ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා නිකුත් කළ බව කියැවෙන ට්විටර් පණිවුඩයක් විශේෂයෙන්ම ඊයේ (21) දිනයේ දී සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.
“ශ්‍රී ලංකාවේ ජනතාව කැමැති නම්, ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශ කිරීමට සූදානම් යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.”
එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්විණි.
“එහි ප්‍රතිඵලයක් ලෙස රට (ශ්‍රී ලංකාව) මුහුණ දෙන ගෑස්, ඉන්ධන, කිරි ආහාර, පොහොර සහ අනෙකුත් බොහෝ අත්‍යවශ්‍ය ආහාර/ද්‍රව්‍යවල අර්බුදය විසඳීමට හැකියාව ලැබෙනු ඇත. ඊට අමතරව ඉන්දියාව, ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රශ්න ද බලාගන්නවා”.
“ඉන්දියාව, ශ්‍රී ලංකාවට පැවැත්මේ/පැවැතීමේ හස්තයක් දිගු කර තිබෙනවා” යනුවෙනි.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් බව කියමින් සංසරණය වූයේ ඡායාරූපයේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.
මෙම ඡායාරූපය වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ වැඩි වශයෙන් හුවමාරු (Share) වී තිබිණි.
අප මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළේ ය.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මෙවැනි ට්විටර් පණිවුඩයක් නිකුත් කර නැති බවත් ඉහතින් දැක්වෙන පණිවුඩය ව්‍යාජ එකක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ ට්විටර් ගිණුම නිරීක්ෂණය කිරීමේ දී එවැනි පණිවුඩයක් නොමැති බව තවදුරටත් තහවුරු කර ගත හැකි ය.
නිගමනය : ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් බව කියමින් සංසරණය වන ඡායාරූපය ව්‍යාජ එකකි.
හෑෂ්ටැග් පරපුර මීට පෙර කළ කරුණු පරීක්ෂා කිරීම්වලට මෙතැනින් පිවිසෙන්න.fact check.