FACT CHECK : නවක නිළියගේ නමින් ව්‍යාජ ටික්ටොක් ගිණුම්

ෆේස්බුක් (Facebook), යූටියුබ් (YouTube), වැනි සමාජ මාධ්‍ය අතර මේ වන විට සමාජයේ වඩාත් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් ලෙස    ටික්ටොක්(TikTok) සමාජගත වී ඇත. මේ වන විට සමාජයේ විවිධ තල නියෝජනය කරන දේශපාලඥයන්, ව්‍යාපාරිකයන්, නළු නිළියන් හා සමාජ ක්‍රියාකාරී පුද්ගලයන් ටික්ටොක් වෙත ප්‍රවේශ වී සිටින අයුරු නිරීක්ෂණය කළ හැකි ය. 

ටික්ටොක් වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ  විවිධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් විවිධාකාරයේ හිංසන සිදුවන ප්‍රවණතාවක් ද අපට නිරීක්ෂණය කළ හැකි විය. 

ඒ අනුව විවිධ කාලවකාවානු තුළ සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන පුද්ගල චරිත ඉලක්ක කරගනිමින් ඔවුන් පිළිබදව ඍණාත්මක ආකල්ප මහජනගත කිරීමේ අරමුණින් ව්‍යාජ ටික් ටොක් ගිණුම් නිර්මාණය වන ආකාර දක්නට ලැබේ. 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් (ඡායාරූප සහ විඩියෝ – Social Media Posts (Photos and Videos)) හේතුවෙන් නවක ටෙලි නාට්‍ය නිළියක වන කාවින්ද්‍යා දුල්ෂාණි අන්තර්ජාලය තුළ හිංසනවලට ලක්විය.  මේ තත්ත්වයත් සමඟ නවක ටෙලි නාට්‍ය නිළියක වන කාවින්ද්‍යා දුල්ෂාණිගේ නම සහ ඇය පෙනී සිටින විඩියෝ, ඇයගේ ඡායාරූප යනාදිය භාවිත කරමින් මහජනතාව නොමඟ යවමින් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තුළ ව්‍යාජ ගිණුම් රැසක් නිර්මාණය කර ඇති බව අපට නිරීක්ෂණය විය. 

එලෙස නිර්මාණය කරන ලද ව්‍යාජ ටික්ටොක් ගිණුම් කිහිපයක තිර ඡායාරූප(Screenshots)  කිහිපයක් පහතින් දක්වා ඇත.

මෙම ව්‍යාජ ගිණුම් සියල්ල ඉකුත් දින කිහිපයේදී නිර්මාණය කර ඇති බව ඒවා සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී අපට නිරීක්ෂණය විය. 

නවක ටෙලි නාට්‍ය නිළි කාවින්ද්‍යා දුල්ෂාණි ට ඇයගේ නමින් නිල ෆේස්බුක් පිටුවක්, නිල ටික්ටොක් ගිණුමක් සහ නිල ඉන්ස්ටග්‍රැම් ගිණුමක් ඇත. 

කාවින්ද්‍යා දුල්ෂාණීගේ නිල ටික්ටොක් ගිණුම.

කාවින්ද්‍යා දුල්ෂාණීගේ නිල ඉන්ස්ටග්‍රැම් ගිණුම.

කාවින්ද්‍යා දුල්ෂාණීගේ නිල ෆ‌ේස්බුක් පිටුව.

ඒ අනුව කාවින්ද්‍යා දුල්ෂාණි නමින් නිල ටික්ටොක් ගිණුමක් තිබෙන අතර එහි ඇයගේ නිල ෆේස්බුක් පිටුවට අදාළ සැබැදිය ද දක්වා ඇත. එමෙන් ම ඇයගේ නිල ඉන්ස්ටග්‍රැම් ගිණුමේ ද ඇයගේ නිල ටික්ටොක් ගිණුමේ සැබැදිය සදහන් කර ඇත.

නිගමනය :  නවක ටෙලි නාට්‍ය නිළියක වන කාවින්ද්‍යා දුල්ෂාණිගේ නමින් නිල ටික් ටොක් (Tik Tok) ගිණුමක් පවතින අතර එම ගිණුමේ ඇයගේ නිල ෆේස්බුක් පිටුවට අදාළ  සබැඳියක් ද දක්වා ඇත. ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තුළ  නවක ටෙලි නාට්‍ය නිළියක වන කාවින්ද්‍යා දුල්ෂාණිගේ නම, ඡායාරූප සහ විඩියෝ යොදාගෙන නිර්මාණය කර ඇති ටික්ටොක් ගිණුම් ව්‍යාජ ඒවා බව අපට තහවුරු කළ හැකි ය. මේ සියල්ල සැලකීමේදී මෙම ව්‍යාජ ගිණුම්, ඇය පිළිබඳව ඍණාත්මක ආකල්ප ඇති කිරීමේ සහ ඇය අපහසුතාවයටත් හිංසනයටත් පත් කිරීමේ අරමුණින් නිර්මාණය කළ ඒවා බව ද අපට නිගමනය කළ හැකි ය.  

මේ ආකාරයෙන්  ම අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවල ද ව්‍යාජ ගිණුම් නිරීක්ෂණය කළ හැකි ය. එහි දි ඒවා නිල සමාජ මාධ්‍ය ගිණුම්/පිටු (Verified Accounts / Pages) ද, නැතිනම් ඒවා පවත්වාගෙන යන්නේ හෝ ඒවා අයත්වන්නේ හෝ ඒවායේ නම තිබෙන පුද්ගලයන්ට ද නැතිනම් අදාළ සමාජ මාධ්‍ය පිටු හෝ ගිණුම් හෝ අයත් වන්නේ ඒවායේ නම ඇති සත්‍ය පුද්ගලයන්ට ද යන්න සඳහා සරල උපක්‍රම භාවිත කළ හැකි ය. ඒ සඳහා සමාජ මාධ්‍ය ජාල මඟින් ම පහසුකම් සපයා දී ඇත. විශේෂයෙන් නිල පැහැ හරි ලකුණ (Blue colour Tick – Blue Tick – Blue Badge) ඒ සඳහා ඇති පහසුකමකි. ඊට අමතරව අදාළ ගිණුමට Like කර ඇති හෝ Follow කර ඇති හෝ ඔබේ මිතුරන්, ඔබ දන්නා හඳුනන මිතුරන් (Friends/Mutual Friends) සහ Followers මඟින් ඒවා තහවුරු කර ගත හැකි ය. 

Verified Tik Tok ගිණුමක් හඳුනාගන්නා ආකාරය සහ මෙතැනින් 

Tik Tok ගිණුමක් Verify කරගන්නා ආකාරය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …