ශ්‍රී ලංකාවට පැමිණි එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී සමාජය තුළ වැඩි කතාබහක් ඇති විය.
සමාජ මාධ්‍ය තුළත් ඉන් පිටතත් මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වන අයුරුත් මෙම සිදුවීම මුල් කරගනිමින් විවිධාකාරයේ දුස් තොරතුරු (Disinformation) අපට නිරීක්ෂණය විය.
අන්තර්ජාල වාර්තාවලට අනුවත් ගුවන් සමාගමේ වෙබ් අඩවියට අනුවත් එරෝෆ්ලොට් (Aeroflot) යනු රුසියාවේ ප්‍රධානතම ගුවන් සේවා සමාගම යි.
අයර්ලන්තයේ සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං 10 ලිමිටඩ් (Celestial Aviation Trading 10 Limited) යන සමාගම පැමිණිල්ලක් ගොනු කර තිබේ.
රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
කතාබහ ඇති වූයේ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU 289 දරන ගුවන් යානය සම්බන්ධයෙනි.
මෙම ගුවන්යානය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජූනි 2 වන දා ය.
එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU 289 ගුවන් යානය ජූනි මස 2 වැනිදා කොළඹ (කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ) සිට රුසියාවේ මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබිණි.
කෙසේ නමුත්, මෙම ගුවන් යානය මොස්කව් නුවර බලා පියාසර කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ජූනි 2 වැනිදා තීන්දුවක් දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමක් ජූනි 3 වැනිදා සිදු කෙරුණි.
අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙහිදි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
රුසියාවට අයත් එරොෆ්ලොට් ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වීම වළක්වාලමින් කෙරුණු වාරණ නියෝගය අත්හිටුවන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදි කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලී ය.
කොළඹ වාණිජ මහාධිකරණය ‘ශ්‍රී ලංකාවට’ එරෙහිව කිසිදු නියෝගයක් නිකුත් නොකළ බවත් අදාළ නඩුවේ පළමු විත්තිකරු වන එරොෆ්ලොට් සමාගමට එරෙහිව නියෝගයක් නිකුත් කළ බවත් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා මෙහිදි කීවේය.
අයර්ලන්ත සමාගම සහ රුසියානු සමාගම අතර ගිවිසුම් ප්‍රකාරව ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගනිමින් අදාළ වාරණ නියෝගය පැනවූ බව ද විනිසුරුවරයා පැවැසීය.
මෙම තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් යානා පියාසර කිරීම නැවැත්වීමට එරොෆ්ලොට් ගුවන් සමාගම පියවර ගෙන තිබිණි.
මේ අතරවාරයේ දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය කැඳවා කරුණු විමසීමට රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදන නිකුත් කර තිබිණි.
එරොෆ්ලොට් ගුවන් යානයට අදාළ සිදුවීම පෞද්ගලික නෛතික කරුණක් බවත් එය රටවල් දෙක අතර ගැටලුවක් නොවන බවත් අග්‍රාමාත්‍යවරයා රුසියානු බලධාරීන්ට දැනුම් දී තිබිණි.
විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය. මෙතැනින්,
මෙම අර්බුදය දිග්ගැස්සෙන බැවින් මෝසමක් ඉදිරිපත් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පියවර ගත් අතර පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවන්නැයි ද ඉල්ලීය.
මෙතැනින් ,
මේ අතරවාරයේ දී රුසියාවේ සිට පැමිණි ගුවන් යානයක් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU 289 යානයෙන් රුසියාව බලා යෑමට බලා සිටි ගුවන් මඟීන්ට ගමනාන්ත පහසුකම් සැලසීමට පියවර ගෙන තිබිණි.
මෝසම සළකා බලමින් පැවැති අධිකරණ ක්‍රියාවලියේ දී රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU 289 ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටවීමට එරෙහිව පැනවූ වාරණ නියෝගය අත්හිටුවන ලදි.
නිගමනය – මෙම කරුණු සියල්ල නිරීක්ෂණය කිරීමේදී රුසියානු ගුවන් යානයට එරෙහිව පනවන ලද වාරණ නියෝගය, පැමිණිලිකරුවන්ගේ ඉල්ලීම සළකා බලමින් කරන ලද්දක් බවත්, කරුණු විමසීමෙන් පසු ව අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලද බවත් පෙනී යයි.
එමෙන් ම මෙය රාජ්‍ය තාන්ත්‍රික හෝ ශ්‍රී ලංකාව රජය සම්බන්ධ කරුණක් නොවන බවත් එය අයර්ලන්ත සහ රුසියානු සමාගම් අතර ගිවිසුම් ප්‍රකාරව ඇති වාණිජ සහ නෛතික ආරවුලක් බවත් අපට නිගමනය කළ හැකි ය.
ප්‍රවෘත්ති මූලාශ්‍ර –
රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී