FACT CHECK : ‘ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අයිති නෑ – යුපුන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්’ යනුවෙන් හිරු ප්‍රවෘත්ති ආයතනය අද (4) පස්වරුවේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.

‘ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අයිති නෑ – යුපුන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්’ යනුවෙන් හිරු ප්‍රවෘත්ති ආයතනය අද (4) පස්වරුවේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. 

මෙම ප්‍රවෘත්තිය මහජනතව නොමඟ යවන ආකාරයේ ප්‍රවෘත්තයකි.

ස්විට්සර්ලන්තයේ පැවැති රේසිසිප්‍රින්ට් ජාත්‍යන්තර ඉසව්වේදී (Resisprint International) දකුණු ආසියානු වාර්තාවක් තබමින් මීටර 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුපුන් අබේකෝන් සමත් විය. 

එම ජයග්‍රහණයෙන් අනතුරුව යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කර තිබිණි. මෙතැනින්

එම විඩියෝවේ එක්තැනක ඔහු මෙසේ කීවේ ය. 

“මේකේ අයිතිය තියෙන්නේ මට සහ මගේ ටීම් එකට. ලංකාවේ කවුරුවත් මට මේකට උදව් කළේ නෑ.”

ඊට අමතරව තමන් වෙනුවෙන් සුබපැතූ තමන් දිරිගැන්වූ සියලු දෙනාට මේ ජයග්‍රහණය කරන පුද කරන බව ද ඔහු එහිදි කීය. 

හිරු ප්‍රවෘත්ති සේවය ඔවුන්ගේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ මෙම විඩියෝ පටය උපුටා ගනිමිනි.

ෆේස්බුක් 

වෙබ්අඩවිය 

හිරු ප්‍රවෘත්ති සේවය මුලින් ම “ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අයිති නෑ – යුපුන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්” යනුවෙන් වාර්තා කර තිබිණි. 

පසුව එම ප්‍රවෘත්තිය සිරස්තලය වෙනස් කරමින් වාර්තා කර තිබිණි. 

මෙම ප්‍රවෘත්තිය අවස්ථා කිහිපයකදී සංස්කරණය කර තිබිණි. 

අප මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදීම ෆේස්බුක් (Facebook) ඔස්සේ යුපුන් අබේකෝන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. (ඔහුගෙන් පිළිතුර ලද විගස මෙම ලිපිය යාවත්කාලීන කෙරේ.)

අදාළ ජයග්‍රහණයෙන් සහ පුවත්පත්වලින් පසු යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවී ව (Facebook Live) අදහස් දක්වා තිබිණි.  

නිගමනය : යුපුන් අබේකෝන් සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ආයතනය පළ කර තිබූ ප්‍රවෘත්තිය මහජනතාව නොමඟ යවයි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.  

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …