FACT CHECK : ඉන්ධන බවුසරයෙන් තෙල් ගත්තේ කවුද?

රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මාස ගණනාවක සිට ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබේ.

එම තත්ත්වය මධ්‍යයේ මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් ඉන්ධන බවුසරයකින් ඉන්ධන ලබාගන්නා විඩියෝවක් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.  

එලෙස සංසරණය වූ සටහන්(Post) කිහිපයක තිරඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

මේ සිදුවීමට අදාළ ව ටික්ටොක්(TikTok) තුළ සංසරණය වූ වීඩියෝව සදහා මෙතැනින් පිවිසෙන්න.

මෙම මෝටර් රථයේ ඉදිරිපස “වෛද්‍යවරයකුගේ” යැයි හැඟවෙන ලාංඡනයක් දක්නට තිබූ අතර මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වීමට එය ද හේතුවක් විය. 

සිරස මාධ්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් සිය ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කර තිබිණි.  මෙතැනින්.

කෙසේ නමුත් මෙම සිදුවීම ද අදාළ කරගනිමින් සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වූ අතර විශේෂයෙන්ම ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහන්වල (Facebook Posts) යම් වෙනසක් ද නිරීක්ෂණය විය. 

එම සටහන්වල(Post) තිරඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝ පටයේ සිටින්නේ ලක්ෂි නැමති කාන්තාව කල්මුනේ තිලකා IOC ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිනිය බව එසේ සඳහන් වූ සටහන්වල (Facebook Post) දැක්විණි.  ඇයගේ ස්වාමිපුරුෂයා වෛද්‍යවරයකු බව ද ඒවායේ දැක්විණි. 

කල්මුනෙන් පුරවන ලද ඉන්ධන ගැලුමක් බවුසරයෙන් ලබා ගත් බවත් බවුසරයකින් භාජනවලට ඉන්ධන පොම්ප කිරීම තාක්ෂණිකව කළ නොහැකි කාර්යක් බවත් ඇතැම් ඒවායේ දැක්විණි. 

මෙවැනි සටහන් සමාජ මාධ්‍යයේ සංසරණය වන මොහොතක නැවතත් වීඩියෝවේ බවුසරයෙන් තෙල් ලබා ගන්නා කාන්තාවගේ ස්වාමිපුරුෂයා බව කියමින් තවත් සටහන් (Posts) ෆේස්බුක් ඔස්සේ සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. 

“ඩොක්ට පාස් එකක් ගහං හොර පාරෙන් බවුසරෙන් තෙල් ඇදපු මෑන් අරගලෙත් හිටපු එකෙක්” යැයි ද ඒවායේ දැක්විණි. 

එවැනි සටහන්(Post) කිහිපයක තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

ඉහත කී ෆේස්බුක් සටහන් බොහෝමයක ඡායාරූපවල සිටින්නේ  ජයන්ත විජේසිංහ මහතා බව අපට හඳුනාගත හැකි විය. 

ජයන්ත විජේසිංහ මහතා යනු වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ය. ඔහු පරිසර සංරක්ෂණවේදියකු ලෙස ද කටයුතු කර යි. 

ඔහු හෑෂ්ටැග් පරපුර, ලෝක වැසි වනාන්තර දිනයට සමඟාමීව සංවිධානය කළ වැඩසටහනකට සම්පත් දායකයකු ලෙසද සහභාගී විය.  

තමන් සම්බන්ධයෙන් ෆේස්බුක් සටහන්වල දැක්වෙන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවත් තමන් මෙම සිදුවීමට කිසිසේත් සම්බන්ධ නොවන බවත් ජයන්ත විජේසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත. 

තමා වෛද්‍යවරයකු නොව සංරක්ෂණවේදියකු බවත් සිය බිරිඳ නීතීඥවරියක බවත් ඔහු එහි සඳහන් කර ඇත.  

ජයන්ත විජේසිංහ මහතා ඔහුගේ ෆේස්බුක්(Facebook) පිටුවෙහි දක්වා ඇති සටහනේ තිරඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත. ඊට මෙතැනින් පිවිසෙන්න. 

තමා ඉලක්ක කරගනිමින් එක්තරා කණ්ඩායමක් මෙලෙස දුස් තොරතුරු බෙදා හැර ඇති බවත් තමන් ඔවුන් හඳුනාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර කළ විමසීමකදී ජයන්ත විජේසිංහ මහතා පැවැසීය. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇතැයි ද ඔහු කීවේ ය. 

මේ අතර ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ නීතිවිරෝධී අයුරින් ඉන්ධන ගොඩබෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත්, එම විමර්ශන අවසන් වන තෙක් අදාළ බවුසර් තුනේ බලපත්‍ර සිපෙට්කෝ සහ ලංකා IOC සමාගම විසින් වහාම අත්හිටුවා ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබුණි.

නිගමනය : ඉන්ධන ප්‍රවාහන බවුසරයක් මහමග නවතා ඉන්ධන පිරවූ බූලියකින් මෝටර් රථයකට ඉන්ධන ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහන්වල(Post)  දක්වා තිබූ ඡායාරූප හා දුරකථන අංකය සැබෑ සිද්ධියට අදාළ වෛද්‍යවරයාගේ නොව සංරක්ෂණවේදී ජයන්ත විජේසිංහ මහතාගේ ඡායාරූප හා දුරකථන අංක බැවින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන්(Post) මහජනතාව නොමග යවන බවයි.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …