FACT CHECK : අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට   සංචාරකයන් එක්ලක්ෂ විසිනමදාහක්?

“පහුගිය අප්‍රේල්වල අපේ සංචාරකයන්ගේ පැමිණීම එක්ලක්ෂ විසිනමදාහක් වුණා. අප්‍රේල්වල විතරක්” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අගෝස්තු 25 වැනිදා කරන ප්‍රකාශය අසත්‍ය යි. 

ඉකුත් සතියේ මාධ්‍ය හමුවවක් පවත්වමින් එස්.බී. දිසානායක මහතා ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් පැවැති විරෝධතා ව්‍යාපාරයට චෝදනා එල්ල කළ අතර කොවිඩ්-19 වසංගතය, ආර්ථිකය අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 

ඔහුගේ අදහස් දැක්වීම, මෙතැනින්, මෙතැනින්, මෙතැනින් , මෙතැනින්

ඔහුගේ අදහස් දැක්වීමට අදාළ විඩියෝ ව ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය තුළ ද පළ වූ තිබූ අතර ඒවා කිහිපයක තිර සටහන් (Screenshots) පහතින් දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ අදහස් දැක්වීම පහතින් දැක්වේ. 

“පහුගිය අප්‍රේල්වල අපේ සංචාරකයන්ගේ පැමිණීම එක්ලක්ෂ විසිනමදාහක් වුණා. අප්‍රේල්වල විතරක්. රුසියානු ජනාධිපතිතුමා යන්න එපා බටහිරට යන්න ලංකාවට කියලා එහෙම කිව්වා.ගෝල්ෆේස් කෙලියත් එක්කම තමයි මේවා කඩාගෙන වැටුණේ. දැන් ආපහු අපේ සංචාරක ව්‍යාපාරය නැගිටගෙන එනවා.” 

සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා කරන ප්‍රකාශය සාවද්‍ය වේ. 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 62,980 කි. මෙතැනින්, මෙතැනින්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරක පැමිණීම්වලට අදාළව මාසික දත්ත වාර්තා නිකුත් කරයි. ඒ අනුව මේ වසරේ අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම්වලට අදාළ සංඛ්‍ය දත්ත ඇතුළත් වාර්තාව මෙතැනින්

ඉකුත් වසර පහේ දී, අප්‍රේල් මාසවල සංචාරක පැමිණීම පහතින් දැක්වේ . 

ඉකුත් වසරවල, අප්‍රේල් මාසවල සංචාරක පැමිණීම් 
2018180,429
2019166,975
2020
20214,168
202262,980

ශ්‍රී ලංකා මහ බැංකුව මාසිකව නිකුත් කරන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයේ ද සංචාරක පැමිණීම් සහ සංචාරක ආදායම් සම්බන්ධයෙන් දත්ත ඇතුළත් වේ. 

2022 මාර්තු, අප්‍රේල්, මැයි

සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව 2009 වසරේ සිට උපයන ලද ආදායම් මෙහි දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව. 

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂිකව නිකුත් කරන වාර්තාවේ ද සංචාරක අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සටහනක් දක්ව යි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2021. විදේශීය අංශයේ ප්‍රවණතා (සංචාරක අංශයේ ක්‍රියාකාරීත්වය සටහන 5.8) 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තත් සලකා බැලීමේ දී ඉකුත් වසර පහක කාලයේ දී (2018-2022) සංචාරකයන්ගේ පැමිණීම අඩු වී තිබේ. 

ඊට අමතරව වාර්ෂිකව ගත් විට ද 2017 සිට 2021 දක්වා වසරවලදී සංචාරක පැමිණීම් මෙන් ම සංචාරක කර්මාන්තයෙන් ලද මූල්‍ය ලැබීම් ද ක්‍රමයෙන් අඩු වී ඇත. 

නිගමනය : අප්‍රේල් මාසවලදී මෙරට ට සංචාරකයන් එක්ලක්ෂ විසිනමදාහක් පැමිණි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කළ ප්‍රකාශය අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. . 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …