FACT CHECK : නවසීලන්තය එරට වැසියන්ට ශ්‍රී ලංකාවට යන්න එපා කියයි ?

#updated (2023 පෙබරවාරි 8 වන දින යාවත්කාලීන කරන ලදී.)

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නවසීලන්ත රජය එරට වැසියන්ට, විශේෂයෙන්ම සංචාරකයන්ට ලබාදෙන උපදෙස් යාවත්කාලීන කර ඇතැයි කියැවෙන සටහන් සමාජ මාධ්‍ය තුළ ඉකුත් දින කිහිපයේ දී සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. 

ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව අදාළ සංචාරක උපදසේ යාවත්කාලීන කර ඇති බව ඒවායේ දැක්විණි. 

මෙවැනි සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඩේලිමිරර් (Dailymirror) ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියකි. පෙබරවාරි මස 4 වැනිදා එම ප්‍රවෘත්තිය පළ කර තිබිණි. 

ඩේලිමිරර් වෙබ් අඩවියේ පළ වූ එම ප්‍රවෘත්තිය, එම වෙබ් අඩවියේ දත්තවලට අනුව 4,000කට වැඩි පිරිසක් කියවා/නරඹා තිබිණි. මෙතැනින්

ඩේලිමිරර් වෙබ් අඩවිය, සිය වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය අවස්ථා කිහිපයකදී ම ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබිණි. ඒවායේ තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

ඩේලිමිරර් පුවත් වාර්තාව අසත්‍ය බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

ට්විටර් පණිවුඩයට මෙතැනින්

නවසීලන්තය, ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව එරට වැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කර නොමැති බව මහ කොමසාරිස්වරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. 

“අපට නිශ්චිත රටකට හෝ කලාපයකට යාමට එරෙහිව නවසීලන්ත වැසියන්ට උපදෙස් දෙන සංචාරක උපදේශන වර්ග දෙකක් තිබෙනවා.. “සංචාරය නොකරන්න” සහ “අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින්න”. දැනට මේ ආකාරයේ නවසීලන්ත සංචාරක උපදේශන නිකුත් කර ඇති රටවල් 50කට වඩා තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන් කිසිවකට අයත් වන්නේ නැහැ.”  ඇති රටවල් 50කට වඩා තිබේ. ශ්‍රී ලංකාව ඉන් එකක් නොවේ” යනුවෙන් මහ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කර තිබිණි. 

මහ කොමසාරිස්වරයාගේ ට්විටර් පණිවුඩයෙන් පසු ඩේලිමිරර් පුවත් වෙබ් අඩවිය අදාළ පැහැදිලි කිරීම ඇතුළත් කරමින් තවත් ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. මෙතැනින් 

තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළේ ය.  

“අපි මුලින් පෙබරවාරි 4 වැනි දින ඩේලිමිරර් පුවත්පතේ මේ ගැන ලිපියක් දැක්කා, ඒක අපි ප්‍රතික්ෂේප කළා. ඩේලිමිරර් අද(පෙබරවාරි 06) පත්‍රයේ දැනටමත් ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කර තිබෙනවා. නවසීලන්තය, ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව ‘කිවියන්ට’ (නවසීලන්ත වැසියන්ට)උපදෙස් දෙමින් සංචාරක උපදේශනයක් නිකුත් කර නොමැති බව අපිනැවත අවධාරණය කරනවා.  මේ පිළිබදව සම්පූර්ණ ප්‍රකාශය අපගේ ෆේස්බුක් පිටුව හරහා ඔබට දැක ගන්න පුළුවන්” යැයි එහි නිලධාරිනියක් අප වෙත සඳහන් කළා ය. 

එහි තිර ඡායාරූපයක්(Screenshot) පහතින් දක්වා ඇත.

එපමණක් නොව මෙම ප්‍රවෘත්තිය ම සිංහල බසින් ද පළ වී තිබූ අතර ඒ සඳහා නවසීලන්ත ධජය වෙනුවට ඔස්ට්‍රේලියානු ධජය භාවිත කර ඇති අයුරු ද දක්නට ලැබිණි.

නවසීලන්තය, එරට වැසියන්ට ශ්‍රී ලංකාවට නොයන ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කර නොමැති බව මේ අනුව නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …