ශිහාන් මිහිරංග පුංචි ඡන්දයට ?

ගායන ශිල්පී ශිහාන් මිහිරංග මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින බව සඳහන් කළ ටික්ටොක් (TikToK) විඩියෝවක් එම සමාජ මාධ්‍ය ජාලය තුළ මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වන ආකාරය නිරීක්ෂණය විය. 

මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර ශිහාන් මිහිරංගගෙන් විමසීමක් කළ අතර මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ පණිවුඩයක් යැයි ඔහු සඳහන් කළේ ය. 

කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාවේ මාලඹේ කොට්ඨාසය සඳහා ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ලැයිස්තුවේ ද ඔහුගේ නම ඇතුළත්ව නැත. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් අපේක්ෂක ලැයිස්තුමැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. 

මේ ආකාරයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප සහ විඩියෝ භාවිත කරමින් ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ යැයි ද එසේත් නැතිනම් ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට සහාය ලබාදෙන්නේ යැයි ද සඳහන් කළ ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) පසුගිය කාලයේ දී විශාල වශයෙන් දක්නට ලැබිණි. ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් හෝ පිටුවලට (Facebook Profiles/Pages) මේ සම්බන්ධයෙන් දැනගැනීමට හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ ‘ඔ‌බේ අපේක්ෂකයා දැනගන්න’ පහසුකම ඔස්සේ ඔවුන් මෙවර මැතිවරණයට තරග වදිනවාද නැද්ද යන්න සනාථ කර ගත හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …