FACT CHECK : ගායන ශිල්පී ශිහාන් මිහිරංග YouTube නාලිකාවක් හරහා පිළිකා රෝගී දරුවන් සඳහා මුදල් එකතු කරනවාද ?

සංගීත ප්‍රසංගයකදී මුදල් එකතු කර පිළිකා රෝගී දරුවකුට උපකාර කළ බවත් එවැනි දරුවන් තවත් සිටින බවත් එම දරුවන්ට උදව් කිරීමට අවශ්‍ය නිසා යූටියුබ් චැනලයක් (YouTube) හා සම්බන්ධ වන්නැයි (subscribe කරන්නැයි) ගායන ශිල්පී ශිහාන් මිහිරංග පැවැසුවා යැයි දැක්වෙන ෆේස්බුක් සටහනක් (Facebook Post) ඉකුත් දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. 

ගායන ශිල්පී ශිහාන් මිහිරංගගේ යැයි කියන ෆේස්බුක් සමූහයක (Facebook Group)  මෙය මුල්වරට පළ කළ තිබූ අයුරු නිරීක්ෂණය විය.

මේ වන විට මෙම ෆේස්බුක් සටහන ශිහාන් මිහිරංග යැයි සදහන් ෆේස්බුක් සමූහයෙන් (Facebook Group) ඉවත් කර ඇත.

මෙම ආරම්භක ෆේස්බුක් සටහන පසුව පහත ආකාරයේ ෆේස්බුක් සටහනක් (Facebook Post) ලෙස ෆේස්බුක් සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය විය.

මගේ හොඳම යාළුවගේ චූටි පුතා පිළිකා රෝගියෙක් කියලා දන ගන්න කොට මම හිටියේ ප්‍රසංගයක. මට කෝල් කලා ඒ යාළුවට ඒ වෙනුවෙන් වියදම් කරන්න තිබුණ අන්තිම සතයත් වියදම් කරලා බැරිම තැන මගෙන් උදව්වක් ඉල්ලගන්න. මම ප්‍රසංගයේදී ඒක කියුවා මට හිතාගන්නවත් බැරි තරම් මුදලක් මගේ රසිකයන් එකතු කළ ඒ මුදලින් අද ඒ පුංචි දරුවා සුව වෙලා.

පලවෙනි comment එකේ තියෙනවා youtube channel එකක් ඒක හැදුවේ එකෙන් ලැබෙන මුදල් මේ වගේ අසරණ උන තවත් මල් කැකුළු වෙනුවෙන් පරිත්‍යාග කරන්න.

මේ සම්බන්ධයෙන් ගායන ශිල්පී ශිහාන් මිහිරංග සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් (Post) තබා තිබිණි. එහි තිර ඡායාරූපයක්(Screenshot) පහතින් දැක්වේ. මෙතැනින් 

මෙය තවදුරටත් සහතික කරගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ගායන ශිල්පී ශිහාන් මිහිරංගගෙන් විමසීමක් කරන ලදී. 

‘මේක සම්පූර්ණයෙන් ම බොරුවක්. මට ඒ යූටියුබ් නාලිකාව එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මම ඒක ප්‍රතික්ෂේප කරලා ෆේස්බුක් එකේ පෝස්ට් එකකුත් ශෙයා කරා’

අදාළ ෆේස්බුක් සටහනේ ඇති යූටියුබ් (YouTube) නාලිකාව සම්බන්ධයෙන් අප විමසීමක් කරන ලද අතර එය මේ වනවිට අක්‍රීය කර තිබේ. එම යූටියුබ් නාලිකාවේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ. මෙතැනින්,

නිගමනය : ගායන ශිල්පී ශිහාන් මිහිරංග පිළිකා රෝගී දරුවන් සඳහා යූටියුබ් (YouTube) නාලිකාවක් යොදාගනිමින් මුදල් එකතු කරනවා යනුවෙන් සංසරණය වන ෆේස්බුක් සටහන ව්‍යාජ එකක් යැයි අපට නිගමනය කළ හැකි ය. ගායන ශිල්පී ශිහාන් මිහිරංග සහ එම යූටියුබ් නාලිකාව අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ද නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …