FACT CHECK: ‘කොවිඩ්-19’ වයිරසයෙන් ආරක්ෂාව නොදුන් නිසා හින්දු බැතිමත්හු පිළිම ගංඟාවලට දැමුවා ද?

#FactCheck #False

“පිහිටක් නැති නිසා දේව පිළිම ගඟට විසිකරන ඉන්දියානුවන්” යන සිරස්තලය යටතේ විඩියෝපටයක් මැයි 9 වැනිදා සමාජ මාධ්‍යයේ පළ වී තිබිණි. 

මෙය අවස්ථා 1,200කට වැඩි ගණනකදී “ෂෙයාර් (share)” වී තිබිණි. 

ලොරි රථයකින් පැමිණෙන විශාල පිරිසක් මෙරට සමාජ සංස්කෘතිය තුළ ගණ දෙවියන් යනුවෙන් හඳුන්වන දෙවියන් ට සමාන පිළිම කිහිපයක් පාලමක සිට ගංඟාවකට අතහරින අයුරු එම විඩියෝ පටයේ දැක්විණි. 

මෙම විඩියෝ පටය ‘ඉන්විඩ්’ මෙවලම භාවිත කරමින් රාමුවලට වෙන් කරගත් අතර ඉන් අනතුරුව ‘යැන්ඩෙක්ස්’ සහ ‘ගූගල් රිවර්ස් ඉමේජස්’ භාවිත කරමින් අදාළ රූප රාමු පරීක්ෂාවට ලක් කෙරුණි. 

එහිදි මෙම විඩියෝ පටය පසුගිය වසරේ මැයි හා ජූනි මාසවලදී වැඩි වශයෙන් හුවමාරු වී ඇති බව දක්නට ලැබිණි.

“කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂාවක් ලබානොදීම හේතුවෙන් ඉන්දියානුවන් පිළිම ගංඟාවලට අත්හරිනවා” යන්න එම බොහෝමයක් සටහන්වල (post) දැක්විණි. 

එසේ පළ වී තිබූ සටහන්,

මෙම අදහස දැක්වෙන පාඨ “ගූගල්” භාවිතයෙන් සෙවීමකට ලක් කරන ලදි. 

එසේ පරීක්ෂා කිරීමේදී මෙය 2015 වසරේ විඩියෝ පටයක් බවට සොයාගැනීමට හැකියාව ලැබිණි. 

මෙය හින්දු බැතිමතුන්ගේ වාර්ෂික ආගමික පිළිවෙතක් බව මෙහිදි අනාවරණය විය.

මෙහි මුල් විඩියෝව පළ කර ඇත්තේ 2015 වසරේ සැප්තැම්බර් 28 වැනිදා ය. 

ඊට අදාළ සබැඳිය,

https://www.facebook.com/newschd/videos/989821804414933/

මේ විඩියෝව පසුගිය වසරේ දී වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ආයතන කිහිපයක්ම මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර තිබිණි. අරාබි ඇතුළු භාෂාවලින් පළ වන වෙබ් අඩවි ද මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීම් කර තිබිණි. 

ඉන්දියාවේ ‘ද ලොජිකල් ඉන්දියන්’ වෙබ් අඩවිය ද මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් කර තිබිණි. 

ඊට අදාළ සබැඳිය,

https://thelogicalindian.com/fact-check/hindu-ritual-immersion-covid-19-coronavirus-21266

තවදුරටත් කරුණු සෙවීමේදී මෙය හින්දු බැතිමතුන් වාර්ෂිකව කරන පිළිවෙතක් බවත් එය වාර්ෂිකව පැවැත්වෙන්නක් බවත් අනාවරණය විය.

සෑම මසකම සැප්තැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් සහ ගණ දෙවියන් මුල් කරගනිමින් මෙම පිළිවෙත සිදු කෙරේ. 

‘ගනේෂ් චතුර්ති’, ‘විනායක චතුර්ති’ සහ ‘ගනේෂ් විසර්ජන්’ යන නම්වලින් මෙම ආගමික උත්සවය හැඳින්වෙන අතර ‘ගණ දෙවියන්ට’ පුද පූජා පවත්වමින් මෙම උත්සවය ආරම්භ වේ. 

‘ගනේෂ් විසර්ජන්’ යනු ආගමික උත්සවයේ අවසන් පිළිවෙතයි. 

පුද පූජා කළ ගණ දෙවි පිළිරුවට අවසන් ගෞරව දක්වා එය බොහෝ දුරට ගංඟාවක හෝ ගිල්වා දමයි. 

මෙම උත්සවය සම්බන්ධයෙන් පළ වී තිබෙන විස්තරාත්මක ලිපි. 

https://www.businessinsider.in/india/news/ganesh-chaturthi-how-to-perform-ganesh-visarjan-at-home/articleshow/77738044.cms

https://timesofindia.indiatimes.com/life-style/events/ganesha-chaturthi-2019-what-is-the-story-behind-the-tradition-of-ganesh-visarjan/articleshow/70878145.cms

මේ හා සමානම උත්සව රැසක් ඉන්දියාවේ හින්දු බැතිමතුන් අතර පවතී.

මෙසේ පිළිම ගිල්වීමෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම ඉන්දීය මාධ්‍යවල විස්තරාත්මක පුවත් පළ වී ඇත. 

ඊට අදාළ සබැඳි,

https://www.thehindu.com/news/national/other-states/no-idols-thrown-at-sabarmati-river-front/article29376792.ece

https://citymonitor.ai/horizons/idols-are-polluting-indias-rivers-and-lakes-903 

Share this post

Related Projects

Fact Check

FACT CHECK : රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි ද?

“නිලධාරීන් දේශපාලනඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි” යන සිරස්තලය යටතේ සැත්තැම්බර් මස 04 වන දින ඉරිදා …

Fact Check

FACT CHECK : ஏப்ரல் மாதத்தில் இலங்கைக்கு 129,000 சுற்றுலாப் பயணிகள் வந்தார்களா?

“கடந்த ஏப்ரலில் மாத்திரம் எங்கள் சுற்றுலாப் பயணிகளின் வருகை 129,000 இருந்தது” என ஆகஸ்ட் 25ஆம் திகதி நாடாளுமன்ற உறுப்பினர் எஸ்.பி.திஸாநாயக்க தெரிவித்த கருத்து பொய்யானது. கடந்த …

Fact Check

FACT CHECK : අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට   සංචාරකයන් එක්ලක්ෂ විසිනමදාහක්?

“පහුගිය අප්‍රේල්වල අපේ සංචාරකයන්ගේ පැමිණීම එක්ලක්ෂ විසිනමදාහක් වුණා. අප්‍රේල්වල විතරක්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අගෝස්තු 25 වැනිදා කරන ප්‍රකාශය …

Fact Check

FACT CHECK : அவசரகாலச் சட்டம் இலங்கையில் உள்ள LGBTIQ+ சமூகத்திற்கு அச்சுறுத்தலாக இருந்ததா ?

பதில் ஜனாதிபதியாக நியமிக்கப்பட்ட ரணில் விக்கிரமசிங்க,விசேட வர்த்தமானியொன்றின் மூலம் கடந்த ஜூலை மாதம் 17ஆம் திகதி நாட்டில் அவசரகாலச் சட்டத்தை அமுல்படுத்தினார். குறித்த அவசரகால சட்டம் தொடர்பில் …

Fact Check

FACT CHECK : ශ්‍රී ලංකාව තුළ LGBTIQ+ ප්‍රජාවට හදිසි නීතිය තර්ජනයක් වුණා ද?

වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 17 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රට තුළ හදිසි …

Fact Check

FACT CHECK : Did the Central Bank Governor make a statement stating “Inflation is not a problem, it is the perfect solution”?

Sri Lanka is currently facing an acute economic crisis. One of the main issues is the high inflation. As announced …