FACT CHECK : “ආර්ථිකය ගොඩනගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුයි” යැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා ද?

රට මේ වනවිට දරුණු ආර්ථික මෙන්ම දේශපාලනික අර්බුදයකට මුහුණ දී සිටින අතර එම තත්ත්වය මත ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා ආර්ථික ප්‍රතිපත්ති, තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් රටේ බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති. එවැනි පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබිණි. 

“ආර්ථිකය ගොඩනගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුයි” යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා කී බව දැක්වෙන සටහන්(Post) ඉකුත් දින කිහිපයේදී ෆේස්බුක් (Facebook) සමාජ ජාලය තුළ සංසරණය වන ආකාරය දක්නට ලැබිණි.  

එම ෆේස්බුක් සටහන් (Facebook Posts) මහජනතාව නොමඟ යවන ආකාරයේ ඒවා බව නිගමනය කළ හැකි ය. 

එලෙස හුවමාරු වූ සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

හිරු රූපවාහිනි නාලිකාව ජූලි 25 වැනිදා ඔවුන්ගේ ‘සලකුණ’ දේශපාලන සංවාද වැඩසටහන පවත්වා තිබූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊට සහභාගී ඇති බව ඉහත දැක්වූ ෆේස්බුක් සටහන් විමසා බැලීමේදී  අපට නිරීක්ෂණය විය. 

මහ  බැංකු අධිපතිවරයා එහිදී කරන අදහස් දැක්වීම් සම්බන්ධ කරගනිමින් අප ඉහත දැක් වූ ෆේස්බුක් සටහන් (‌Facebook Post) නිර්මාණය වී ඇති බව අපට නිගමනය කළ හැකි විය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහභාගී වූ එම වැඩසටහනට, මෙතැනින් පිවිසෙන්න. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන සාකච්ඡා පිළිබඳවත් මෙතැනින්, මහා බැංකුවේ ස්වාධීනත්වය සහ සංචිතවල වැදගත්කම පිළිබඳවත් මෙතැනින්, සහ පොලී අනුපාත වැඩි කිරීමට සහ මුදල් අච්චු ගැසීමට බලපෑ හේතු පිළිබඳවත් මෙතැනින් සහ මෙතැනින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා එම සාකච්ඡාවේදී මූලික වශයෙන් කරුණු පැහැදිලි කර ඇත. 

එමෙන් ම “වත්මන් ආර්ථික අර්බුදය විසදීමට දේශපාලනික වශයෙන් දුෂ්කර තීරණ අවශ්‍යයි” යන සිරස්තලය යටතේ ජූලි 25 වැනිදා හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදය පසුබිම් කරගනිමින් ප්‍රවෘත්ති වාර්තාවක් හිරු පුවත් වෙබ් අඩවිය  ජූලි 26 වන දා පළ කර තිබුණි. එම වාර්තාවට මෙතැනින් පිවිසෙන්න.

රජය සුබසාධන වැඩසටහන්වලින් ඉවත් විය යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ යැයි එම ප්‍රවෘත්තියේ එක් තැනක සඳහන් ය.

වාර්තාවේ එය සදහන් කර ඇති ආකාරය දැක්වෙන් තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත.

එහෙත් ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වන සටහන්වල දැක්වෙන ආකාරයට හෝ හිරු පුවත් වෙබ් අඩවියේ පළ කර ඇති වාර්තාවේ සදහන් ආකාරයට ‘ආර්ථිකය ගොඩගන්න රජය සුබසාධනයෙන් ඉවත්විය යුතු’ යැයි ප්‍රකාශයක් මහ බැංකුවේ අධිපතිවරයා එම වැඩසටහනේ කොතැනකදී හෝ සඳහන් කළ බවක් අපට හමු නොවුණි. එවන්නක් ඔහු ඍජුව ප්‍රකාශ කළ බව ද අපට නිරීක්ෂණය නොවිණි. 

එම සංවාදයේ එක් අවස්ථාවක දී එම වැඩසටහනේ නිවේදයකු ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් විමසන ප්‍රශ්නයකට අධිපතිවරයා දුන් පිළිතුරක් මෙලෙස මහජනතාව නොමඟ යවන අයුරින් භාවිත වී ඇති බව අපට නිරීක්ෂණය කළ හැකි විය.

මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුරු පාදක කරගනිමින් අප ඉහතින් දැක් වූ ෆේස්බුක් සටහන් (Facebook Posts) නිර්මාණය වී ඇති බව ද අපට නිගමනය කළ හැකි විය. 

නිවේදක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර ඇති වූ සංවාදය  පහතින් දැක්වේ. (ෆේස්බුක් සටහන්වලට අදාළව)

නිවේදක චමුදිත සමරවික්‍රම: “ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හිටපු මහා බැංකු අධිපති ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියලා තියෙනවා ලංකාවේ අර්බුදයට ඉතාමත් ගැඹුරු වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍යයි කියලා. ඒ වගේම IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) කොන්දේසි ඉතාම බැරෑරුම් ඒවා වෙන්න පුළුවන් කියලා. අපි ඉස්සෙල්ල කෑ ගැහුවා IMF කියන ඒවා කරන්න එපා, එහෙම කරන්න බෑ, අපිට දැන් ඉතින් එහෙම කතාවල් නෑ. කියන දේට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඒ සරල යථාර්තය එච්චරයි.”

මහබැංකු අධිපති නන්දලාල් වීරසේකර: “එක ඇත්ත වශයෙන් ම මම දකින්නේ IMF කියන නිසාම නෙමේ ඒවා කළයුතු දේවල් කොහොම වුණත්වුණත්”

නිවේදක චමුදිත සමරවික්‍රම: “දැන් ඔවුන් කිව්වොත් මේ ආයතන පෞද්ගලීකරණය කරන්න. මේවා තවදුරටත් පාඩු ලබන්න බෑ. මේවට සහනාධාර දෙන්න එපා ඉන්ධන වලට විදුලිය මේවට පාඩු ලබන්න දෙන්න එපා. ජලය පාඩුවට දෙන්න එපා. ඒ සියල්ල අපිට සිදු කරන්න වෙවිනේ” 

මහබැංකු අධිපති නන්දලාල් වීරසේකර: “ඒවා ඇත්ත වශයෙන්ම කරන්න ඕනි ඒවානේ. කොහොමද ඒවා පාඩුවට දෙන්නේ ඒවා පාඩුවට දෙනවා කියන්නේ තව කවුරුහරි ඒවාට ගෙවන්න ඕනිනේ. අපි කියමු විදුලි බල මණ්ඩලය පාඩු නම් CPC (ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව)  පාඩු නම් ජලය පාඩු නම් ඒ කියන්නේ ඒකට ගෙවන්න ඕනි බදු ගෙවන්නගේ මුදලින්නේ, ගෙවන්න ඕනි. එතකොට ඒක මම දකින විදියට කිසිම දෙයක් පාඩුවට දෙනව නම් ඒකට නිකං හම්බෙන්නේ නෑ. ඒකට යම්කිසි කෙනෙක් ගෙවන්න ඕනි. එතකොට අපි ඕගොල්ලෝ හැමෝම තමයි බදු මුදල මගින් ඒක ගෙවන්නේ, දැන් හරි ඉදිරියේදී හරි ගෙවන්න ඕනි. එතකොට ඒ ප්‍රශ්න නැතුව නියමිත ආකාරයෙන් ඕනෑම රටක තියෙන ආර්ථික ප්‍රතිපත්ති තියෙන්නේ යම් කිසි දෙයක්, ඒ කියන්නේ මේවා ව්‍යාපාරනේ, CPC කියන්නේ ව්‍යාපාරයක්, Electricity board එක කියන්නේ ව්‍යාපාරයක්. එතකොට රජයට අයිති ව්‍යාපාර, රජයට අයිති ව්‍යාපාර කියලා පාඩුවට දුවන්න ඕනි නෑ.”

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන්, විද්‍යුත් තැපෑල (E-mail)  ඔස්සේ අගෝස්තු 3 වැනිදා විමසීමක් කරන ලද අතර අගෝස්තු 12 වැනිදා වන විටත් ඊට පිළිතුරු ලැබී නොතිබිණි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෑතකදී කරන ලද අදහස් දැක්වීම් මෙතැනින්

නිගමනය: ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා “ආර්ථිකය ගොඩගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුයි” යනුවෙන් ප්‍රකාශයක් කර නැත.

මෑතකදී ඔහු එවැනි ප්‍රකාශයක් කළ බවක් ද නිරීක්ෂණය නොවිණි. 

ඒ අනුව “ආර්ථිකය ගොඩගන්න රජය සුබසාධනයෙන් ඉවත් විය යුතුයි” යනුවෙන් අන්තර්ගත ෆේස්බුක් සටහන් (Facebook Posts) සහ හිරු පුවත්පත් වෙබ් අඩවියේ වාර්තාවේ දැක්වෙන “රජය සුබසාධන වැඩසටහන්වලින් ඉවත් විය යුතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේය” යනුවෙන් දැක්වීම මහජනතාව නොමග යැවෙන ආකාරයේ සටහන් බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …