය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඉතා යුහුසුළුව යෙදවිය යුතු කාලය එළැඹ ඇති බව අවධාරණය කළ යුතුව ඇත.
කෙසේ වුවද මේ සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී හා අරමුදල් වෙන්කර තිබීම යන්න පිළිබඳවද අවධානය යොමුකිරීමේදී , රජය විසින් 2021 වර්ෂය සඳහා යෝජනා කරන ලද අයවැය වාර්තාව අනුව කාන්තා සංවර්ධනය සඳහා රුපියල් මිලියන 601ක් හා පරිවාස හා ළමා ආරක්ෂණ සේවා සඳහා රුපියල් මිලියන 406ක් පමණක් වෙන් කර තිබීම මත ළමා ආරක්ෂණ සේවාවල කවර තලයක් දක්වා දියුණුවක් අත්පත් කරගත හැකිවේද යන්න සිතීම සංශයකි. එහි පුදුමය දනවන සෙසු වැදගත් කරුණ වනුයේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වන වැය ශීර්ෂ යටතේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 20ක් පමණක් වෙන් කර තිබීම වේ.
උක්ත වැය ශීර්ෂ සළකා බැලීමේ දී සුදු කරපටි රැකියාවල යෙදී සිටින කාන්තාවන් පවා සිය රැකියාවනට සමුදී නිවසේ දරුවන් බලාකියා ගැනීම සඳහා යොමුවීම , සෙසු කාන්තාවන් ළමුන් රැකබලාගැනීම සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්ව හමුවේ නිවසේ රැඳී සිටීම පමණක් නොව විවිධ පුද්ගලයන්, ඥාතීන් හා අසල්වැසියන් යටතේ රැකබලාගනු ලබන දරුවන් කෙතරම් අපචාරවලට නතුව තිබේද යන්න පවා සැලකිය යුතු කරුණකි. එමෙන්ම අධික මිල ගණන් යටතේ පවතින පෞද්ගලික අංශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට වෙත දරුවන් යොමුකිරීමට හැකිවන්නේ ද අතළොස්සක් පිරිසකට පමණක් වන බැවින් රජයේ අධීක්ෂණය යටතේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරලීම සිදුකළ යුතු ය.
නිර්දේශය
- රජයේ අධීක්ෂණයට යටතේ පිළිගත් ක්‍රමවේද අනුව වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගම් මටිටමින් ඇති කරලීම
- සියලු රජයේ ආයතන එනම් රජයේ බැංකු, රෝහල් , පාසල් හා සෙසු සියලු රජයේ ආයතන ආශ්‍රිතව දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරලීම
- රැකියා නොමැතිව විදෙස්ගත වන කාන්තා ශ්‍රමිකයන් වෙත නිසි පුහුණුවක් ලබාදීම මගින් මෙවන් මධ්‍යස්ථාන ආශ්‍රිතව නව රැකියා උත්පාදන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම
- සාධාරණ මුදලක් අයකරගනිමින් සිදුකරනු ලබන මෙවන් මධ්‍යස්ථාන සඳහා රජයේ මුදල් වෙන් කිරීමකින් තොරව නඩත්තු කටයුතු හා සේවක වැටුප් ගෙවීයන ආකාරයට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම
- මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අදාළ ක්ෂේත්‍ර පිළිබඳ උගෙනුම් කටයුතු කර ඇති රැකියා විරහිත උපාධිධාරීන් (උදා – මනෝවිද්‍යාව) එවන් මධ්‍යස්ථාන වෙත අනුයුක්ත කිරීම
- ප්‍රජා වෛද්‍ය නිලධාරීන් හා වෛද්‍ය සිසුන් එවන් මධ්‍යස්ථාන සමග සම්බන්ධ කරලීම තුළින් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සළසාලීම
රජය විසින් 2021 සිට 2030 දක්වා වන දශකය “නිපුණතා සංවර්ධන දශකය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ක්‍රියාකාරී ශ්‍රම බලකාය වෙත වන කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට යෝජනා කර ඇත. එහෙත් යම් ප්‍රතිඵලයක් අත්කරගැනීමට නම් ඊට අවැසි පදනම් සාධක කෙරේ රජය හෝ පෞද්ගලික මෙන්ම කාන්තාවන් පිළිබඳ උද්දේශනය කරනු ලබන්නා වූ කාන්තා සංවිධානවල අවධානය යොමු නොවන්නේ මන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.
සටහන- හෂානි චිත්‍රාංගනී
References:
- 1Gunatilake Ramani, Factors affecting Women’s Labour Force Participation in Sri Lanka, page no 9 , Published by International Lobour Organization.
- 2Sri Lanka Labour Force Survey Annual Report – 2019, page No 7
- 3Sri Lanka Labour Force Survey Annual Report – 2019, LF Participation Rate, page No 7
මෙහි දැක්වෙන අදහස් කර්තෘගේ පූර්ණ අභිමතය මත පළ කරන ලද අතර එය හෑෂ්ටැග් පරපුරෙහි අදහස් හෝ මතවාද නියෝජනය නොකරන ලද බව කාරුණිකව සලකන්න.