සුපිරි වෙළෙඳසැල්වලින් තෑගි, වට්ටම්, වවුචර ලබාදෙන බවට සඳහන් කරමින් හුවවාරු වන පණිවුඩ අසත්‍යයි/ව්‍යාජයි.

සුපිරි වෙළෙඳසැල්වලින් ත්‍යාග, වට්ටම්, තෑගි වවුචර, මුදල් යනාදිය පිරිනමන බව සඳහන් කරමින් විශේෂයෙන්ම Whatsapp වැනි පණිවුඩජාල  සහ ෆේස්බුක් (Facebook) යනාදි සමාජ මධ්‍යය ඔස්සේ පණිවුඩ හුවමාරු විය. 

ඉකුත් දින කිහිපයේ දී මෙම පණිවුඩ වේගයෙන් හුවමාරු වූ අතර Keells (කීල්ස්) සහ Arpico Supercentre (ආපිකෝ සුපර්සෙන්ටර්) යන සුපිරි වෙළෙඳසැල් ජාල මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදන නිකුත් කර තිබිණි. 

මෙලෙස සුපිරි වෙළෙඳසැල්වලින් ත්‍යාග, වට්ටම්, තෑගි වවුචර, මුදල් යනාදිය ලබාදෙන බවට සඳහන් කරමින්  වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු (Share) වූ පණිවුඩ කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහත දැක්වේ. 

එම සබැඳියක (link), ක්ලික් (Click) කළ පසු පහත අයුරින් දැක්වෙන වෙබ් අඩවියකට පිවිසේ. 

Keells (කීල්ස්) සහ Arpico Supercentre (ආපිකෝ සුපර්සෙන්ටර්) සහ Cargills Food City (කාගිල්ස් ෆුඩ් සිටි) යන සුපිරි වෙළෙඳසැල් ජාලවලට ජංගම දුරකතනවලින් පිවිසියට දැක්වෙන්නේ පහත ආකාරවලට ය. 

මෙම වෙබ් අඩවිවලට අදාළ සබැඳි/ලින්ක් (link) වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු (share) කළ විට දැක්වෙන්නේ පහත අයුරිනි. 

Keells (කීල්ස්) සහ Arpico Supercentre (ආපිකෝ සුපර්සෙන්ටර්) යන සුපිරි වෙළෙඳසැල් ජාල මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදන නිකුත් කර තිබිණි. 

ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) පහතින් දැක්වේ. 

අප මේ සම්බන්ධයෙන් Cargills Food City (කාගිල්ස් ෆුඩ් සිටි) සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් 011 7 129 129 ඔස්සේ විමසීමක් කරන ලදි. 

“මේ ආකාරයේම ව්‍යාජ පණිවුඩ මීට මාසයකට, මාස දෙකකට කලියෙන් හුවමාරු වුණා. අපි ඒ අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කළා. අපට දැන් නැවත මේ ආකාරයේ පණිවුඩ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. අපි දැන් නැවතත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා” යැයි Cargills Food City (කාගිල්ස් ෆුඩ් සිටි) සුපිරි වෙළෙඳසැල් ජාලය අපට දැනුම් දෙන ලදි. 

මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ වංචා සිදු කිරීම ය. 

කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී. 

මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය. 

මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණ කි. 

මේ ආකාරයේ සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය. 

ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. 

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය. 

එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. 

මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂ කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය. 

  1. මෙතැනින්, https://hashtaggeneration.org/ඇමෙරිකානු-විවිධත්ව-වීසා/
  2. https://hashtaggeneration.org/fake/
  3. https://hashtaggeneration.org//කොවිඩ්-19-එන්නත්කරණ-වැඩස-2/
  4. https://hashtaggeneration.org/කොවිඩ්-19-වයිරසයට-වියට්න/

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …