‘කොවිඩ්-19’ වසංගතය වේගයෙන් පැතිර යෑමත් සමඟ ඊට ගොදුරු වන පිරිස ද වේගයෙන් වැඩි වෙමින් තිබේ.
දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේගයෙන් ඉහළ යන අතර මේ සම්බන්ධයෙන් පළවන සහ සමාජ මාධ්‍යයේ හුවමාරු/සංසරණය වන සටහන්/වාර්තා (Posts) ද ඉහළ යමින් තිබේ.
සමාජයේ ඉතා ජනප්‍රිය පුද්ගලයන් ද වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඉකුත් දින කිහිපයේ දී වාර්තා වේ.
ශ්‍රී ලංකා පොලිසියේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ට ද නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පුවත් වාර්තා කළේය.
ඒ අතර ම ඔහුගේ තත්ත්වය ආසාද්‍ය බව සඳහන් කරමින් විඩියෝ පටයක් විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) ඔස්සේ අද, එනම් (25) හුවමාරු විය. එම ස්ක්‍රීන්ෂොට්ස් (screenshots) වට්ස්ඇප් ඔස්සේ ද හුවමාරු වී තිබිණි.
එය මුල්වරට හුවමාරු වූ ස්ථානයක් නිශ්චිතව සොයාගැනීමට නොහැකි වූ අතර “ලස්සන ගවුමේ කඩේ” යන පොදු සමූහයක (Public Group) එය මුලින්ම හුවමාරු වූ බවක් නිරීක්ෂණය විය. කෙසේ නමුත් එය තහවුරු කළ නොහැක. “අඩුම මිලට ඇඳුම්” යන නමින් හැඳින්වෙන ගිණුමකින් (Facebook) එම සමූහයට එය ඇතුළත් කර තිබිණි.
එම තිර පිටපත පහතින්.

ඒ පිළිබඳ සොයාබැලීමක් කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ නොවන බව පැහැදිලි විය.
එය විදේශයක පුද්ගලයකු ඔහු වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ලබාගත් ඡායාරූප සහ විඩියෝ බව පැහැදිලි වූ අතර එම ඡායාරූප සහ විඩියෝ ‘ටික්ටොක්’ (Tiktok) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
එම ටික්ටොක් විඩියෝවට මෙතැනින්, https://vm.tiktok.com/ZSJv98uAP/
මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සිය පෞද්ගලික ගිණුම් ඔස්සේ මෙම වීඩියෝව සහ ඡායාරූප අසත්‍ය යැයි තහවුරු කර තිබිණි.
මෙතැනින්, https://tinyurl.com/pnb5enk2
ඉහතින් දැක්වූ ස්ක්‍රීන්ෂොට් (Screenshot) එකට අනුව එය හී ටික්ටොක් (TikTok) පළ වූ එකක් බව පැහැදිලි ය.
එම ස්ක්‍රීන්ෂොට් (Screenshot) අදාළ පුද්ගලයාගේ භාවිත කෙරෙන නමේ (username) කොටසක් දක්නට ලැබේ.
එම කොටස ටික්ටොක් (Tiktok) යෙදුමේ යතුරුලියනය (Type) කරද්දි ඔහුගේ ගිණුම පහසුවෙන් සොයාගත හැකි ය.
ඔහු Tiago Arieiv යන නමින් හැඳින්වෙන පුද්ගලයෙකි.
හෙතෙම කොවිඩ්-19 ආසාදිතව සිට සුව ය ලබා ඇත.
අදාළ විඩියෝවේ පරිවර්තනය ලබාගත් විට තමන් කොවිඩ්-19 වයිරසය පරාජය කළ බව ද ඔහු සඳහන් කර ඇත.



අජිත් රෝහණ මහතාගේ බව සඳහන් කරමින් ඉහත ඡායාරූප සහ විඩියෝව හුවමාරු (share) කළ පුද්ගලයන්ගේ ද්වේශ සහගත අදහසක් නොතිබුණු බව ද පෙනීයන අතර ඒවායේ ඉක්මන් සුව ප්‍රාර්ථන කර තිබිණි.
මුල් සටහන් (posts) පළ වීමෙන් පසු අඩුම මිලට ඇඳුම් ෆේස්බුක් ගිණුම (Facebook Account) නිවැරැදි කිරීමක් පළ කරමින් නිවැරැදි කිරීමක් ද කර තිබිණි.
ඒවායේ ස්ක්‍රීන්ෂොට්ස් පහළින්,


අඩුම මිලට ඇඳුම් යන ගිණුම ඉහත සටහන (Posts) සියල්ලම “ලස්සන ගවුමේ කඩේ” යන පොදු සමූහයක (Public Group) යට ඇතුළත් කර තිබිණි.
අජිත් රෝහණ මහතාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා කර තිබූ පුවත්වලින් එකක් පහතින් දැක්වේ.
මෙතැනින්, https://tinyurl.com/hn2cnysz
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟ පැය 24ක (2021 අගෝස්තු 24 පස්වරුවේ සිට අගෝස්තු 25 පස්වරු 3 දක්වා කාලයේ දී) සටහන් (පෝස්ට්ස්/Posts) , 4500කට ආසන්න සංඛ්‍යාවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජනනය/නිර්මාණය (create/generate) වී තිබිණි.
අප ඉහතින් සඳහන් කළ පරිදි කොවිඩ්-19 වසංගතයත් සමඟ ලෝකය තුළ තොරතුරු වසංගතයක් (infodemic) නිර්මාණය වී තිබේ.
මේ නිසා ඔබ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල හෝ පණිවුඩ ජාලවල හුවමාරු වන පණිවුඩ හෝ ප්‍රධාන ධාරාවේ හුවමාරු වන පණිවුඩ යනාදී සියල්ල තවත් තැනකින් හෝ තැන් කිහිපයකින් තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම අදාළ ප්‍රවෘත්තියට අදාළ අධිකාරී හෝ ආයතනවල නිල වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍යවලින් එම ප්‍රවෘත්තිය තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ.
ප්‍රධානම කරුණ ස්ථාන කිහිපයකින් ඔබට ලැබෙන තොරතුරු තහවුරු කරගැනීම ය.
නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණය සහ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.
ඒ හා සමානව තොරතුරු වසංගතයේ ව්‍යාප්තිය පාලනයට තොරතුරු, ප්‍රවෘත්ති තහවුරු කරගැනීම සහ කරුණු පරීක්ෂා කිරීම අතිශයින් වැදගත් වේ.