FACT CHECK : මේ ඉන්නේ ග්‍රීසියේ මුදල් අමාත්‍යවරයා ද?

ඔව්. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල විශේෂයෙන් ම ඊයේ (5) දිනයේ දී මෙම ඡායාරූපය සංසරණය වන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ග්‍රීසිය වසර ගණනාවක් ණය අර්බුදවලටත් ඉන් අනතුරුව පුළුල් ආර්ථික සහ මූල්‍ය අර්බුදවලටත් මුහුණ දුන්නේ ය. ග්‍රීසිය 2015 වසරේ ජූනි මාසය අවසන් වනවිට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8කට ආසන්න මුදලක් (යූරෝ බිලියන 1.6) ණය මුදලක් ගෙවීමට නියමිතව තිබිණි. එම මුදල ගෙවීමට ග්‍රීසිය අප‌ොහොසත් වූ අතර ඒ අනුව ග්‍රීසිය ණය ගෙවීම පැහැර හැරි ලොව පළමු සංවර්ධිත රට බවට පත්විය. මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

ග්‍රීසියේ එවකට අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රාස් ජූනි 16 වැනි දා එරට පාර්ලිමේන්තුව ඇමතීය. ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටි පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා සිය පක්ෂයේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතූ බව විදෙස් මාධ්‍ය වාර්තා රැසක ම දැක්විණි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ දී එවකට මුදල් අමාත්‍ය යානිස් වරුෆාකිස් බිම ඉඳ සිටි අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වෙයි. 

ලෝ ප්‍රකට මාධ්‍ය සමාගමක් වන ගෙටී ඉමේජස් (Getty Images)  වෙතින් මෙම ඡායාරූපවලට පිවිසිය හැකි ය. 

මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින් 

විදෙස් මාධ්‍ය ද මෙම ඡායාරූප පළ කර ඇත. 

මෙම ඡායාරූපය ශ්‍රී ලංකාවට සම්බන්ධ වූයේ ? 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවට පැමිණි අතර ඔහුට එහිදි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් එල්ල විය. (සහ මෙතැනින්)

2022 ජූලි මස (5) පාර්ලිමේන්තුවේ සජීවී විකාශය 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ දී විශේෂ ප්‍රකාශයක් ද කළේ ය. 

මේ අතරවාරයේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිනාසෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර ග්‍රීසිය සම්බන්ධයෙන් කතා බහ ඇති වූයේ ඒ අතරවාරයේ දී ය. 

ඊට අදළාව සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) ඔස්සේ දක්නට ලැබුණු සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

ග්‍රීසියේ එවකට මුදල් අමාත්‍යවරයාගේ මෙම ඡායාරූපය ආසන්න වශයෙන් වචන බිලියන 317ක් වටින්නේ යැයි ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබිණි. එම පුවත්පතට අනුව ග්‍රීසිය එම අවස්ථාව වනවිට ගෙවිය යුතු ව තිබූ ණයවල ඇස්තමේන්තු ගත සම්පූර්ණ වටිනාකම යූරෝ බිලියන 317කි. 

ඡායාරූපය – ප්‍රංශ පුවත් සේවය (AFP)/ගෙටී ඉමේජස් (Getty Images) (Greek Finance Minister Yianis Varoufakis (L) listens to Prime Minister at the Greek Parliament in Athens on Tuesday. (.AFP PHOTO / LOUISA GOULIAMAKI / Getty Images))

ලෝ ප්‍රකට ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත 2015 ජූනි මස 17 වැනිදා සිය මුල් පිටුවේ ද මෙම ඡායාරූපය පළ කර තිබිණි. 

අවසාන වශයෙන්

2015 වසරේ ජූනි මස 30 වැනිදා වනවිට අදාළ ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ග්‍රීසිය ලොව ණය ගෙවීම් පැහැර හැරි පළමු සංවර්ධිත රට බවට පත්විය. අදාළ මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාසයේ රටක් ගෙවීම පැහැර හැරි විශාලතම මුදල ද වේ. 

හෑෂ්ටැග් පරපුරේ කරුණු පරීක්ෂා කිරීම් මෙතැනින් කියවන්න 

============================

https://www.washingtonpost.com/news/wonk/wp/2015/06/17/this-picture-shows-the-pain-of-greece-falling-apart/

https://www.washingtonpost.com/news/wonk/wp/2015/07/06/meet-the-economist-turned-revolutionary-who-pushed-greece-to-reject-europe/

https://www.nytimes.com/2017/11/17/books/review/yanis-varoufakis-adults-in-the-room.html

https://www.gettyimages.co.nz/detail/news-photo/greek-finance-minister-yianis-varoufakis-listens-to-prime-news-photo/477309048

https://www.businessinsider.com/greeces-finance-minister-yanis-varoufakis-biography-and-pictures-2015-7#varoufakis-quickly-became-seen-as-the-ideological-opposite-number-to-wolfgang-schaeuble-germanys-flinty-finance-minister-3

https://www.reuters.com/article/us-eurozone-greece-idUSKBN0OW16320150616

https://www.reuters.com/article/us-eurozone-greece-idUSKBN0OW16320150616

https://www.theguardian.com/business/live/2015/jun/16/greek-crisis-negotiations-deadlocked-as-time-runs-short-live-updates

https://www.bloomberg.com/news/articles/2015-03-25/greece-s-debt-crisis-explained#xj4y7vzkg

https://www.washingtonpost.com/news/wonk/wp/2015/06/17/this-picture-shows-the-pain-of-greece-falling-apart/

https://www.nytimes.com/interactive/2016/business/international/greece-debt-crisis-euro.html

https://www.vox.com/2015/7/1/8871509/greece-charts

https://www.abc.net.au/news/2015-07-20/fact-file-the-greek-debt-crisis/6621376

https://reliefweb.int/report/sri-lanka/wfp-sri-lanka-situation-report-29-june-2022?fbclid=IwAR1aJw8WcwI4cmJKx0QR2qd_hjw96wdUoVd8gpAU-AawV_EQ1vIIPYSEwIA

https://www.dominicavibes.dm/business-170977/

https://money.cnn.com/2015/06/16/news/greece-russia-sanctions/index.html

https://www.bbc.com/news/business-33146018

https://www.cfr.org/timeline/greeces-debt-crisis-timeline

https://www.theguardian.com/business/live/2015/jun/16/greek-crisis-negotiations-deadlocked-as-time-runs-short-live-updates?filterKeyEvents=false&page=with:block-55800d2ae4b099c3e01ea89b#block-55800d2ae4b099c3e01ea89b

https://www.theguardian.com/business/live/2015/jun/16/greek-crisis-negotiations-deadlocked-as-time-runs-short-live-updates?filterKeyEvents=false&page=with:block-55800d2ae4b099c3e01ea89b#block-55800d2ae4b099c3e01ea89b

https://www.theguardian.com/business/live/2015/jun/16/greek-crisis-negotiations-deadlocked-as-time-runs-short-live-updates

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …