FACT CHECK : පොලිස් ස්ථානවලින් පුරවැසියන්ට දැනුම් දීමක් ද ?

“හදිසි දැනුම්දීමක්, සියලුම පොලිස් ස්ථානවල සිට සියලුම පුරවැසියන්ට” සඳහන් ව වට්ස්ඇප් (WhatsApp) ඇතුළු පණිවුඩ ජාල සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන පණිවුඩය ව්‍යාජ යි. 

 

මෙම පණිවුඩය ඉකුත් මැයි මාසයේ දී සමාජ මාධ්‍ය ජාල සහ පණිවුඩ ජාල තුළ සංසරණය වන ආකාරය අපට නිරීක්ෂණය වූ අතර එම අවස්ථාවේ දී ද අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් (Fact Check) කරන ලදි. 

අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේ දී වට්ස්ඇප් (Whatsapp) හරහා සංසරණය වූ මෙම පණිවුඩය ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ ද නිරීක්ෂණය වන අයුරු අපට නිරීක්ෂණය විය.

ඒවායේ තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දැක් වේ. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර එහිදි ඔහු මෙසේ පැවැසීය. 


“මාස පහකට හයකට කලිනුත් ඔය නිව්ස් එක ආවා ඒකත් බොරුවක් බව මම කිව්වා, ආපහු ඒ නිව්ස් එක උඩට ඇවිත්, ඕක බොරුවක්, ෆේක් නිව්ස් (Fake News) එකක්”


එමෙන්ම මෙම ව්‍යාජ පණිවුඩයේ අවසානයේ දී දැක්වනුයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යනුවෙනි. 


ජනාධිපති ලේකම් කාර්යලය නිකුත් කර ඇති නවතම ගැසට් නිවේදනවලට අනුව එවැනි අමාත්‍යාංශයක් නම් කර නොමැති අතර මෙම විෂය පථයට ගැනෙන පොලිසිය භාර ප්‍රධාන කැබිනට් අමාත්‍යාංශය වනුයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යි. ගැසට් නිවේදනයට මෙතැනින්


මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිසිය හෝ එවැනි නිවේදනයක් හෝ පණිවුඩයක් හෝ නිකුත් කර නැතැයි මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් තහවුරු කළේ ය. 


මේ ආකාරයට ව්‍යාජ පුවත් චක්‍රයක් ලෙස කලින් කලට පණිවුඩ ජාල සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන අයුරු මෙමඟින් නිගමනය කළ හැකි ය. 


මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර මීට පෙර කරන ලද කරුණු පරීක්ෂාවට මෙතැනින් පිවිසෙන්න. 


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …