FACT CHECK : නොලිමිට් ආයතනය ලබාදෙනවා යයි පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.

නොලිමිට් (Nolimit) ආයතනය රුපියල් 30,000 මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට සඳහන් කර ඇති පණිවුඩයක් ඉකුත් දින කිහිපයේ පණිවුඩ ජාලවල හුවමාරු විය. විශේෂයෙන්ම වට්ස්ඇප් (Whatsapp) පණිවුඩ ජාලය තුළ මෙම පණිවුඩය හුවමාරු විය.

එලෙස හුවමාරු වූ වට්ස්ඇප් (Whatsapp) පණිවුඩයේ තිර ඡායාරූපයක් (Screenshot) එකක් පහතින් දක්වා ඇත. 

එහි ඇති සබැඳිය (Link) මත ක්ලික් (click) කළ පසු පහත වෙබ් පිටුවට (web page) පිවිසේ. 

අප මේ සම්බන්ධයෙන් නොලිමිට් (Nolimit) ආයතනයෙන් විමසීමක් කරන ලදි. 

මෙම සම්පූර්ණයෙන් ව්‍යාජ පණිවුඩයක් බවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ජාල හරහා මහජනතාව දැනුවත් කර ඇති බවත් එම ආයතනයේ පාරිභෝගික සේවා අංශය සඳහන් කළේ ය. 

නොලිමිට් (Nolimit) ආයතනය සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇති දැනුවත් කිරීමේ පණිවුඩ ය. 

මෙතැනින් 

අදාළ ෆේස්බුක් සටහනේ (Facebook Post) සටහනේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දක්වා ඇත.  

නිගමනය ; මේ අනුව අදාළ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් යැයි නිගමනය කළ හැකි ය. 

සුපිරි වෙළෙඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, අන්තර්ජාල වෙළෙඳාම් කරන ආයතන, භාණ්ඩ සහ සේවා සපයන ආයතන යනාදිය සම්බන්ධ කරගනිමින් මේ ආකාරයේ පණිවුඩ රැසක් අප දෙසැම්බර් මාසය මුළුල්ලේ ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලවත් වට්ස්ඇප් (WhatsApp) යනාදී පණිවුඩ ජාලවලත් හුවමාරු වන අයුරු දක්නට ලැබිණි.  

එවැනි ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අප මීට පෙර ද කරුණු පරීක්ෂා කරන ලද ලිපි පළ කරන ලදි.  

මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය. 

කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී. 

මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය. මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණකි. 

මේ ආකාරයේ මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ ආයතනයේ නිල වෙබ් අඩවිය, නිල ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (නිල (Verified Pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය. 

ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. 

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මූල්‍ය සේවා, බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය. 

එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

FACT CHECK : රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි ද?

“නිලධාරීන් දේශපාලනඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි” යන සිරස්තලය යටතේ සැත්තැම්බර් මස 04 වන දින ඉරිදා …

Fact Check

FACT CHECK : ஏப்ரல் மாதத்தில் இலங்கைக்கு 129,000 சுற்றுலாப் பயணிகள் வந்தார்களா?

“கடந்த ஏப்ரலில் மாத்திரம் எங்கள் சுற்றுலாப் பயணிகளின் வருகை 129,000 இருந்தது” என ஆகஸ்ட் 25ஆம் திகதி நாடாளுமன்ற உறுப்பினர் எஸ்.பி.திஸாநாயக்க தெரிவித்த கருத்து பொய்யானது. கடந்த …

Fact Check

FACT CHECK : අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට   සංචාරකයන් එක්ලක්ෂ විසිනමදාහක්?

“පහුගිය අප්‍රේල්වල අපේ සංචාරකයන්ගේ පැමිණීම එක්ලක්ෂ විසිනමදාහක් වුණා. අප්‍රේල්වල විතරක්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අගෝස්තු 25 වැනිදා කරන ප්‍රකාශය …

Fact Check

FACT CHECK : அவசரகாலச் சட்டம் இலங்கையில் உள்ள LGBTIQ+ சமூகத்திற்கு அச்சுறுத்தலாக இருந்ததா ?

பதில் ஜனாதிபதியாக நியமிக்கப்பட்ட ரணில் விக்கிரமசிங்க,விசேட வர்த்தமானியொன்றின் மூலம் கடந்த ஜூலை மாதம் 17ஆம் திகதி நாட்டில் அவசரகாலச் சட்டத்தை அமுல்படுத்தினார். குறித்த அவசரகால சட்டம் தொடர்பில் …

Fact Check

FACT CHECK : ශ්‍රී ලංකාව තුළ LGBTIQ+ ප්‍රජාවට හදිසි නීතිය තර්ජනයක් වුණා ද?

වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 17 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රට තුළ හදිසි …

Fact Check

FACT CHECK : Did the Central Bank Governor make a statement stating “Inflation is not a problem, it is the perfect solution”?

Sri Lanka is currently facing an acute economic crisis. One of the main issues is the high inflation. As announced …