FACT CHECK : ලංකා බැංකුවේ අරමුදලින් බෝනස් ලබා දෙනවා යයි පවසමින් වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන පණිවුඩ ව්‍යාජයි.

ලංකා බැංකුවේ අරමුදලින් ලබා දෙනවා යයි පවසමින් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සබැඳියක් (Link) සංසරණය/හුවමාරු (share) වන අයුරු නිරීක්ෂණය විය. 

එම සබැඳියට පිවිසුණු විට එහි ප්‍රශ්න කිහිපයක් දැක්වෙන අතර ඒවා අප වෙත ඉදිරිපත් කර තිබේ. එම ප්‍රශ්නවලට පිළිතුරු දෙන අයකුට ඇමෙරිකානු ඩොලර් 10,000 ($ 10,000) මුදලක් ලබාදෙන බව එහි සඳහන් කර ඇත. 

එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් පසු ත්‍යාග මුදල ලබාදෙන බවටත් එම සබැඳිය සහිත පණිවුඩය තවත් වට්ස්ඇප් (WhatsApp), සමූහ (Groups) පහකට යවන (share) ලෙසත් අදාළ පණිවුඩයේ සඳහන්ව තිබිණි.  

ඊට අදාළ තිර ඡායාරූප (screenshots) පහතින් දක්වා ඇත. 

මෙය බැලූ බැල්මට ව්‍යාජ පණිවුඩයක් බව පෙනී ගිය නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගැනීම අප ලංකා බැංකුවේ වෙබ් අඩවියට පිවිසිණි. 

ඒ අනුව ලංකා බැංකුවේ වෙබ් අඩවියේ මෙවැනි ආකාරයේ කිසිදු පණිවුඩයක් හෝ දැන්වීමක් හෝ නිරීක්ෂණය හෝ දක්නට හෝ නොලැබිණි. 

ලංකා‌ බැංකුවේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසය හැකි ය. 

මීට අමතරව අප මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවෙන් විමසීමක් කරන ලදි. 

ලංකා බැංකුවේ පාරිභෝගික සේවා අංශයෙන් අප මේ සම්බන්ධයෙන් වැඩි දුර විමසීමක් කරන ලදි.  

“මෙම පණිවුඩය මහජනතාව සම්පූර්ණයෙන් ම නොමඟ යවන පණිවුඩයක් බවත් ලංකා බැංකුව එවැනි කිසිදු අරමුදලක් හෝ එවැනි වැඩසටහනක් හෝ නැතැයි” අදාළ නිලධාරිනිය දැනුම් දෙන ලදි.

මෙවැනි පණිවුඩය ලද පසු කිසිදු සොයාබැලීමකින් තොරව ඒවා අන් අය සමඟ හුවමාරු (share) කර නොගන්නා ලෙස ද අදාළ නිලධාරීනිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා ය. 

සුපිරි වෙළෙඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, අන්තර්ජාල වෙළෙඳාම් කරන ආයතන යනාදිය සම්බන්ධ කරගනිමින් මේ ආකාරයේ පණිවුඩ රැසක් අප දෙසැම්බර් මාසය මුළුල්ලේ ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලවත් වට්ස්ඇප් (Whatsapp) යනාදී පණිවුඩ ජාලවලත් හුවමාරු වන අයුරු දක්නට ලැබිණි.  

එවැනි ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අප මීට පෙර ද කරුණු පරීක්ෂා කරන ලද ලිපි පළ කරන ලදි.  

මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය. 

කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී. 

මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය. 

මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණකි. 

මේ ආකාරයේ මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ ආයතනයේ නිල වෙබ් අඩවිය, නිල ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (නිල (Verified Pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය. 

ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. 

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මූල්‍ය සේවා, බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය. 

එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. 

මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂ කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය. 

මෙතැනින් : 

  1. https://hashtaggeneration.org/ඇමෙරිකානු-විවිධත්ව-වීසා/ 
  2. https://hashtaggeneration.org/fake/ 
  3. https://hashtaggeneration.org//කොවිඩ්-19-එන්නත්කරණ-වැඩස-2/ 
  4. https://hashtaggeneration.org/කොවිඩ්-19-වයිරසයට-වියට්න/ 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …