“හර්තාල ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් කපා හැරේ” යන සිරස්තලය යටතේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ බවට සඳහන් කරමින් ෆේස්බුක්(Facebook) සහ වට්සැප් (WhatsApp) ඇතුළු සමාජ සහ පණිවුඩ ජාලවල අද (6) උදෑසන සිට ලිපියක් හුවමාරු (Share) විය.
එලෙස හුවමාරු වන සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.


මෙම ලිපිය ව්‍යාජ එකක් බව හදුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් ම තිබේ.
උදාහරණයක් ලෙස මෙම ලිපියේ දැක්වෙන්නේ “හෙට” හර්තාල ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවයි.
එහෙත් මෙම ලිපිය නිකුත් කළ දිනය වශයෙන් සඳහන් වන්නේ මැයි 3 වන දිනයි.
එහෙත් හර්තාල දිනය වන්නේ මැයි 6 වන දිනයයි.
ඒ අනුව මෙම ලිපියේ දින දක්වා ඇති ආකාරය අනුව මෙය දෝෂ සහගත ලිපියක් බව බැලූ බැල්මටම හඳුනාගත හැකිය.
ඊට අමතරව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලිපි සමග සැසදීමේ දී මෙම ලිපියේ රාජ්‍ය ලාංඡනය ඇතුළුව ලිපි ශීර්ෂය (Letterhead) බොඳ ස්වරූපයක් ගන්නා බැවින් මෙය සංස්කරණය කරන ලද ලිපියක් බව පැහැදිලි වේ.
ඊට අමතරව අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කරන ලද අතර එය ව්‍යාජ එකක් බව අදාළ නිලධාරීහු තහවුරු කළහ.
“ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් ෆේස්බුක් (Facebook) ඔස්සේ ප්‍රචාරය වන දැන්වීම සම්පූර්ණ අසත්‍යක් බව” මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ ඡායාරූපයක් පහතින් දක්වා ඇත.
නිවේදනයට මෙතැනින්
නිගමනය : ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළා යැයි කියමින් “හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරේ” යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා හා පණිවුඩ ජාලා තුළ බෙදා හැරෙන (Share) නිවේදනය සම්පූර්ණයෙන් අසත්‍යයි.