කොවිඩ්-19 එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් පවතී.
කොවිඩ්-19 එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් රජය මේ වනවිට ප්‍රකාශ නිකුත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද කතාබහක් ඇති වී තිබෙන අයුරු දක්නට ලැබිණි.
එහිදි එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට පක්ෂවත් විපක්ෂවත් සමාජ මාධ්‍ය පරිශීලකයන් විශේෂයෙන්ම ෆේස්බුක් භාවිත කරන්නන් අදහස් දක්වා තිබිණි.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පොදු ස්ථානවලදී එන්නත්කරණයට අදාළ කාඩ්පත අවශ්‍ය බව ට සෞඛ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශ මුල් කරගනිමින් සාකච්ඡාවක් නිර්මාණය වී තිබිණි.
මේ ආකාරයෙන් කතාබහකට මුල් වූ කරුණකට අදාළ සටහනක (Post) තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක් වේ.
පළමු වසර සඳහා සිසුන් බාර ගැනීමේ දී මව හෝ පියා හෝ කොවිඩ්-19 වයිරසයට අදාළ එන්නත්කරණයට ලක්ව තිබිය යුතු බවටත් ඔවුන් සතුව කොවිඩ්-19 එන්නත්කරණයට අදාළ එන්නත තිබිය යුතු බවටත් යන කරුණ අදාළ සංවාදවලට මූලික වී තිබිණි.
මේ ආකාරයේ ම තවත් සටහනක් (Post) ද දක්නට ලැබිණි.
මේ ආකාරයෙන් පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල යනාදිය ද ඇතුළු විවිධ ස්ථානවලට ඇතුළු වීම සඳහා එන්නත්කරණයට ලක්ව සිටිය යුතු බවටත් තමන් සන්තකයේ එන්නත්කරණයට අදාළ කාඩ්පත තිබිය යුතු බවටත් දැක්වෙන සංවාද (conversations) සහ සටහන් (posts) දක්නට ලැබිණි.
අප මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි තීරණයක් ගෙන නැතැයි හෙතෙම තහවුරු කරන ලදි.
මෙවැනි තීරණයක් ගන්නේ නම් එය ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය බවත් ඇතැම් ආයතන යනාදිය ඔවුන්ගේ ස්ථාන, ආයතන හෝ පිහිටි ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත්කරණයට ලක්ව ඇත් ද යන්න සහ අදාළ පුද්ගලයන් සතුව ‘කොවිඩ්-19’ එන්නත්කරණයට අදාළ කාඩ්පත ඉල්ලා සිටින බවත් එය අදාළ ආයතනවල තීරණයක් බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් දැනුම් දෙන ලදි.
අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් දුරකතන මාර්ගයෙන් ද විද්‍යුත් තැපැල් (ඊ – මේල්) පණිවුඩයක් යොමු කරමින් විමසීමක් කරන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි තීරණයක් ගෙන නැති බවටත් මේ සම්බන්ධයෙන් තමන්ට දුරකතන ඇමතුම් රැසක් ලැබුණු බවටත් හෙතෙම සඳහන් කරන ලදි.
මේ ආකාරයේ මහජනතාව නොමඟ යවන ප්‍රවෘත්ති රැසක් සමාජ මාධ්‍ය යේ පළ වී ඇති බවටත් උදාහරණයක් ලෙස උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ප්‍රවෘත්ති පළ වී ඇති බවටත් හෙතෙම සඳහන් කරන ලදි.
අපගේ නිගමනය
මෙවැනි සංවාදවල ප්‍රධාන වශයෙන් හේතු වූ කරුණු දෙකක් පෙන්වා දිය හැකි ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය අවස්ථා කිහිපයකදීම පොදු ස්ථානවලදී කොවිඩ්-19 එන්නත්කරණයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කරන බවට කරන ලද ප්‍රකාශ ඉන් පළමු වැන්නයි.
දෙවැන්න සමාජ මාධය තුළත් ඉන් පරිබාහිරවත් සැලකිය යුතු පිරිසක් කොවිඩ්-19 එන්නත් ප්‍රතික්ෂේප කිරීමත් ඒවා ලබා නොගැනීමට උත්සාහ කිරීමත් ය.
එවැනි පිරිස් ඉහත අප කරුණු පරීක්ෂා කරන ලද ආකාරයේ කරුණු සමාජ ගත කරන බවට පසුගිය කාලයේ මුළුල්ලේ නිරීක්ෂණය වේ.
අවසාන වශයෙන් පළමු වසර සඳහා සිසුන් බාර ගැනීමේ දී මව හෝ පියා හෝ කොවිඩ්-19 වයිරසයට අදාළ එන්නත්කරණයට ලක්ව තිබිය යුතු බවට හෝ ඔවුන් සතුව කොවිඩ්-19 එන්නත්කරණයට අදාළ එන්නත තිබිය යුතු බවට හෝ තීරණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් ගෙන නැති බව අපට තහවුරු කළ හැකි ය.
එබැවින් එවැනි තීරණයක් ගෙන ඇති බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍ය සහ මහජනතාව බවට නිගමනය කළ හැක ය.
එන්නත්කරණ කාඩ්පතට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය ජනවාරි 4 වැනිදා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.