FACT CHECK : යුක්රේන ජනාධිතිවරයා ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියානු ජනාධිපතිට චෝදනා කළා ද ?

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියි. විශේෂයෙන්ම රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඊට අදාළව ජාත්‍යන්තර දේශපාලනයේ තිබෙන සිදුවීම් සම්බන්ධයෙන් ද කතාබහක් නිර්මාණය විය. ගෝලීය බොරතෙල් මිල  ගණන්, යුක්රේන යුද්ධය, ගෝලීය ව උද්ධමනය ඉහළ යෑම, ‌ගෝලීය ව ආර්ථික පසුබෑමක් ඇති වීමේ අවදානම යනාදී කරුණු මේ අතරවාරයේ දී සාකච්ඡාවට ලක්විය. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇති වූ යුද්ධය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල කළ බව ට ද පුවත් වාර්තා වූ අතර ආර්ථිකවේදීන් ද ඒ බව පෙන්වා දී තිබිණි. 

මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු බව යුක්රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි පසුගිය සතියේ දී ප්‍රකාශ කළේ ය. 

මෙම ප්‍රකාශය මුල් කරගනිමින් මෙරට සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) තුළ කතාබහක් නිර්මාණය කළේ ය. 

ඊට අදාළව දක්නට ලැබුණි තිර ඡායාරූපය (Screenshots) කිහිපයක් පහතින් දැක්වේ. 

යුක්රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති ආසියානු නායකත්වය සමුළුව අමතමින් ඉහත කරුණු සඳහන් කර තිබිණි. 

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට හේතුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යැයි ද හෙතෙම එහිදි කීවේ ය. 

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී ආහාර නිෂ්පාදන අවහිර කිරීම ලොව පුරා නොසන්සුන්තාවක් ඇති කර ඇති බව පැවැසූ යුක්රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට රුසියාව හේතු වූ පැවැසීය. 

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිතා කර ඇති එක් උපක්‍රමයක් නම් “ආර්ථික කම්පනයක්” ඇති කිරීම යැයි ද යුක්රේන ජනාධිපතිවරයා කීවේ ය.

පවතින අර්බුදය සහ සැපයුම් දාමයේ කඩාකප්පල් වීම හේතුවෙන් රටවල් ආහාර හා ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර, ඔවුන් නොසන්සුන්තාවයට වැටී ඇති අතර, මෙය රුසියාවේ න්‍යාය පත්‍රයට ප්‍රතිලාභ ලබා දී ඇති බව ද හෙතෙම කීය. 

යුක්රේන ජනාධිපතිවරයා එහිදි මෙසේ  ද කීය. 

“තවද මෙය අපට පමණක් අදාළ නොවේ.  එක උදාහරණයක් බලන්න – ලංකාවේ සිදුවීම්.  කම්පන සහගත ආහාර සහ ඉන්ධන මිල ඉහළ යාම සමාජ පිපිරීමකට තුඩු දුන්නේය.  එය අවසන් වන්නේ කෙසේදැයි දැන් කිසිවෙකු දන්නේ නැත.  කෙසේ වෙතත්, ආහාර හා බලශක්ති අර්බුදවලින් පීඩාවට පත් වූ අනෙකුත් රටවල ද එම පිපිරීම් සිදුවිය හැකි බව ඔබ සැවොම දන්නා කරුණකි.”

මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

මෙම තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය ද අදහස් දක්වා තිබිණි. 

රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් එහි ප්‍රකාශිකා මාරියා සකරෝවා අදහස් දක්වා තිබිණි. 

“ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය එරට අභ්‍යන්තර කාරණයක්” බව ඇය ජූලි 13 වැනිදා ප්‍රකාශ කළා ය. 

මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපති කාර්යාලය සිය ෆේස්බුක් පිටුව (Facebook Page) සහ ට්විටර් ගිණුම (Twitter) ගිණුම හරහා ද ප්‍රකාශ නිකුත් කර තිබිණි. 

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථික, දේශපාලන සහ සමාජ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල අර්බුදවලට මුහුණ දී සිටියි. 

නිගමනය : ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හරහා සැලකිය යුතු බලපෑමක් කර තිබේ. ගෝලීය සිදු වෙමින් තිබෙන බොරතෙල් මිල ගණන් ඉහළ පහළ යෑම්, ආහාර මිල ගණන් යෑම් යනාදිය ද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට බලපෑම් කර තිබේ. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික, දේශපාලන, සමාජ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල අර්බුදවලට එකම හේතුව රුසියානු-යුක්රේන යුද්ධය හෝ ගෝලීය සිදුවීම් නොවේ. ඒවා එක් එක් හේතු සාධක පමණි. 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට ඓතිහාසික කරුණු, ගෝලීය සාධක, ආර්ථික අවකළමනාකරණය, නිසි කලට ආර්ථික ප්‍රතිසංස්කරණ නොකිරීම, වැරැදි ආර්ථික ප්‍රතිපත්ති, තීන්දු හා තීරණ යනාදිය බලපා තිබේ. 

මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.  

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …