අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පෙළ පොතේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම ට්විටර් සමාජ මාධ්‍ය තුළ සටහන් (Post) පළ වී තිබිණි.
ලිංගික අපරාධකරුවන් මානසික රෝගී තත්ත්වවලින් පෙළෙන්නන් හෝ වගකීම් විරහිතව හැසිරෙන්නන් විය හැකි බවත් එම හැසිරීම අනවශ්‍ය ගැබ් ගැනීම්වලට හේතුව බවත් යන අරුත් දෙන පරිච්ඡේදයක් අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණීය) පෙළ පොතේ දැක්වෙන බව සඳහන් කරමින් එම සටහන් පළ වී තිබිණි.
මේ සම්බන්ධයෙන් විමසීමක් කිරීම සඳහා මුලින්ම පෙළ පොත්වල මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් කරන ලදි.
සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇති වීමට මුල් වී ඇත්තේ සිංහල මාධ්‍යය පෙළ පොතට වඩා වෙනස් අදහසක් ඉංග්‍රීසි මාධ්‍ය පෙළ පොතින් ලබාදීම බව, සිංහල මාධ්‍ය පෙළ පොතත් ඉංග්‍රීසි මාධ්‍ය පෙළ පොතත් බැලීමේදී පෙනී යයි.
ඉංග්‍රීසි මාධ්‍ය පෙළ පොතේ 16 වැනි පාඩම වන ‘නව යොවුන් වියේ අභියෝග හඳුනාගනිමු’ යන පාඩම යටතේ මෙම කොටස පළ වී තිබේ.
සිංහල බසින් පළ වී ඇති කොටස මෙසේ ය.
පෙළ පොතට මෙතැනින් පිවිසිය හැකිය.
http://www.edupub.gov.lk/Administrator/Sinhala/11/health%2011%20S/health%2011%20S.pdf
ඉංග්‍රීසි මාධ්‍ය පෙළ පොතේ අදාළ කොටස
ඉංග්‍රීසි මාධ්‍ය පෙළ පොත මෙතැනින් ලබාගත හැකි ය.
සමාජ මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඇති වූ සටහන්, (Facebook posts, Tweets සහ Instagram Posts)





මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා
පුවතට සබැඳිය
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ පෙළ පොත් සම්බන්ධයෙන් මීට පෙර විවිධාකාරයේ මතභේද ඇති විය.
මේ එවැනි පුවතක්,
https://www.bbc.com/sinhala/sri-lanka-50919524
සෞඛ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම බොහෝ අවස්ථාවලදී පෙන්වා දී තිබුණ ද ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැතැයි යන්න මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ පාර්ශවවල අදහස වී තිබේ.
පරිවර්තනයේ පැහැදිලි වරදක් දක්නට තිබේ. එපමණක් නොව මුල් සටහනේ (සිංහල මාධ්‍ය පෙළ පොතේ) පැහැදිලි අඩුපාඩු තිබේ. ‘‘ලිංගික අධ්‍යාපනය නොලැබීම සහ හැඟීම්වලට නොව බුද්ධියට අනුව කටයුතු කිරීමේ නිපුණතා ප්‍රගුණ නොකිරීම’’ නිසා ඇතැම් දැරියෝ නොදැනුවත්ව අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක්වෙති යනුවෙන් සිංහල මාධ්‍ය පෙළ පොතේ දැක්වේ.
අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළැකීමට ආරක්ෂිත ක්‍රමවේද සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත කිරීම සම්බන්ධයෙන් දරුවන්ට ඉගැන්වීමට දරන ප්‍රයන්තය අගය කළ යුතු නමුත් ඉහත කී වාක්‍යයෙන් අදහස් වන්නේ එවැනි අවස්ථාවලදී කාන්තාවන්ට මෙන් පිරිමි පාර්ශවයට වගකීමක් නැති බව ය.
මෙම කරුණ මෙලෙස එක පැත්තකට සීමා කිරීමෙන් විවාහයට පෙර හෝ විවාහ නොවී තනිවම දරුවන් හදා වඩා ගන්නා මවුවරුන්ට සහ විශේෂයෙන් තරුණ තනි අම්මාවරුන්ට බලපාන සමාජ අපකීර්තියට තවදුරටත් බලවත් කරයි. සමාජයේ වැඩියෙන් නින්ද අපහාසවලටත් ගැරහුම්වලටත් ලක්වෙන්නේ මෙම මවුවරුන් ය.
අනවශ්‍ය ගැබ් ගැනීම් සිදුවන්නේ ‘‘තමාගේ ආරක්ෂාව ගැන නොසැලිකිලිමත් වීම නිසා ද, සමාජයේ වෙසෙන වගකීම් විරහිත පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් නිසා ද, ලිංගික අතවරවලට ලක්වීමෙන් ද ගැබ් ගැනීම් සිදු වේ’’ යනුවෙන් ද පෙළපොතේ දැක්වේ.
දෙවැනි කරුණු දෙක සත්‍ය වුව ද පළමු කරුණ වින්දිතයනට චෝදනා කිරීමක් සිදුව ඇත. යම් අයකුගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් සිදුවීම නොනැසී සිටින (survivor) වින්දිතයන්ගේ නොසැලකිලිමත් භාවයක් නිසාවෙන් හටගත් වරදක් ලෙස පෙන්වීම ඉතාම ගැටලුකාරී වන අතර ස්ත්‍රී විරෝධී ආකල්පයක් බව ද කිව යුතු ය.
දරුවන්ට ආරක්ෂිත ලෙස විශේෂයෙන්ම සෞඛ්‍යාරක්ෂිතව ක්‍රම අනුගමනය කිරීමට ඉගැන්වීමට අමතරව පුළුල් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සඳහා ද පියවර ගත යුතු ය. එහිදි සියලු දෙනාට සමාන වගකීමක් තිබෙනවා යන මූලධර්මය අවධාරණය කළ යුතු ය. එපමණක් නොව කිසිසේත්ම උපකාරී නොවන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධයෙන් ඇති පූර්ව නිගමන/ඒකාකෘති ප්‍රචාරය නොකිරීමට ද සංවේදි විය යුතු ය.