FACT CHECK : මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව කියමින් වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වන ආකාරය පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබිණි. 

ඊට අදාළව සබැඳියක් (link) මෙලෙස වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වූ අතර එම සබැඳියට පිවිස එහි ඇති ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා මුදල් ත්‍යාග ලබාගන්නැයි ද ඇතැම් පණිවුඩවල සඳහන් විය. 

ඇතැම් පණිවුඩවල එය තවත් පස්දෙනකුට හෝ තම මිතුරන්ට යවන්නැයි ද දැක්විණි. 

ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමෙන් රුපියල් 30,000ක මුදල් ත්‍යාගයක් දිනාගත හැකි බව ද එහි දැක්විණි. 

වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වූ පණිවුඩයේ ස්ක්‍රීන්ෂොට්ස් පහතින් දැක්වේ. 

එම සබැඳියට පිවිසුණු විට මෙවැනි (පහතින් දැක්වේ) වෙබ් පිටුවක් දිස් වේ. 

මෙය බැලූ බැල්මට ව්‍යාජ පණිවුඩයක් බව පෙනී ගිය අතර විශේෂයෙන්ම මහජන බැංකුවේ නිල වෙබ් අඩවියට අදාළ සබැඳිය (Link) යොමු නොවන බව ද පෙනී යයි. 

මේ හේතුවෙන් අප මහජන බැංකුවේ පාරිභෝගික දුරකතන ජාලයෙන් (1961) ජාලයෙන් විමසීමක් කරන ලදි. 

මේ සම්බන්ධයෙන් මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති බවත් ‌මේ වනවිට සිය ෆේස්බුක් පිටුව, වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් එම නිලධාරියා දැනුම් දුන්නේ ය. 

එවැනි සබැඳි (link) හෝ පණිවුඩ හෝ ලැබුණු පසු ඒවා මත ක්ලික් (click) නොකරන ලෙස ද අදාළ නිලධාරියා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. 

මහජන බැංකුවේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ නිවේදනය. මෙතැනින් 

මහජන බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීම සඳහා, මෙතැනින් 

සුපිරි වෙළෙඳසැල් ඉලක්ක කරගනිමින් මේ ආකාරයෙන් පණිවුඩ කිහිපයක් සැප්තැම්බර් මාසය මුලදී ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලවත් වට්ස්ඇප් (Whatsapp) යනාදී පණිවුඩ ජාලවලත් හුවමාරු විය. 

ඒවා ද ව්‍යාජ පණිවුඩ වූ අතර ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කරන ලිපියක් පළ කරන ලදි. 

මෙතැනින්, සුපිරි වෙළෙඳසැල්වලින් තෑගි, වට්ටම්, වවුචර ලබාදෙන බවට සඳහන් කරමින් හුවවාරු වන පණිවුඩ අසත්‍යයි/ව්‍යාජයි.

මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය. 

කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී. 

මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය. 

මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණ කි. 

මේ ආකාරයේ මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය. 

ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. 

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මූල්‍ය සේවා, බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය. 

එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. 

මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂ කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය. 

  1. මෙතැනින්, https://hashtaggeneration.org/ඇමෙරිකානු-විවිධත්ව-වීසා/
  2. https://hashtaggeneration.org/fake/
  3.  
  4. https://hashtaggeneration.org//කොවිඩ්-19-එන්නත්කරණ-වැඩස-2/
  5. https://hashtaggeneration.org/කොවිඩ්-19-වයිරසයට-වියට්න/

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Fact Check

FACT CHECK : ஊடகங்கள் வாயிலாக திரிபுபடுத்தப்பட்ட பேராசிரியர் நீலிகா மலவிகேவின் கருத்துக்களும் அவற்றின் உண்மையும்

கொவிட் வைரஸ் தொற்றானது கண்டுபிடிக்கப்பட்ட ஆரம்ப நாட்களில் ஊடகங்களிலே, குறிப்பாக சமூக ஊடகங்கள் வாயிலாக இது பற்றிய பல்வேறு தகவல்கள் கண்டுபிடிப்புகள் மற்றும் தேர்ச்சி பெற்றவர்களின் கருத்துக்கள் …

Towards A Feminist Future

பொதுப் போக்குவரத்தில் பெண்களுக்கெதிராக கட்டவிழ்த்து விடப்படும் துன்புறுத்தல்கள்!

பண்பாடு என்றால் என்னவென்று சிலர் கேள்வி எழுப்புகின்றனர், சிலர் பண்பாட்டை சமூக எழுச்சியின் தூண் என கூறுகின்றனர்.ஒவ்வொருவரும் வெவ்வேறு விதத்தில் விளக்க முற்படும் போது அதனை சீர்குலைக்க …

Towards A Feminist Future

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සමාන හා වඩා හොඳ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම උදෙසා පුළුල් ළමා රැකවරණ විකල්ප වැඩි දියුණු කිරීම

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳව පවතින විවිධ ගැටලුකාරී තත්ත්ව පිළිබඳ සලකා බැලීමේ දී කාන්තාවන්ගේ රැකියා නියුක්තිය හා ඔවුන්ට රැකියාවක නියැලීම සඳහා …

Fact Check

FACT CHECK : මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව කියමින් වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වන ආකාරය පසුගිය දින කිහිපයේ …

Fact Check

Fact Check : மக்கள் வங்கியின் 60வது ஆண்டு நிறைவை முன்னிட்டு பணப் பரிசு வழங்குவதாக கூறி WhatsApp இல் இணைப்பொன்று(Link) கடந்த சில நாட்களாக பகிரப்பட்ட தகவல் போலியானது.

மக்கள் வங்கியின் 60வது ஆண்டு நிறைவை முன்னிட்டு பணப் பரிசு வழங்குவதாக கூறி WhatsApp இல் இணைப்பொன்று(Link) கடந்த சில நாட்களாக பகிரப்பட்டதை அவதானித்தோம். அதிலே கீழே …

Fact Check

Fact Check : “වසරක් පාසා එන්නත ගහන්න වෙනවා” යන සිරස්තලය මහජන ජනතාව නොමඟ යවයි

‘කොවිඩි-19’ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ සෞඛ්‍ය සහ වෛද්‍ය විශේෂඥයෝ නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූහ.   ලොවපුරා සිටින සෞඛ්‍ය සහ වෛද්‍ය …