FACT CHECK : ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුදල් ත්‍යාගයක් දෙන බව කියන වට්ස්ඇප් පණිවුඩය ව්‍යාජ යි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ (Sri Lankan Airlines) 25 වන සංවත්සරය වෙනුවෙන් රුපියල් 30,000ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට හැකි බව සඳහන් කරන ලද පණිවුඩයක් ඉකුත් දින කිහිපයේදීකිහිපයේදී වට්ස්ඇප් (Whatsapp) පණිවුඩ ජාලය තුළ සංසරණය විය. 

එලෙස හුවමාරු වූවූ වට්ස්ඇප් (Whatsapp) පණිවුඩයේ තිර ඡායාරූප (Screenshot) කිහිපයක් පහතින් දක්වා ඇත. 

එහි ඇති සැබැදිය(link) මත ක්ලික් කිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති වෙබ් පිටුව විවෘත වේ.

ඉන් අනතුරුව ඉහත තිර ඡායාරූපයයේ(Screenshot) දැක්වෙන ආකාරයට තමන්ගේ වයස, ස්ත්‍රී/පුරුෂ භාවය වැනි පෞද්ගලික තොරතුරු විමසීමක් සිදු කරයි. 

එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් අනතුරුව, ඔබ රුපියල් 30,000ක් දිනා ඇති බවට වෙබ් පිටුවක් විවෘත වේ. 

එම වෙබ් පිටුවේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත. 

ඔබ ජයග්‍රහණය කළ මුදල ලබා ගැනීමට නම් මෙම  පණිවුඩය, වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ ඔබගේ තවත් යහළුවන් වෙත යවන්නැයි ද එහි දැක්වේ. 

මෙම ක්‍රියාවලිය විශ්වාසදායී බව පරිශීලකයන්ට ඒත්තු ගැන්වෙන ආකාරයේ කමෙන්ට්ස් (Comments) ද එමඟින් පිවිසෙන වෙබ් අඩවියේ දක්වා ඇත.

එහි තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ. 

“මෙය සම්පූර්ණ අසත්‍යක්” බව අප මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ (Sri Lankan  Airlines) මාධ්‍ය සම්බන්ධතා කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවැසීය. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ෆේස්බුක් පිටුව හරහා ද (Sri Lankan Airlines – Facebook Page) හරහා ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලදි.

එවැනි වට්ටම් දීමක්/දීමනා ලබාදීමක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ වනවිට සිදු නොකරන එම විමසීමේ දී අප වෙත දැනුම් දෙන ලදි. 

නිගමනය ; ශ්‍රී ලන්කන් ගුවන් සේවාව රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් දෙන බවට සඳහන් කරමින් කරමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩය ව්‍යාජ යි. 

සුපිරි වෙළෙඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, අන්තර්ජාල වෙළෙඳාම් කරන ආයතන, භාණ්ඩ සහ සේවා සපයන ආයතන යනාදිය සම්බන්ධ කරගනිමින් මේ ආකාරයේ පණිවුඩ රැසක් අපට විවිධ අවස්ථාවල දී ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලවත් වට්ස්ඇප් (WhatsApp) යනාදී පණිවුඩ ජාලවලත් හුවමාරු වන අයුරු දක්නට ලැබිණි.

මීට පෙර ද එලෙස හුවමාරු වූ පණිවුඩ සම්බන්ධයෙන් සවිස්තර කරුණු පරීක්ෂා කිරීමේ ලිපි අප විසින් පළ කරන ලදි. එවැනි එක් සවිස්තර ලිපියකට මෙතැනින් පිවිසෙන්න. 

අප,හෑෂ්ටැග් පරපුර විසින් මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද අනාවරණ ලිපි සදහා මෙතැනින් පිව්සෙන්න.

Share this post

Related Projects

Fact Check

FACT CHECK : රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි ද?

“නිලධාරීන් දේශපාලනඥයන් විශ්වාස නැති නිසා ලෝක බැංකුව සෘජුවම දිළිදු සහන බෙදයි” යන සිරස්තලය යටතේ සැත්තැම්බර් මස 04 වන දින ඉරිදා …

Fact Check

FACT CHECK : ஏப்ரல் மாதத்தில் இலங்கைக்கு 129,000 சுற்றுலாப் பயணிகள் வந்தார்களா?

“கடந்த ஏப்ரலில் மாத்திரம் எங்கள் சுற்றுலாப் பயணிகளின் வருகை 129,000 இருந்தது” என ஆகஸ்ட் 25ஆம் திகதி நாடாளுமன்ற உறுப்பினர் எஸ்.பி.திஸாநாயக்க தெரிவித்த கருத்து பொய்யானது. கடந்த …

Fact Check

FACT CHECK : අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට   සංචාරකයන් එක්ලක්ෂ විසිනමදාහක්?

“පහුගිය අප්‍රේල්වල අපේ සංචාරකයන්ගේ පැමිණීම එක්ලක්ෂ විසිනමදාහක් වුණා. අප්‍රේල්වල විතරක්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අගෝස්තු 25 වැනිදා කරන ප්‍රකාශය …

Fact Check

FACT CHECK : அவசரகாலச் சட்டம் இலங்கையில் உள்ள LGBTIQ+ சமூகத்திற்கு அச்சுறுத்தலாக இருந்ததா ?

பதில் ஜனாதிபதியாக நியமிக்கப்பட்ட ரணில் விக்கிரமசிங்க,விசேட வர்த்தமானியொன்றின் மூலம் கடந்த ஜூலை மாதம் 17ஆம் திகதி நாட்டில் அவசரகாலச் சட்டத்தை அமுல்படுத்தினார். குறித்த அவசரகால சட்டம் தொடர்பில் …

Fact Check

FACT CHECK : ශ්‍රී ලංකාව තුළ LGBTIQ+ ප්‍රජාවට හදිසි නීතිය තර්ජනයක් වුණා ද?

වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 17 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රට තුළ හදිසි …

Fact Check

FACT CHECK : Did the Central Bank Governor make a statement stating “Inflation is not a problem, it is the perfect solution”?

Sri Lanka is currently facing an acute economic crisis. One of the main issues is the high inflation. As announced …