කැනේඩියානු රජය රැකියා සඳහා බඳවාගන්නා බව සඳහන් පණිවුඩයක් ඉකුත් දින කිහිපයේ දී වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හුවමාරු ජාලය තුළ හුවමාරු විය.
CANADIAN GOVERNMENT JOB RECRUITMENT 2022 යනුවෙන් සිරස්තලයක් සහිතව මෙම පණිවුඩය, වට්ස්ඇප් පණිවුඩ ජාලය තුළ හුවමාරු වූ අතර කැනඩාවේ රැකියා කිරීමට අපේක්ෂා කරන සියලු දෙනාට මෙය විවෘත යැයි ද එහි දැක්විණි.
ඊට අදාළව තවත් විස්තර ද සහිත මෙම පණිවුඩයේ අයඳුම් කරන්න (Apply Here) යනුවෙන් දැක්විණි. එහි සබැඳියක් (Link) දක්වා ඇති අතර එමඟින් අයඳුම් කරන්නැයි දක්වා ඇත.
එම වට්ස්ඇප් (WhatsApp) තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත.
එහි ඇති සබැඳිය (Link) මත ක්ලික් (Click) කළ පසු පහත වෙබ් පිටුවට පිවිසේ.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කරන ලදි.
මෙම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩය අසත්‍ය පණිවුඩයක් බව එහි නිලධාරිනියක් අප වෙත දැනුම් දුන්නා ය.
ඉහත දැක්වූ පරිදි අදාළ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයේ ඇති සබැඳියට (Link) පිවිසුණු විට අදාළ වෙබ් අඩවිය ද නිල වෙබ් අඩවියක් නොවන බව නිරීක්ෂණය කළ හැකි ය.
මේ ආකාරයේ පණිවුඩයක් සම්බන්ධයෙන් අප මීට පෙර කරුණු පරීක්ෂාවකින් (Fact Check) පැහැදිලි කරන ලදි. මෙතැනින්
නිගමනය : ඉහත සඳහන් කළ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩය ව්‍යාජ පණිවුඩයකි.
මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය.
කූඨ අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ව ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී.
මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය.
මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණ කි.
මේ ආකාරයේ තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල වීසා වැඩසටහන්, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය.
ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය.
ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මූල්‍ය සේවා, බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය.
එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය.
මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂා කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය.
- “ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයිය” සම්බන්ධ පණිවුඩ ව්‍යාජයි
- වට්ස්ඇප් මැසේජ් යැව්වාට “ඩේටා” ලැබෙන්නේ නැහැ.
- ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහනට අන්තර්ජාලය තුළින් ලියාපදිංචි විය යුතු ද ? විය හැකි ද ?
- ‘කොවිඩ්-19’ වයිරසයට වියට්නාමය ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. / උණු වතුරේ තේ සාදා ලෙමන් යුෂ යොදා පානය කිරීම ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් නොවේ.
- සුපිරි වෙළෙඳසැල්වලින් තෑගි, වට්ටම්, වවුචර ලබාදෙන බවට සඳහන් කරමින් හුවවාරු වන පණිවුඩ අසත්‍යයි/ව්‍යාජයි.
- මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.
- ලැප්ටොප් දෙන බව කියන වට්ස්ඇප් පණිවුඩය ව්‍යාජයි
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.