‘‘කොවිඩ්-19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ මුඛ/මුව ආවරණ සම්බන්ධයෙන් සමාජය තුළ විවිධාකාරයේ කතාබහ ඇති විය.
මුඛ/මුව ආවරණ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන් ම විවිධ රටවල සෞඛ්‍ය ආයතන විසින් (උදා : ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය CDC) විවිධාකාරයේ මාර්ගෝපදේශ සහ උපදෙස් මාලා නිකුත් කරන ලදි.
මේ අතරවාරයේ දී සුරතල් සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිපද වූ මුහුණ ආවරණය යනුවෙන් දැක්වෙන ෆේස්බුක් සටහනක් (Facebook Post) පෙබරවාරි 14 වැනිදා ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
එහි තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

යසිත් ඩිල්ෂාන් යනුවෙන් නම් කර ඇති ෆේස්බුක් ගිණුමකින් (Facebook Account) ඉහත දැක්වූ සටහන (Post) ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
මෙම ගිණුම නිරීක්ෂණය කළ විගස එය ව්‍යාජ ගිණුමක් (Fake Account) යන්න නිරීක්ෂණය කළ හැකි ය. /පෙනී යයි.
මුව/මුඛ ආවරණ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න යනුවෙන් ඉහත සටහනේනේ දුරකථන අංකයක් දක්වා තිබූ අතර අප විසින් එම අංකයට ඇමතුමක් ගනු ලැබීය.
එහි දී අපට තහවුරු වූයේ එම දුරකථන අංකය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ බවයි.
ඉහත ෆේස්බුක් සටහන (Facebook Post) සම්බන්ධයෙන් අප ඔහුගෙන් විමසීමක් කළ අතර තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඒ මහතා එහිදි ප්‍රකාශ කළේය.
මීට පෙර ද කිහිප අවස්ථාවකදී ම තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය මෙවැනි ව්‍යාජ පණිවුඩ සඳහා යොදාගෙන තිබුණු බව තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මේ අතර ‘කොවිඩ්-19’ වයිරසය සුරතල් සතුන්ට ද ආසාදනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත. මෙතැනින්
‘කොවිඩ්-19’ සහ සුරතල් සතුන් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය නිකුත් කළ විස්තරයක්. මෙතැනින්
සුරතල් සතුන්ට මුඛ ආවරණ පැලඳීමෙන් වළකින්න යැයි ද එම මධ්‍යස්ථානය උපදෙස් දී තිබේ.
නිගමනය : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සුරතල් සතුන්ගේ ආරක්ෂාව සඳහා නිපද වූ මුහුණු ආවරණය යනුවෙන් ෆේස්බුක්හි පළ වී ඇති සටහන අසත්‍ය යි.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.