මේ වන විට ලොව සමාජය මාධ්‍ය අතරින් ටික් ටොක් (Tik Tok) සමාජ මාධ්‍ය ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානය වන විට ව්‍යාපාරිකයන්, නළු නිළියන්, සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් ඇතුළු සමාජයේ විවිධ තලවල සිටින පුද්ගලයන් ටික් ටොක් (Tik Tok) වෙත නැඹුර වී සිටින අයුරු නිරීක්ෂණය විය.
එවැනි වටපිටාවක ඇතැම් ශ්‍රී ලාංකික දේශපාලඥයන්ගේ නමින් ව්‍යාජ Tik tok ගිණුම් විශාල ප්‍රමාණයක් ටික්ටොක් වේදිකාව තුළ දක්නට ලැබුණි. විශේෂයෙන් ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගේම නමින් මෙවැනි ව්‍යාජ ගිණුම් රාශියක් පවත්වාගෙන යන බව දිස් විය.
අනිකුත් සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම Tik Tok සමාජ මාධ්‍ය ජාලය තුළ ද නිල ගිණුම් හඳුනාගැනීම සඳහා (Verification – Blue Tick) එකක් ලබාදෙයි.
මෙරට දේශපාලනඥයන්ගෙන් තමන්ගේ මහජන සම්බන්ධතා කටයුතු පවත්වාගෙන යෑම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ටික්ටොක් (Tik Tok) ගිණුම් පවත්වාගෙන යන බව නිරීක්ෂණය විය.
ටික්ටොක් (Tik Tok) සමාජ මාධ්‍ය ජාලය නිරීක්ෂණය කිරීමේදී ඒ තුළ විවිධ දේශපාලනඥයන්ගේ නම්වලින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන බව අපට නිරීක්ෂණය විය.
මේ හේතුවෙන් ප්‍රධාන දේශපාලනඥයන් කිහිපදෙනකු තෝරාගනිමින් ඔවුන්ගේ නම්වලින් නිල හෝ ව්‍යාජ හෝ ගිණුම් තිබෙන්නේ දැ යි අපි නිරීක්ෂණය කළෙමු.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් නිල ටික් ටොක් (Tik Tok) ගිණුමක් නොමැති බව අපට නිරීක්ෂණය විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය.
ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය.
මේ කිසිදු වෙබ් අඩවියක ටික් ටොක් (Tik Tok) සම්බන්ධයෙන් ටික් ටොක් (Tik Tok) ගිණුමකට සබැඳියක් හෝ දක්වා නොමැත.
අප කළ විමසීමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් නමින් නිල ටික් ටොක් (Tik Tok) ගිණුමක් නොමැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවැසීය.
ටික් ටොක් සමාජ ජාලය නිරීක්ෂණය කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් රැසක් හඳුනාගැනීමට අවස්ථාව ලැබිණි.
ඒවායෙන් කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් (තිර ඡායාරූප – screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් තිබෙන ව්‍යාජ ටික්ටොක් ගිණුම්වලට පහත සබැඳි මඟින් පිවිසිය හැකි ය.
- https://www.tiktok.com/@gotabaya_r
- https://www.tiktok.com/@_gotabaya_rajapaksa__
- https://www.tiktok.com/@gotabaya_rajapaksha7
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ නමින් ද නිල ගිණුමක් නොමැති බවත් ඔහුගේ නමින් ද ව්‍යාජ ගිණුම් කිහිපයක් තිබෙන බව අප ට නිරීක්ෂණය විය.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියට.
අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවියට.
මේ කිසිදු වෙබ් අඩවියක ටික් ටොක් (Tik Tok) සම්බන්ධයෙන් ටික් ටොක් (Tik Tok) ගිණුමකට සබැඳියක් හෝ දක්වා නොමැත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් නිල ටික් ටොක් (Tik Tok) ගිණුමක් නොමැති බව අප කළ විමසීමකදී අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අප වෙත සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්ෂ මහතාගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් රැසක් තිබෙන බව ද අපට නිරීක්ෂණය විය.
ඒවායෙන් කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් (තිර ඡායාරූප – screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙ ටික්ටොක් (Tik Tok) ගිණුමක් ඇති බවට අපට නිරීක්ෂණය විය.
අදාළ ටික්ටොක් ගිණුමේ විපක්ෂ නායකවරයාගේ වෙබ් අඩවියට සබැඳියක් ද දක්වා ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යන්නේ දැයි අප විමසීමක් කරන ලදි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් නිල ටික්ටොක් ගිණුමක් පවත්වාගෙන යන බවත් ඔහුගේ අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට සාපේක්ෂාව එහි යාවත්කාලීන කිරීම් අඩු බවත් විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා අප වෙත සඳහන් කළේ ය.
ඉහතින් දක්වා ඇති ටික්ටොක් ගිණුම සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ටික්ටොක් ගිණුම යැයි ද ඔහු තහවුරු කළේ ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් පවතින අනෙක් ටික්ටොක් ගිණුම් සියල්ල ව්‍යාජ ඒවා බව ද ඔහු අප වෙත පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් ව්‍යාජ ටික් ටොක් ගිණුම් පවත්වාගෙන යන බව අපට නිරීක්ෂණය විය.
ඒවායින් කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් පහතින් දක්වා ඇත.
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ (ජනතා විමුක්ති පෙරමුණේ නායක) නමින් නිල ටික්ටොක් ගිණුමක් ඇත්දැයි අප විමසීමක් කරන ලදි.
අනුර කුමාර දිසානායක මහතාගේ නමින් නිල ටික්ටොක් ගිණුමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධිකාරක අපට දැනුම් දෙන ලද ලදි.
අනුර කුමාර දිසානායක මහතාගේ නමින් ද ව්‍යාජ ටික්ටොක් ගිණුම් පවත්වාගෙන යන බව අපට නිරීක්ෂණය වූ අතර ඒවායින් කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් පහතින් දක්වා ඇත.
නිගමනය ; ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම්වලින් නිල ටික් ටොක් (Tik Tok) ගිණුම් පවත්වාගෙන නොයන බව අපට නිගමනය කළ හැකි ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නමින් නිල ටික් ටොක් (Tik Tok) ගිණුමක් තිබෙන අතර එහි ඔහුගේ වෙබ් අඩවියට සබැඳියක් දක්වා ඇත. ඊට අමතරව ඔහුගේ නමින් තිබෙන අනෙක් ගිණුම් ව්‍යාජ ගිණුම් යැයි තහවුරු කළ හැකි ය.
මේ ආකාරයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ටික් ටොක් (Tik Tok) මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවලද දැකිය හැකි ය. එහි දි ඒවා නිල සමාජ මාධ්‍ය ගිණුම්/පිටු (Verified Accounts / Pages) ද, නැතිනම් ඒවා පවත්වාගෙන යන්නේ ඒවා අයත් හෝ ඒවායේ නම තිබෙන පුද්ගලයන් ද සොයා බැලීම සඳහා සරල උපක්‍රම භාවිත කළ හැකි ය. ඒ සඳහා සමාජ මාධ්‍ය ජාල මඟින් ම පහසුකම් සපයා දී ඇත. විශේෂයෙන් නිල පැහැ හරි ලකුණ (Blue colour Tick – Blue Tick – Blue Badge) ඒ සඳහා ඇති පහසුකමකි. ඊට අමතරව අදාළ ගිණුමට Like කර ඇති හෝ Follow කර ඇති හෝ ඔබේ මිතුරන්, ඔබ දන්නා හඳුනන මිතුරන් (Friends/Mutual Friends) සහ Followers මඟින් ඒවා තහවුරු කර ගත හැකි ය.