FACT CHECK : සියයට 25ක අධිභාර බද්දක් පනවයි ?

‘මෙන්න දැන් ලැබුණු’ ප්‍රවෘත්තියක් යනුවෙන් සඳහන් කෙරෙන විඩියෝ පටයක් පෙබරවාරි 7 උදෑසන සිට වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. සිරස නාලිකාවේ, නිව්ස් ෆස්ට් (News First) ප්‍රවෘත්තියක් මෙලෙස සංසරණය වන අයුරු නිරීක්ෂණය වූ අතර සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි ද  අදාළ  පනත් කෙටුම්පතෙන් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂිත අරමුදල් ද ඇතුළත් වන අයුරින් වගන්ති ඇතුළත් කර ඇතැයි ද අදාළ ප්‍රවෘත්තියේ සඳහන් විය. 

දැන් ලැබුණු ප්‍රවෘත්තියක් (ජස්ට් ඉන් (Just In)) අදාළ විඩියෝ ආරම්භයේ නිවේදකයා සඳහන් කරයි.

මෙම විඩියෝ පටයේ 15 වැනි තත්පරය වනවිට අදාළ ප්‍රවෘත්තියේ දිනය පැහැදිලිව දැක ගත හැකි වන අතර එහි 07.02.2022 පැහැදිලි ව දැක්වේ. 

එමෙන්ම වට්ස්ඇප් (WhatsApp) හරහා සංසරණය වන මෙම විඩියෝපටයේ ඉහළින් Forwarded many times  යන්න ද පැහැදිලිව දැකිය හැකි ය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී මෙය පසුගිය වසරේ (2022) පෙබරවාරි 7 වැනිදා පළ වූ ප්‍රවෘත්තියක් බව තහවුරු විය. අදාළ ප්‍රවෘත්ති වාර්තාවට  මෙතැනින්.

ඉහත සඳහන් කෙරෙන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර කතානායකවරයා ඉකුත් වසරේ අප්‍රේල් මස 8 වැනිදා ඊට අත්සන් තැබීය. මෙතැනින්

වත්මන් ආණ්ඩුව පනවන ලද බදු සම්බන්ධයෙන් සමාජය තුළ මේ දිනවල දැඩි විවේචනයක් පවතින අතර විරෝධතා පැවැත්වෙයි. එවැනි පසුබිමක මෙවැනි පැරැණි ප්‍රවෘත්ති නැවත සමාජගත කිරීමේ මහජනයා නොමඟ යැවෙන අතර නොසන්සුන්තා වුව ද හටගත හැකි ය.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …