“ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයිය” සම්බන්ධ පණිවුඩ ව්‍යාජයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධත්ව වීසා වැඩසටහන සම්බන්ධයෙන් පසුගිය දිනවල ෆේස්බුක් සහ වට්ස්ඇප් විවිධාකාරයේ පණිවුඩ හුවමාරු විය. 

ඒවා පිළිබඳ විමසීමේදී, මේ බොහෝමයක් වංචාකාරී, මහජනතාව නොමඟ යවන ආකාරයේ සහ ජනතාවගේ තොරතුරු එක් රැස් කරන ඒවා  ඒවා බව සොයාගැනීමට හැකියාව ලැබිණි. 

ෆේස්බුක් සහ වට්ස්ඇප් ඔස්සේ ඇමෙරිකානු ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධත්ව වීසා වැඩසටහන සම්බන්ධයෙන් සංසරණය වන පණිවුඩය සමඟ සබැඳි (Link) හුවමාරු වූ අතර ඒවා බොහෝමයක් ව්‍යාජ සහ වංචාකාරී ඒවා විය. 

ෆේස්බුක් සහ වට්ස්ඇප් ඔස්සේ සංසරණය වූ පණිවුඩවල ස්ක්‍රීන්ෂොට්ස් 

ඒවායේ සබැඳි (Link) ක්ලික් කළ විට ලැබෙන වෙබ් පිටුව. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධත්ව වීසා වැඩසටහන ‘ග්‍රීන් කාඩ්’, ඇමෙරිකානු වීසා ලොතරැයිය යන නම්වලින් ද හැඳින්වේ.

මේ සම්බන්ධයෙන් වන නිල තොරතුරු පළ කරන්නේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පමණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධත්ව වීසා වැඩසටහන සම්බන්ධයෙන් ව්‍යාජ ඊමේල් පණිවුඩ ලැබිය හැකි යැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය ද පණිවුඩයක් යොමු කරමින් ජනතාව දැනුවත් කර ඇත. 

මෙම වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

මෙතැනින්, https://lk.usembassy.gov/visas/immigrant-visas/diversity-visa/2020-dv-lottery-program/ 

කෙටි සබැඳිය, https://tinyurl.com/ykask9kh 

මෙම වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ද උපදෙස් ලබා දී තිබේ.

සිංහල භාෂාව සඳහා මෙතැනින්, https://lk.usembassy.gov/wp-content/uploads/sites/149/DV-2022-Sinhala-translations.pdf 

මේ පමණක් නොව පසුගිය කාලයේ එන්නත්කරණය, බැංකු, අන්තර්ජාල සේවා, ජංගම දුරකතන සේවා සහ අන්තර්ජාල පහසුකම් යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් රැසක් සමාජ ජාල හා පණිවුඩ ජාල ඔස්සේ හුවමාරු විය.

මේවා බොහෝමයක අරමුණ වූයේ ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ වංචා සිදු කිරීම ය. 

මේ ආකාරයේ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය.

ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. 

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය. 

එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …