ශ්‍රී ලංකා රුපියල 2015 වසරේ සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති ආකාරය පිළිබදව හෑෂ්ටැග් පරපුර මීට පෙරදී ද කරුණු පරික්ෂා කිරීමක් සිදු කර ඇත. එම කරුණු පරික්ෂාවට මෙතැනින් පිවිසෙන්න.
එලෙස දිනෙන් දින අඛණ්ඩව ඉහළ යමින් පැවති විනිමය අනුපාතිකය පසුගිය මැයි 13 වන දිනයේදී සුළු පහළ යෑමක් සිදුවුණි. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.98ක් ලෙසින් සටහන් ව තිබුණු අතර මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු සියල්ලක් ම පාහේ එදින ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් ලෙසින් වාර්තා කර තිබුණි.
ඒ් ආකාරයෙන් මෙම මාසයේ ආරම්භයේ සිට මේ වන තෙක් දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයේ විකුණුම් මිල සහ ගැණුම් මිල තීරණය වී ඇති ආකාරය දැක්වෙන තිර ඡායාරූපයක්(Screenshot) පහතින් දක්වා ඇත.
(ශ්‍රී ලංකා මහ බැංකුව)
මෙලෙස විනිමය අනුපාතිකයේ එකවර සිදු වූ පහළ යෑමට විවිධ හේතු ඉදිරිපත් කරමින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මඟින් නොයෙකුත් සටහන්(Post) සංසරණය වන ආකාරය දක්නට ලැබුණි.
එලෙස සංසරණය වූ සටහන්(Post) කිහිපයක තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.






එලෙස සංසරණය වූ සටහන් (Post) අතර විශේෂයෙන් සඳහන් වූවක් වන්නේ කල්පිටියේ උච්චමුනෙයි දූපත විදේශීය සමාගමකට විකිණීම හෝ බදු දීම හේතුවෙන් හෝ නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගය පහළ ගිය බවයි.
එහෙත් පසුගිය බදාදා (මැයි 11) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ විනිමය අනුපාතිකයේ අභ්‍යන්තර අස්ථාවරත්වය කළමනාකරණය කිරීම සදහා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත දෛනික මඟ පෙන්වීමක් සිදු කරන බවයි.
ඒ අනුව මැයි 12 වන දා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සියලු ම වාණිජ බැංකු සදහා විනිමය අනුපාතිකයේ අධික අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය වෙළඳපොළ/විනිමය අනුපාතිකය විධිමත් ලෙස හැසිරවීමට පහසුකම් සැලසීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක් අඩංගු නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයට මෙතැනින් පිවිසෙන්න.
එම නිවේදනයේ ඡායාරූපයක් පහතින් දක්වා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ ආකාරව ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුව මැයි 13 වන දා සිට සියලු ම වාණිජ බැංකු කටයුතු කරනු ලබයි.
ඒ අනුව අන්තර් බැංකු ගනුදෙනු සදහා වන විනිමය අනුපාතය සහ එහි විචලනය මහබැංකු විසින් වාණිජ බැංකු වෙත ප්‍රකාශ කරයි.
පසුගිය මැයි 13 වන දින එක්සත් ජනපද ඩොලරයක් සදහා වන රුපියල් අගය 360ක් වශයෙන් සටහන් වූයේ ද මේ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත කළ නිවේදනය හේතුවෙනි.
එම නිවේදනයේ ඡායාරූපයක් පහතින් දක්වා ඇත.
එක්සත් ජනපද ඩොලරයක් සදහා වන අගය රුපියල් 365ක් දක්වා අඩු වීමට බලපාන ලද තවත් හේතුවක් වශයෙන් ෆේස්බුක්(FaceBook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේ කල්පිටියේ උච්චමනෙයි දූපත විදෙස් සමාගමකට විකිණීම හෝ බදු දීම බලපා ඇති බවයි.
මෙම දූපත බදු දීම සම්බන්ධයෙන් මහජනතාව නොමග යන ලෙස වැරදි තොරතුරු විවිධ මාධ්‍ය වාර්තා තුළින් ප්‍රචාරය වීම හේතුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරිය(SLTDA) මෙම කාරණය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මැයි 12 වන දා නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයට මෙතැනින්.
එම නිවේදනයේ ඡායාරූපයක් පහතින් දක්වා ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ කල්පිටියේ උච්චමනෙයි දූපත විදෙස් රටකට විකිණීමක් සිදුකර නොමැති බවත් සංචාරක පනතට අනුව සංචාරක කටයුතු සදහා සුදුසු ඉඩම් අත්පත් කරගෙන ඒ්වා සුදුසු ආයෝජකයන් වෙත බදු දීමට සංචාරක සංවර්ධන අධිකාරියට වගකීමක් ඇති බවත් ය.
එතුමිය විසින් මාධ්‍ය වෙත ලබා දී ඇති ප්‍රකාශනයට මෙතැනින් පිවිසෙන්න.
මේ අනුව කල්පිටියේ උච්චමනෙයි දූපත විදෙස් සමාගමකට විකිණීමක් කිසිදු අයුරකින් සිදු ව නොමැති අතර මැයි 8 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 417කට සම්පූර්ණ උච්චමනෙයි දූපත පරිසර හිතකාමී හෝටල් ව්‍යාපෘතියක් සදහා ස්විස්ටර්න්ලන්ත සමාගමකට වසර 30කට බදු දීමක් සිදු ව ඇත.
නිගමනය: පසුගිය මැයි 13 වන දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 365ක් ලෙස සටහන් වීමට කල්පිටියේ උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකිණීම හෝ රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස පත්වීම බව කියැවෙන සටහන්(Post) සියල්ල අසත්‍යයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත ලබා දී ඇති මාර්ගෝපදේශ මාලාව ඩොලරයේ විකුණුම් මිල පහළ යෑමට බලපා ඇත.
උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බව සදහන් පුවත් ව්‍යාජයි.
උච්චමුනෙයි දූපත ස්විස්ටර්න්ලන්ත සමාගමකට වසර 30කට බදු දී ඇත.