FACT CHECK: ශ්‍රී ලංකාවෙන් කළු දිලීර ආසාදිතයන් හමුවූවා ද?

#misleading

ඉකුත් අප්‍රේල් මාසයේ මැද සිට ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ වැඩි වීමක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවලින් ද මේ තත්ත්වය දක්නට ලැබිණි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මෙන්ම දෛනිකව වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ද වේගයෙන් සහ වාර්තාගත අන්දමින් වැඩි විය. මේ අතරවාරයේ දී ඉන්දියාවෙන් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයක් හඳුනාගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එය බී.1.617 (B.1.617) යනුවෙන් නම් කරන ලදි. එය වේගයෙන් පැතිර යන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේය. 

ඉන්දියාවෙන් කළු දිලීර ආසාදනය (black fungu) නමැති රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විය. මෙතැනින්, http://archive.today/88kuU 

මේ සම්බන්ධයෙන් ඉන්දීය පුවත් සේවා මෙන්ම ජාත්‍යන්තර පුවත් සේවා ද ප්‍රවෘත්ති රැසක් පළ කර තිබිණි. 

අල්ජසීරා පුවත් සේවයේ පුවත් වාර්තාව. මෙතැනින්, https://archive.is/Sx2WR 

බී.බී.සී. පුවත් සේවයට අනුව ඉන්දියාවේ අක්ෂි වෛද්‍යවරයකු වන වෛද්‍ය අක්ෂේ නයාර් උපුටා දක්වමින් එම ප්‍රවෘත්ති සේවය ද ඉන්දියාවෙන් කළු දිලීර රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.
මෙතැනින්, https://tinyurl.com/cspksetc 

වෛද්‍ය අක්ෂේ නයාර් මේ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස වනුයේ, එය දුර්ලභ රෝගී තත්ත්වයක් බව ය. පස්, ශාක, පොහොර, සහ දිරා පත්වෙමින් තිබෙන පළතුරු සහ එළවළුවල මෙම දිලීරය තිබෙන බවත් ඔහු පවසා ඇත. 

මෙම රෝගී තත්ත්වයෙන්, නැතිනම් දිලීරයෙන් නාසය වටා තිබෙන කුහාර (හිස් කබලේ තිබෙන කුහර), පෙනහලු, මොළයට මෙමඟින් බලපෑම් වන බව ඔහු සඳහන් කර ඇත. 

එපමණක් නොව දියවැඩියාව සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ට මෙමඟින් ජීවිතයට තර්ජනයක් එල්ල කරන ආකාරයේ බලපෑම් එල්ල කරන බව ද වෛද්‍යවරයා පවසා ඇත. 

විශේෂයෙන්ට අනුව දුර්ලභ රෝගී තත්ත්වයක් වන නමුත් කළු දිලීර රෝගය මාරාන්තිකය. එහි මරණු අනුපාතය සියයට 50ක් තරම් ඉහළ ය. 
මෙතැනින්, https://tinyurl.com/4upr8xpc 

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවෙන් ද මෙවැනි පුවතක් පිළිබඳව වාර්තා විය. 

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද සමාජ මාධ්‍ය ද මේ සම්බන්ධයෙන් පුවත් පළ කර තිබිණි. 

සමාජ මාධ්‍ය ජාලවල පළ වූ සටහන්වල (Post), තිර පිටපත් (screenshots) කිහිපයක් පහතින් දැක්වේ.

මේ ආකාරයෙන් ඉන්දියාවේ තත්ත්වයත්, ශ්‍රී ලංකාවෙන් හමු වූ බවටත් ශ්‍රී ලංකාවෙන් කළු දිලීර ආසාදිතයන් හමු වූවාදැයි ප්‍රශ්න කරන ආකාරයේ සිරස්තල සහිත ප්‍රවෘත්ති සහ, ප්‍රවෘත්ති ඇතුළත් සටහන් (Post) සහ සාමාන්‍යයෙන් සමාජ ජාලවල සංසරණය (share) ෂෙයාර් වන සටහන් (Post) පළ වී තිබිණි.

මේවායේ ඇතැම් ඒවා සිය ගණනි ද ඇතැම් ඒවා දහස් ගණනිද් හුවමාරු (share) වී තිබිණි. 

මේ සම්බන්ධයෙන් අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් විමසීමක් කළෙමු. 

ඇය මේ සම්බන්ධයෙන් අම්පාර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළ බවත් අදාළ රෝගියට ලාදුරු හෝ ක්ෂය රෝගය වැළැදී ඇති බවත් ඇය සඳහන් කළාය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම රෝගියාට වෙනත් දිලීර රෝගී තත්ත්වයක් තිබී ඇති බවත් එපමණක් නොව පසුව ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරිය කීවාය. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල ඕනෑම පුද්ගලයකුට දිලීර ආසාදන ඇති විය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය. 

මෙම ප්‍රවෘත්තියට අම්පාර සම්බන්ධ වන්නේ, මේ සම්බන්ධයෙන් පළ වූ මුල් ප්‍රවෘත්තිවලට එම නගරය සම්බන්ධ වීම ය. 

ශ්‍රී ලංකාවෙන් මුල් වරට කළු දිලීර රෝගියකු හඳුනාගෙන ඇත්තේ අම්පාරෙන් යැයි එම ප්‍රවෘත්තිවල දැක්විණි. ඒවාට සම්බන්ධ ඇතැම් ස්ක්‍රීන්ෂොට්ස් ඉහතින් පළ කර ඇත.

අම්පාරෙන් කළු දිලීර ආසාදිතයකු හමු නොවූ බවට රාජ්‍ය අමාත්‍යවරිය කළ තවත් ප්‍රකාශයක් මෙතැනින්, https://tinyurl.com/86jswnmx 

මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රවෘත්ති පළ වෙද්දි, රජය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ අතර ශ්‍රී ලංකාවෙන් කළු දිලීර ආසාදිතයන් හමු නොවී ඇති බවත් සඳහන් කළේය

මෙම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විමසීමක් කළ විට, කළු දිලීර රෝගී තත්ත්වයක් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළාය. 

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් කර තිබිණි. ඇය මෙම කරුණු මාධ්‍ය හමුවකදී ද ප්‍රකාශ කර තිබිණි.

අපි මේ සම්බන්ධයෙන් ඇයගෙන් ද විමසීමක් කළෙමු. ‍‍

මේ වසරේ මේ දක්වා කාලයේ දී පමණක් කළු දිලීර රෝගය ආසාදනය වූ පුද්ගලයන් 24 දෙනකු වාර්තා වී ඇති බවත් එය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. 

ඒ කිසිදු රෝගියකු ‘කොවිඩ්-19’ වයිරසයට සම්බන්ධ නැති නමුත් දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පුද්ගලයන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බව ඇය සඳහන් කළාය. 

කළු දිලීර රෝගී තත්ත්වය හඳුන්වන විද්‍යාත්මක නාමය වන්නේ මියුකෝමයිකෝසිස් (mucormycosis).

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට කළු දිලීර රෝගී තත්ත්වයට ගොදුරු වීමත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වන පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමත් යන කරුණු දෙක නිසා මෙම රෝග දෙක එකම අවස්ථාවකදී ආසාදනය වුවහොත් තත්ත්වය දරුණු අතට හැරෙන බව ද ඇය සඳහන් කළාය. 

පාලනය කළ නොහැකි දියවැඩියා රෝගී තත්ත්වය ආදී/ඇතුළු නිදන්ගත රෝගී තත්ත්වවලින් පෙළන පුද්ගලයන් නිවැරැදිව සිය ප්‍රතිකාර ලබාගැනීමත් පිරිසුදු බව, ‘කොවිඩ්-19’ පාලනය කිරීමේ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමත් පිරිසුදු මුඛ ආවරණ පැලඳීමත් මුඛ ආවරණ නැවත නැවත පැලඳීමෙන් වැළැකීමත් යන කරුණු මෙහිදි වැදගත් බව ද වෛද්‍යවරිය තවදුරටත් සඳහන් කළාය. 

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය පළ කර තිබූ පුවත්,

මෙතැනින්, https://tinyurl.com/h2utxc 
මෙතැනින්, https://tinyurl.com/ux8h99fw
මෙතැනින්, https://tinyurl.com/yyttbv62 

ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති, 
මෙතැනින්, https://tinyurl.com/2tsvhn8b 

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති කළු දිලීර ආසාදිත රෝගීන්ගේ ගණන 12,000 ඉක්මවයි. 
මෙතැනින්, https://tinyurl.com/522w9jxx 

‘කොවිඩ්-19’ වසංගතය ලොව පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ ඒ ආශ්‍රිතව ඇති වන විවිධ සංකූලතා, වෙනත් රෝග සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවෙන් ද ලොව වෙනත් රටවලින් ද විවිධ ප්‍රවෘත්ති වාර්තා විය. මෙවැනි ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය සටහන් දුටු විට ඒවා හුවමාරු (ෂෙයාර්/share) කිරීමට පෙර සෞඛ්‍ය අංශ පළ කරන පුවත් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න. වසංගතයත් සමඟ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ඕනෑම ක්ෂණයකින් වෙනස් විය හැකි ය. මේ නිසා ප්‍රධාන ධාරාවේ හෝ සමාජ මාධ්‍යවල හෝ ප්‍රවෘත්තියක් දුටුවිට ඒවා තවත් මාධ්‍ය කිහිපයකින් තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව සෞඛ්‍ය අංශවලට අයත් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය පිටුවලින් එම ප්‍රවෘත්ති තහවුරු කරගන්න. 

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Fact Check

FACT CHECK : රුපියල ශක්තිමත් වුණේ උච්චමනෙයි විකුණපු නිසා ද? රනිල් අගමැති වුණු නිසා ද?

ශ්‍රී ලංකා රුපියල 2015 වසරේ සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති ආකාරය පිළිබදව හෑෂ්ටැග් පරපුර මීට පෙරදී ද කරුණු …

#Generation Explanations

Explanation of Emergency Regulations

Emergency (Miscellaneous Provisions and Powers) Regulations, No. 1 of 2022 were made by President Gotabhaya Rajapaksa and issued under Gazette …

Uncategorized

FACT CHECK : Can there be a salary cut for public servants who participated in the Hartal Campaign?

A message was observed circulating on social media including on Facebook and WhatsApp stating that the salaries for the month …

Fact Check

Fact Check : රාජ්‍ය සේවකයෙක් හර්තාලයට සහයෝගය දැක්වූවොත් මැයි මාසේ වැටුප කපාවිද?

“හර්තාල ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් කපා හැරේ” යන සිරස්තලය යටතේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ බවට …

Fact Check

FACT CHECK : “රථ වාහන නලා නාද කිරීම” සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා ද ?

රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ බව …

Fact Check

FACT CHECK : ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද ?

ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ …