FACT CHECK : අයර්ලන්තේ අයිති ලංකාවට ද ?

ශ්‍රී ලංකාවට පැමිණි එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් සමාගමට අයත් ගුවන් යානය සම්බන්ධයෙන් අපි මීට පෙර සවිස්තර කරුණු පැහැදිලි කිරීමක් කරන ලදි. 

කියවන්න, මෙතැනින්

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ කරුණු රැසක් ම සමාජ මාධ්‍යවල පළ වන ආකාරය අපි නිරීක්ෂණය කළෙමු.

එලෙස සමාජ මාධ්‍යවල දක්නට ලැබුණු තවත් එක් සටහනක් (Facebook Post) සම්බන්ධයෙන් කෙටි කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අපි අදහස් කළෙමු. 

අදාළ සටහනේ (Facebook) තිර ඡායාරූපයක් (screenshots) පහතින් දැක්වේ. 

“අයර්ලන්තෙ රක්ෂණ සමාගමක්, රුසියානු ගුවන් සේවයක්, කොළඹ නඩු තීන්දුවක්, අයර්ලන්තෙත් ලංකාවට ද බං අයිති.” 

“ඇයි බං.. මාර ඉක්මනට නඩු අහලා තීනදුව දුන්නනෙ…”

යනුවෙන් එම ෆේස්බුක් සටහනේ දැක්විණි. 

රුසියාවේ එරෝෆ්ලොට් සමාගමට එරෙහිව වාරණ නියෝගයක් පනවන්නැයි ඉල්ලමින් අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං 10 ලිමිටඩ් (Celestial Aviation Trading 10 Limited) නමැති සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

බේරුම්කරණ සහ වාණිජ අධිකරණ බලතල යටතේ අදාළ පැමිණිල්ල ගොනු කර තිබූ අතර එම අධිකරණ බලතල උපයෝගී කරගනිමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගය නිකුත් කර තිබිණි. 

1996 අංක 10 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධි විධාන) පනත මඟින් එම අධිකරණ බලය ලබා දී තිබේ. 

එය මෙතැනින්

මෙතැනින්

මේ සම්බන්ධයෙන් 2012  මැයි මස 25 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 

මෙතැනින්

මෙම අධිකරණයට රුපියල් මිලියන විස්සට වැඩි (පසුව රුපියල් මිලියන විස්ස දක්වා වැඩි කර ඇත) වාණිජ ගනුදෙනු සම්බන්ධ නඩු, බුද්ධිමය දේපල පනත යටතේ ගැනෙන නඩු (දේශීය සහ ජාත්‍යන්තර) නඩු විමසීමේ අධිකරණ බලය හිමිව ඇත. 

රුපියල් මිලියන 20 දක්වා වැඩි කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය, මෙතැනින්

එහිදි වාණිජ ගනුදෙනුවක් මඟින් පැන නැඟුණු, ( ඇතුළු බැංකුකරණ, වෙළෙඳ සේවා ආනයන සහ අපනයන, නැව් කුලී ගිවිසුම්, වාණිජ රක්ෂණ නියෝජිතායතනවලට අදාළ යනාදිය ද ඇතුළුව) යනාදි නඩු විමසීමේ අධිකරණ බලය ද හිමි වී ඇත. 

අයර්ලන්ත සමාගමේ පැමිණිල්ලට අදාළව නඩුව කඩිනමින් කැඳවන ලද්දේ, මෝසමක් ඉදිරිපත් කරමිනි. 

මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

නිගමනය : අයර්ලන්ත සමාගම අදාළ පැමිණිල්ල ගොනු කරන ලද්දේ සහ කොළඹ වාණිජ මහාධිකරණය ගුවන් යානයට ශ්‍රී ලංකාවට පිට වීම වළක්වමින් වාරණ නියෝගය නිකුත් කරන ලද්දේ වාණිජ සහ බේරුම්කරණ (Arbitration) අධිකරණය බලය භාවිත කරමිනි. 

ඉහත සඳහන් කළ පරිදි කොළඹ වාණිජ මහාධිකරණයට දේශීය සහ විදේශීය වාණිජ කටයුතු සම්බන්ධයෙන් නඩු විමසීමේ බලය හිමිව ඇත. 

අදාළ නඩු විභාගය ඉක්මනින් කරන ලද්දේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ මෝසම හේතුවෙනි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …