‘කොවිඩ්-19’ වයිරසයට එරෙහිව මේ වනවිට ඇති එකම විකල්පය බවට පත්ව ඇත්තේ අඛණ්ඩව සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමත් සාර්ථක එන්නත්කරණයත් ය.
ලොව රටවල් රැසක් මේ වනවිට සිය ජාතික එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව සිදු කරගෙන යන අතර එන්නත්කරණයේ සාර්ථකත්වය හේතුවෙන් රටවල් බොහෝමයක් මේ වනවිට සිය සංචරණ සීමා, දේශසීමා වසා දැමීම්, ලොක්ඩවුන් සීමා (අගුළු දැමීම්) යනාදිය ලිහිල් කරමින් සිටියි.
රට රටවල් එන්නත්කරණය ක්‍රියාවලිය වේගවත් කරමින් සිටින අතරවාරයේ දී ‘කොවිඩ්-19’ එන්නත් සම්බන්ධයෙන් දුස් තොරතුරු ව්‍යාප්ත වන ආකාරයක් ද නිරීක්ෂණය විය.
විශේෂයෙන්ම එන්නත්කරණයෙන් පසු ඇති විය අතුරු ආබාධ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වූ අතර එන්නත්කරණය සම්බන්ධයෙන් අතථ්‍ය තොරතුරු (misinformation) සහ දුස් තොරතුරු (disinformation) පෙනෙන්ට තිබේ.
එන්නත්කරණයට එරෙහිව ප්‍රතිරෝධයක්/විරෝධයක් (vaccine resistance) කණ්ඩායම් අතර මේවා වැඩි වැඩියෙන් හුවමාරු වන ආකාරයක් ද නිරීක්ෂණය විය.
එන්නත්කරණයට ලක් වීමෙන් අනතුරුව ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් ෆේස්බුක් සමූහ (Facebook Groups) තුළ පෝස්ට්ස් (Posts) පළ වන අයුරුත් අනතුරුව පෞද්ගලික අත්දැකීම් හුවමාරු වන අයුරුත් ඒවා කමෙන්ට්ස් (comments) අයුරුත් දක්නට ලැබිණි.
මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්,
ඉහත සබැඳි (link) දක්වන ලද ඒවායේ සහ තවත් පෝස්ට්ස් (Posts) සහ කමෙන්ට්ස්වල (comments) ස්ක්‍රීන්ෂොට්ස් (screenshots) කිහිපයක් පහතින් දැක්වේ.












මෙම බොහෝමයක් පෝස්ට් (Posts) සහ කමෙන්ට්ස් (comments) එන්නත් ප්‍රතිරෝධයක් සමඟ පැමිණි ඒවා බව නිගමනය කළ හැකිය.
එන්නත් ප්‍රතිරෝධය/විරෝධය (vaccine resistance) හේතුවෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් දෙගිඩියාවක් (vaccine Hesitancy) නිර්මාණය වී තිබේ.
මේ සියල්ල හේතුවෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම එන්නත්කරණය සිදුවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් අතථ්‍ය තොරතුරු (misinformation) සහ දුස් තොරතුරු (disinformation) සංසරණය/හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි ය.
‘කොවිඩ්-19’ එන්නත් ඉතා ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. එන්නත්කරණය මඟින් ‘කොවිඩ්-19’ වයිරසයේ දරුණු තත්ත්ව ඇති වීම සහ ‘කොවිඩ්-19’ වයිරස ආසාදනය මරණයට පත්වීමෙන් ඔබ ආරක්ෂා කරයි. එන්නත්කරණයෙන් පසු ඔබට මද අසනීප තත්ත්ව ඇති විය හැකි අතර එය ඔබේ ශරීරය ආරක්ෂාව ගොඩනගන බව ට පෙන්වන සංඥාවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කර ඇත. මෙතැනින්,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ද මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කර ඇත.
එන්නත්කරණයෙන් පසු අතුරු ආබාධ ඇති වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම මේ සම්බන්ධයෙන් පර්යේෂණ සහ අධ්‍යයන සිදු කරන ලොව ප්‍රකට පෙළේ විද්‍යාඥයන් සහ විශ්වවිද්‍යාල ද පෙන්වා දී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පාසල/පීඨය (Johns Hopkins Medicine) මේ සම්බන්ධයෙන් කර තිබෙන කරුණු පැහැදිලි කිරීම මෙතැනින්,
“කොවිඩ්-19 එන්නත් ඉතා ඉක්මනින් නිෂ්පාදනය කළ ද ඒවායේ ආරක්ෂාව පරෙස්සමෙන් තහවුරු කර ඇත.”
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි විශ්වවිද්‍යාලය (Missouri) කර තිබෙන කරුණු පැහැදිලි කිරීම මෙතැනින්,
එංගලන්ත සෞඛ්‍ය සේවය මේ සම්බන්ධයෙන් කර ඇති කරුණු පැහැදිලි කිරීම මෙතැනින්,
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන කර ඇති කරුණු පැහැදිලි කිරීම මෙතැනින්,
සෑම එන්නතකින්ම ඖෂධයකින් අතුරු ආබාධ ඇතිවිය හැකි යන්න වෛද්‍ය උපදේශය සහ නිගමනය යි.
‘කොවිඩ්-19’ එන්නත්වලට එම වෛද්‍ය නිගමනය සහ උපදේශය අදාළ වේ.
‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීමෙන් පසු ඇති වන අතුරු ආබාධ යනාදිය මද අසනීප තත්ත්ව වේ.
ඒවායේ දරුණු තත්ත්ව ඉතාම දුලභ බව වෛද්‍යවරුන්/විද්‍යාඥයන් සහ පර්යේෂකයන් පෙන්වා දී ඇත.
දැනට ලොව භාවිත එන්නත් රැසකට අදාළ ඒවායේ අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය කර ඇති කරුණු පැහැදිලි කිරීම. මෙතැනින්,
කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් සහ ඒවායේ අතුරා ආබාධ සම්බන්ධයෙන් යූරෝ නිව්ස් (Euro News Next) පුවත් සේවය වාර්තා කර ඇත. අදාළ ලිපිය සැප්තැම්බර් 25 වැනිදා යාවත්කාලීන කර ඇත.
එම ලිපියට මෙතැනින්,
ජැන්සෙන් (Johnson & Johnson (Janssen)) යනුවෙන් මෙම එන්නත හැඳින්වෙන අතර එහි ප්‍රධාන අතුරු ආබාධ දෙකක් හඳුනාගෙන ඇත.
එම ලිපියට අදාළව රුධිර කැටි ගැසීම් සහ ප්‍රතිශක්තීකරණ ආබාධයක් හඳුනාගෙන ඇත.
රුධිර කැටි ගැසීම්වලින් ඇති වන ආබාධ තත්ත්වය ඇතිවන්නේ 10,000කින් එක් අයකුට ය.
Guillain-Barre syndrome ප්‍රතිශක්තීකරණ රෝගී තත්ත්වය ඇති වී ඇත්තේ පුද්ගලයන් 100 දෙනකුට පමණි.
ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්-19’ එන්නත්කරණයට අදාළ සියලු මාර්ගෝපදේශ සහ උපදෙස් වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ඊට මෙතැනින්, පිවිසෙන්න.
අපගේ නිගමනය
‘කොවිඩි-19’ එන්නත්කරණයෙන් සිදුවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් නිර්මාණය කරන බව අපට නිරීක්ෂණය වී තිබේ.
ඒ තුළින් එන්නත් විරෝධයක් ඇති කිරීමටත් එන්නත්කරණය සම්බන්ධයෙන් දෙගිඩියාවක් ඇති කිරීමත් අරමුණ වී ඇති බව ද පෙනී යයි.
සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගැනීමේ ‘කොවිඩ්-19’ එන්නත්කරණයෙන් පසු දරුණු අතුරු ආබාධ ඇතිවීමේ තත්ත්ව ඉතාම දුර්ලභය.
එබැවින් ඉහත පෙන්වන ලද ෆේස්බුක් සටහන් (Facebook Posts) බොහෝමයක් මහජනතාව නොමඟ යවන අන්තර්ගත (content) ලෙස නිගමනය කළ හැකි ය.