FACT CHECK : විරෝධතා පැවැත්වීමට පැය 6කට පෙර අවසර ගත යුතු ද ?

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන ලද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී විරෝධතා පැවැත්වීමට පැය 6කට පෙර පොලිසිය දැනුවත් කර අවසර ගත යුතු යැයි ප්‍රකාශ කළේ ය. 

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය මහජනතාව නොමඟ යවන සුළු යි.  

වැඩබලන ආරක්ෂක අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය පහතින් දැක්වේ. 

“පැය  6කට කලින් ඕනෑම විරෝධතාවයක් පිළිබදව පොලිසියට දැනුම් දීමක් සිදු කරල අවසරයක් ලබා ගත්තොත් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නොවන බව අපි වගකීමෙන් මේ වෙලාවේ මතක් කරනවා. කුමන තත්ත්වයක් යටතේ වුවත් රටේ මහජන සාමය වෙනුවෙන් පනවා ඇති නීති කඩ කරමින් ජනතාවට බාධා වන පරිදි වගකීම් විරහිතව හැසිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ දිය නොහැකි.”

සම්පූර්ණ මාධ්‍ය හමුවට මෙතැනින්. 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය මඟින් සෑම පුරවැසියකුටම (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනයට ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට ; (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට  ; (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට  ; (ඇ) සමාගමයේ නිදහසට අයිතියත් හිමිකමත් ඇත. 

පොලිස් ආඥා පනතේ 77 වගන්තියෙන් පාගමන් (විරෝධතා ආදිය) සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. 

පොලිස් ආඥා පනත (සිංහල) මෙතැනින්. 

මේ අනුව මෙලෙස පාගමනක් තිබෙන බව පොලිසියට දැනුම් දීම ප්‍රමාණවත් වේ. 

ඊට අමතරව රටේ උත්තරීතර නීතිය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සාමකාමී අයුරින් විරෝධතා කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කර ඇත. 

මෙම අයිතිය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් වේ.  

‘විවියන් ගුණවර්ධනට එරෙහිව හෙක්ටර් පෙරේරා සහ අනෙක් අය’ නඩු තීන්දුව යි. 

අදාළ නඩු තීන්දුවේ මෙලෙසෙ දැක්වේ. 

“පොලිස් ආඥාපනතේ 77 (1) වගන්තියට අනුව නාගරික ප්‍රදේශයක පොදු මාර්ගයක වලංගු බලපත්‍රයක් නොමැතිව පාගමනක් (විරෝධතාවක් හෝ වෙනත් ආකාරයක) පැවැත්වීම වරදක් නොවේ. එවැන්නක් සඳහා බලපත්‍රයක් හෝ අවසරයක් හෝ අවශ්‍ය‌ නොවන අතර දැනුම් දීමක් පමණක් ප්‍රමාණවත් වේ”. 

අදාළ නඩු තීන්දුවේ තවත් තැනක මෙසේ ද දැක්වේ. 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14. (1). (ආ) සාමකාමීව රැස්වීමේ නිදහස සියලු පුරවැසියන්ට ලබා දී තිබෙන මූලික අයිතිවාසිකමකි”. 

නිගමනය : මේ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශය මහජනතාව නොමඟ යවන සුළු යැයි නිගමනය කළ හැකි ය. විරෝධතාවක් පැවැත්වීමට පැය හයකට පෙර පොලිසිය හෝ අදාළ බලධාරීන් දැනුවත් කර අවසර ලබා ගැනීමක් අවශ්‍ය නොවන අතර අදාළ අංශ දැනුවත් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …