FACT CHECK : වට්ස්ඇප් ඔස්සේ ඔස්ට්‍රේලියාවේ රැකියාවට අයදුම් කරන්න, ඔබත් ලින්ක් එක ක්ලික් කළා ද ?

ඔස්ට්‍රේලියානු රජය එරට රැකියා හිඟය පිරවීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර අයදුම්කරුවන් සොයමින් සිටින බව සඳහන් කරමින් ‘ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා අයදුම් කරන්නැයි ඉල්ලන’ සබැඳියක් (Link) ඉකුත් සති කිහිපයේ දී වට්ස්ඇප් (Whatsapp) ඇතුළු පණිවුඩ ජාල සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. 

එලෙස පණිවුඩ ජාල ඔස්සේ හුවමාරු වූ පණිවුඩයක තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ. 

 

මෙම පණිවුඩය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද්දක් වූ අතර එම පණිවුඩයේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් පහතින් දක්වා ඇත. 

“ඔස්ට්‍රේලියානු වීසා අනුග්‍රාහකත්වය සහ රැකියා 2023 (ශ්‍රම හිඟය)

ඔස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියාවේ රැකියා හිඟය පිරවිය හැකි ජාතික සහ ජාත්‍යන්තර අයදුම්කරුවන් සොයමින් සිටී. ඕස්ට්‍රේලියානු රජය සංක්‍රමණිකයන්ගේ 400%ක වැඩිවීමක් නිවේදනය කළේය. මෙය ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව වැඩ කිරීමට අවස්ථාවකි.ඔස්ට්‍රේලියාව දැනටමත් මෙම වසරේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව 35,000 සිට 195,000 දක්වා වැඩි කර ඇත.ප්‍රතිලාභ 

99.9% වීසා අනුග්‍රහය

99.9% සාර්ථකත්ව අනුපාතය

සියලුම ක්ෂේත්‍රවල, සියලුම අංශවල සහ සියලු පසුබිම්වල ශ්‍රම හිඟය පවතී.”

මෙම වට්ස්ඇප් පණිවුඩය අවසානයේ ඔස්ට්‍රේලියානු රජයේ රැකියා සඳහා අයදුම් කරන්නැයි ඉල්ලමින් සබැඳියක් (Link) ඉදිරිපත් කර තිබිණි. 

එම සබැඳිය(Link) මත ක්ලික් (click) කළ පසු පහත වෙබ් පිටුවට (web page) පිවිසේ. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විද්‍යුත් තැපෑල (ඊමේල්) මාර්ගයෙන් ඔක්තෝබර් මස 1 වැනිදා විමසීමක් කළේ ය. ඊට අමතරව හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් වට්ස්ඇප් (Whatsapp) මාර්ගයෙන් ද විමසීම් කළේ ය. 

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඊට ඔක්තෝබර් මස 18 වන දින අප වෙත පිළිතුරු පණිවුඩයක් එවා තිබිණි. එම පණිවුඩයේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය පහතින් දැක්වේ. 

මෙම කාරණය පිළිබදව අපගේ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි. පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාජ රැකියා දීමනා ලබා දී ඇති බව අපි දැනුම්වත් වූයෙමු.   මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.” මෙතැනින් 

“වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට පෙර, හැකියාව ඇති ඕනෑම සේවා යෝජකයකු  හෝ අනුග්‍රහයකු  හෝ තමා ඉල්ලුම් කරන කාර්යභාරය (රැකියාව) සම්බන්ධයෙන් නැවත සොයාබැලීමක් කරන්නැයි අපි, අයදුදුම්කරුවන් ව දැඩිව දිරිමත් කරන්නෙමු.   සම්මත වීසා අයඳුම් කිරීමේ ක්‍රියාවලිය සහ අයඳුම් කිරීමේ ගාස්තු පිළිබඳව ඔබ හුරු කරවීමට ද අපි උපදෙස් දෙන්නෙමු. . දෙපාර්තමේන්තු (ඔස්ට්‍රේලියානු රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ) වෙබ් අඩවියෙන් මේ පිළිබදව වැඩිදුර තොරතුරු මෙන් ම වීසා බලපත්‍රයක් සදහා අයදුම් කිරීමේ දී ඔබ මුහුණ දෙන අයදුම් පත්‍ර වර්ග සහ ක්‍රියාවලිය පිළිබදව වැඩිදුර තොරතුරු සොයා ගත හැකිය.” ඔස්ට්‍රේලියානු රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මෙතැනින්

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ඔක්තෝබර් 19 වැනිදා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පැහැදිලි කිරීමක් කර තිබිණි. 

එම පණිවුඩය මෙතැනින්. එම පණිවුඩයේ තිර ඡායාරූපයක්(Screenshot) පහතින් දැක්වේ. 

අදාළ පණිවුඩයේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් පහතින් දැක්වේ. 

ඔස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම බලකායේ සහ නිපුණතා හිඟය සමනය කිරීම සඳහා සහ කොවිඩ්-19 වසංගතයෙන් ඔස්ට්‍රේලියාවේ ආර්ථික ප්‍රකෘතියට පත් කිරීම සඳහා  ඔස්ට්‍රේලියානු රජය 2022-23 ස්ථීර සංක්‍රමණ වැඩසටහන පුළුල් කිරීමට බලාපොරොත්තු වෙයි. 

“එමෙන් ම රැකියා වීසා වංචා ඇතුළු වීසා වංචාවලින් ඔබ ආරක්ෂා කරගැනීමට අදළ විස්තර ලබා ගැනීම සඳහා පහත වෙබ් අඩවිවලට පිවිසෙන්න.” 

“ඔබ ගනුදෙනු කළ යුත්තේ  ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැනි ඔස්ට්‍රේලියානු රජයේ නිල ක්‍රමවේද සහ මාර්ගවලින්  පමණි.” මෙතැනින්, මෙතැනින් 

“ඔස්ට්‍රේලියානු  වීසා සම්බන්ධයෙන් සහ ඔස්ට්‍රේලියාවේ සේවය කරන අතරවාරයේ දී හෝ ඒ සම්බන්ධ වංචාවක් පිළිබඳව ඔබ දන්නේ නම් හෝ සැක කරන්නේ නම්, කරුණාකර එවැන්නක් සම්බන්ධයෙන් ඔබ යමක් දන්නේ නම් ඒ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ දේශසීමා මුර සේවයට වාර්තා කරන්න. වැඩි විස්තර සඳහා:”   මෙතැනින්  

“වංචාකරුවන්ට ගොදුරු නොවන්න. අපගේ නිල වෙබ් අඩවිවලින් නිවැරැදි සහ විශ්වාසදායක තොරතුරු වෙත ප්‍රවේශ වීමට කරුණාකර ඉහත සබැඳි අනුගමනය කරන්න.”

අපගේ නිගමනය : මේ අනුව ‘ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා අයදුම් කරන්නැයි ඉල්ලමින්’ පණිවුඩ ජාල සහ සමාජ ජාලවල සංසරණය වන පණිවුඩය ව්‍යාජ යැයි අපට නිගමනය කළ හැකි ය. 

මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය. 

කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී. මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය. මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණ කි. 

මේ ආකාරයේ තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල වීසා වැඩසටහන්, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය.  ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. 

මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂ කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය. 

“ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයිය” සම්බන්ධ පණිවුඩ ව්‍යාජයි

 වට්ස්ඇප් මැසේජ් යැව්වාට “ඩේටා” ලැබෙන්නේ නැහැ.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …