ජවහර්ලාල් නේරු සමඟ සිටින්නේ එඩ්විනා මවුන්ට්බැට්න් ද ?

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරුගේ පෙම්වතිය එඩ්විනා මවුන්බැට්න් යනුවෙන් ද, මෙරට හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය මොහොමඩ් අලි ජින්නා සම්බන්ධ කරගනිමින් පළවන සඳහනක් පසුගිය දින කිහිපයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන්ම පබ්ලික් ගෲප් (පොදු කණ්ඩායම්) තුළ බෙදාහැරීමට (ෂෙයාර් / share) වී තිබිණි.

ශ්‍රී ජවහර්ලාල් නේරු, බුරුමයේ පළමු අර්ල් මවුන්ට්බැට්න් වන ලුවී මවුන්ට්බැට්න්ගේ බිරිඳ වන එඩ්විනා මවුන්ට්බැට්න් සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවට ද එම ‘පෝස්ට්’වල සඳහන් ය. ඒ සම්බන්ධයෙන් එඩ්විනා මවුන්ට්බැට්න්ගේ දියණිය වන පැමෙලා ද උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය ඇතුළු විදෙස් මාධ්‍ය විවිධ ලිපි කර ඇත.

ඉහත කී ෆේස්බුක් සඳහන (පෝස්ට්/post) තුළ ජවහර්ලාල් නේරු කාන්තාවකගේ මුව තිබෙන දුම්වැටියක් දල්වන ඡායාරූපයක් ද ඇතුළත් ය. එම ඡායාරූපයේ සිටින්නේ එඩ්විනා මවුන්ට්බැට්න් නොව බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ බිරිඳ ය. එම ඡායාරූපය ගෙන ඇත්තේ ඉන්දියාවේ පළමු ඡායාරූප මාධ්‍යවේදිනිය වන හොමායි වියර්වාලා ය. බී.බී.සී. පුවත් සේවය ඒ සම්බන්ධයෙන් ලිපියක් ද පළ කර ඇත. එහි සබැඳිය මෙහි දැක්වේ. https://www.bbc.com/news/world-asia-india-42349710

එම ඡායාරූපයේ සිටින්නේ එවකට ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ බිරිඳ වන සිමන් මහත්මිය යි. එම සබැඳි මෙහි වේ.  http://www.pibmumbai.gov.in/scripts/detail.asp?releaseId=E2012FR34

දෙවැන්න –  https://www.mensxp.com/special-features/features/76693-5-myths-debunked-on-indias-og-statesman-pandit-jawharlal-nehru.html

හොමායි වියර්වලා වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ අගමැති නේරු, සිමන් මහත්මියගේ දුම්වැටිය දල්වන ඡායාරූපයෙන් යැයි එහි එක් සබැඳියක පළ වේ. හොමායි වියර්වාලාගේ අභාවයෙන් පසු ඉන්දියාවේ, ප්‍රවෘත්ති තොරතුරු කාර්යාංශය පළ කළ ලිපියේ ඒ බව සඳහන් වේ. 

මෙම ඡායාරූපය සහිත සඳහන (පෝස්ට්/post) එක් අවස්ථාවකදී 2,500කට වඩා වැඩි වාර ගණනාවකදී බෙදාහැරීමට (share) වී තිබිණි.

මෙම ඡායාරූපය ගූගල් (රිවර්ස්) ඉමේජ් සහ ‘ටින් අයි’ (Tin Eye) යන ක්‍රම ඔස්සේ සොයා බැලීමේදී මීට කලින් එය කරුණු පරීක්ෂා (factchecked) කර ඇති බව ද සොයාගැනීමට හැකියාව ලැබිණි.

ඒවායේ සබැඳි

https://www.vishvasnews.com/english/politics/fact-check-woman-in-this-picture-with-nehru-is-not-edwina-the-viral-claim-is-fake/

https://www.mensxp.com/special-features/features/76693-5-myths-debunked-on-indias-og-statesman-pandit-jawharlal-nehru.html

බී.බී.සී. ඡායාරූපයේ විස්තරය – නේරු මහතා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ බිරිඳ වන සිමන් මහත්මියට දුම්වැටිය දල්වමින්.. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …