පරිසරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ විශාල වශයෙන් කතා බහක් ඇති වී තිබෙන. ඒ අතරින් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර “සිංහරාජය” ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. සිංහරාජයේ දැවැන්ත වන විනාශයක් වන බවටත් සිංහරාජය තුළ වැව් දෙකක් ඉදිකිරීමට නියමිත බවටත් යන පුවත්වලට එහිදි වැඩි අවධානයක් යොමු විය. එම සංවාදයේ දී සහ ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත්වලදී “යුනෙස්කෝ” සංවිධානය ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඒ අතර “සිංහරාජයේ වන විනාශයක් සිදුව නැහැ- යුනෙස්කෝව කියයි” යන සිරස්තලය යටතේ හෝ ඊට සමාන සිරස්තල යටතේ පුවත් රැසක් පසුගිය සමයේ දී පළ විය.
ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ආයතනය, ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ නියෝජිතායතනය යනුවෙන් එම බොහෝමයක් පුවත්වල පළ එම සංවිධානය සම්බන්ධයෙන් කරුණු පළ විය.
මෙරට ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති නාලිකා සහ වෙබ් අඩවි ද මේ සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබිණි.
එම ප්‍රවෘත්තිය පළ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ සංවිධානයේ නියෝජිතායතනයක් හෝ එහි ශාඛාවක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රධාන ධාරාවෙත් විවාදයක් ද හට ගැනිණි.
යුනෙස්කෝ යනු කුමක් ද ?
යුනෙස්කෝව යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත ආයතනයකි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා, සංස්කෘතික (UNESCO – The United Nations Educational, Scientific and Cultural Organization) සංවිධානය යනුවෙන් හැඳින්වේ.
යුනෙස්කෝ වෙබ් අඩවියට පිවිසෙන්න. https://en.unesco.org/
ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයක් තිබෙනවා ද ?
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන සිය සාමාජික රටවල ශාඛා පවත්වාගෙන යයි. උදාහරණයකට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතායතනය කොළඹ ස්ථාපිත කර ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත ආයතනවල ශාඛා/නියෝජිතායතන ද ඒ ඒ රටවල ස්ථාපිත කර ඇත. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය පිළිබඳ නියෝජිතායතනය හෙවත් අනුබද්ධිත ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යාලයක් කොළඹ ස්ථාපිත කර ඇත.
ඇතැම් ඒවා ප්‍රමුඛතා මත ඒ ඒ රටවල නියෝජිතායතන පවත්වාගෙන නොයන නමුත් කලාපීය කාර්යාල ස්ථාපිත කර ඇත. යුනෙස්කෝව ද එවැන්නකි.
යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකාවේ වෙනම ම කාර්යාලයක්/නියෝජිතායතනයක් පවත්වාගෙන නොගිය ද කලාපීය කාර්යාලයක් පවත්වාගෙන යයි.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය යුනෙස්කෝ සංවිධානය සම්බන්ධයෙන් පළ කර තිබෙන සටහන.

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කුමක් ද ?
යුනෙස්කෝ සංවිධානය සඳහා වූ ජාතික කොමිෂන් සභාව යි. 1949 වසරේ නොවැම්බර් මාසයේ දී එය පිහිටුවන ලදි. එය ක්‍රියාකරන්නේ රජයේ ආයතනයක් ලෙස යි.


යුනෙස්කෝව සම්බන්ධයෙන් කතාබහ ඇති වීමට හේතු වූ ප්‍රධාන වශයෙන් සිදුවීම්/ප්‍රකාශ තුනක් හේතු විය.
භාග්‍යා අබේරත්න නම් තරුණිය සිරස රූපවාහිනි නාලිකාවේ ලක්ෂපති වැඩසටහනට පැමිණ සිංහරාජය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉන් පළමුවැන්න යි.

http://archive.today/Jw6lK


වාරිමාර්ග අමාත්‍ය , රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ කළ ප්‍රකාශයක්, සිංහරාජය සහ යුනෙස්කෝව සම්බන්ධයෙන් කතිකාවක් ඇති වීමට හේතූ වූ ප්‍රධාන දෙවැනි කරුණයි.
එම ප්‍රකාශයෙන් පසු අමාත්‍ය චමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් ඊට පරස්පර ප්‍රකාශයක් ද කර තිබිණි.


මේ සියල්ල මධ්‍යයේ යුනෙස්කෝව සම්බන්ධයෙන් විශේෂ කතාබහක් ඇති වූයේ ‘සිංහරාජයේ වන විනාශයක් නැහැ’, ‘සිංහරාජයේ පරිසර විනාශයක් නැහැ’ සහ ඒ හා සමාන සිරස්තල පළ වීමත් සමඟ ය.
‘සිංහරාජයට කිසිදු හානියක් වී නැතැයි’ ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහලේකම් ආචාර්ය මීගස්වත්ත කළ ප්‍රකාශයක් විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්විය.
ආචාර්ය මීගස්වත්ත මහතාගේ ප්‍රකාශය යුනෙස්කෝව කරන ලද ප්‍රකාශයක් බව දක්වමින් ප්‍රධාන පෙළේ මාධ්‍ය පුවත් වාර්තා කර තිබිණි.
මේ හේතුවෙන් එය මහජනතාව නොමඟ යැවීමක් ලෙස පෙන්වාදිය හැකි ය.
ආචාර්ය මීගස්වත්ත මහලේකම් ධුරය හොබවන්නේ යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවක, කාර්යාලයක හෝ නියෝජිතායතනයක හෝ නොවේ. ඔහු මහලේකම් ධුරය හොබවන්නේ ශ්‍රී ලංකා රජය යටතේ තිබෙන ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ යි.
ආචාර්ය මීගස්වත්ත කළ ප්‍රකාශය.

ආචාර්ය මීගස්වත්ත ද සිය ප්‍රකාශයේ දී යුනෙස්කෝව සම්බන්ධයෙන් සඳහනක් නොකරන අතර ඔහුගේ ප්‍රකාශය ප්‍රවෘත්තියක් ලෙස පළ කිරීමේ දී මෙලෙස නොමඟ යවන ආකාරයේ සිරස්තල භාවිත කර ඇති බව පෙනී යයි.
එම ප්‍රකාශය වාර්තා කර තිබූ අයුරු දැක්වෙන ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍යවල එය සටහන් වී තිබූ අයුරු දැක්වෙන ‘ස්ක්‍රීන්ෂොට්ස්’ කිහිපයක් පහතින් දැක්වේ.
මේ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරගැනීම්, ආචාර්ය මීගස්වත්තගේ ප්‍රකාශය නොමග යන සිරස්තල යටතේ භාවිත කර තිබෙන අයුරු සහ මෙම සිදුවීම් සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක් වී තිබෙන අයුරුත් එමෙන්ම දේශපාලන කරුණක් බවට පත්ව තිබෙන අයුරුත් පහත ‘ස්ක්‍රීන්ෂොට්ස්’ බැලීමෙන් පෙනී යයි.












යුනෙස්කෝව සම්බන්ධයෙන් නොමග යවන ආකාරයේ සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්ති උපුටා දක්වමින් ඒවා නිවැරැදි කරන ලද ‘ෆේස්බුක් සටහන්’ ද දක්නට ලැබිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය විචාරකයකු වන නාලක ගුණවර්ධන ද අදහස් දක්වා තිබිණි.
මෙම සිදුවීම් දාමයත් සමඟ බී.බී.සී. සිංහල පුවත් වෙබ් අඩවිය ද කරුණු පැහැදිලි කිරීමක් කර තිබිණි.

ආයතන, තාක්ෂණික කරුණු, ආයතනික නාම යනාදිය භාවිතයේ දී ඒවා නිවැරැදිව හඳුන්වා දිය යුතු අතර එසේ නොවුණහොත් මෙවැනි නොමග යවන ආකාරයේ සිරස්තල භාවිතයට ඉඩ ලැබෙන බව මෙම සිදුවීමෙන් පෙනී යයි. අනෙක් අතට තාක්ෂණික නාම, ආයතන යනාදිය වුවමනාවෙන් ජනතාව නොමග යැවීම සඳහා භාවිත කළ හැකි බව ද මෙයින් පෙනී යයි.