FACT CHECK : ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද ?

ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසනට විකාශය වන දස දෙසින් හත වැඩසටහනේ දී ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විණි.

එම වැඩසටහන මෙහෙයවන හඩ්සන් සමරසිංහ මහතා සඳුදා (25) ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය නොහැකි යැයි පැවැසීය. 

එම වැඩසටහනේ 12.21 මිනිත්තුවේ දී ඔහු ඒ බව පැවැසීය. 

එම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසිය හැකි ය. 

“ඒකෙන් ඔහුට අස්වෙන්න බෑ. ජනාධිපතිවරයා ඉල්ලා අස්කරන්න නම් දෝෂාභියෝගයක් ගේන්න ඕන නීත්‍යනුකූලව” යනුවෙන් හඩ්සන් සමරසිංහ මහතා පැවැසීය. 

ඔහුගේ එම ප්‍රකාශය වැරැදි ය. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (ආ) වගන්තියෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි බව පැහැදිලිව දක්වා තිබේ. 

එම වගන්තියේ මෙසේ දැක්වෙයි. 

“කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් එවිට ද; ජනාධිපති ධුරය හිස්වන්නේ ය.” 

නිගමනය : “ඒකෙන් ඔහුට අස්වෙන්න බෑ. ජනාධිපතිවරයා ඉල්ලා අස්කරන්න නම් දෝෂාභියෝගයක් ගේන්න ඕන නීත්‍යනුකූලව” යනුවෙන්  කර ඇති ප්‍රකාශය වැරැදි වේ. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. 

Share this post

Related Projects

Fact Check

FACT CHECK : රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි ද?

“නිලධාරීන් දේශපාලනඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි” යන සිරස්තලය යටතේ සැත්තැම්බර් මස 04 වන දින ඉරිදා …

Fact Check

FACT CHECK : ஏப்ரல் மாதத்தில் இலங்கைக்கு 129,000 சுற்றுலாப் பயணிகள் வந்தார்களா?

“கடந்த ஏப்ரலில் மாத்திரம் எங்கள் சுற்றுலாப் பயணிகளின் வருகை 129,000 இருந்தது” என ஆகஸ்ட் 25ஆம் திகதி நாடாளுமன்ற உறுப்பினர் எஸ்.பி.திஸாநாயக்க தெரிவித்த கருத்து பொய்யானது. கடந்த …

Fact Check

FACT CHECK : අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට   සංචාරකයන් එක්ලක්ෂ විසිනමදාහක්?

“පහුගිය අප්‍රේල්වල අපේ සංචාරකයන්ගේ පැමිණීම එක්ලක්ෂ විසිනමදාහක් වුණා. අප්‍රේල්වල විතරක්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අගෝස්තු 25 වැනිදා කරන ප්‍රකාශය …

Fact Check

FACT CHECK : அவசரகாலச் சட்டம் இலங்கையில் உள்ள LGBTIQ+ சமூகத்திற்கு அச்சுறுத்தலாக இருந்ததா ?

பதில் ஜனாதிபதியாக நியமிக்கப்பட்ட ரணில் விக்கிரமசிங்க,விசேட வர்த்தமானியொன்றின் மூலம் கடந்த ஜூலை மாதம் 17ஆம் திகதி நாட்டில் அவசரகாலச் சட்டத்தை அமுல்படுத்தினார். குறித்த அவசரகால சட்டம் தொடர்பில் …

Fact Check

FACT CHECK : ශ්‍රී ලංකාව තුළ LGBTIQ+ ප්‍රජාවට හදිසි නීතිය තර්ජනයක් වුණා ද?

වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 17 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රට තුළ හදිසි …

Fact Check

FACT CHECK : Did the Central Bank Governor make a statement stating “Inflation is not a problem, it is the perfect solution”?

Sri Lanka is currently facing an acute economic crisis. One of the main issues is the high inflation. As announced …