FACT CHECK : එක්සත් මානව හිමිකම් ආරක්ෂක සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර කිසිදු සම්බන්ධයක් නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ලොවපුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිට වූ ආයතනය යි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකදීම ප්‍රධාන සැසිවාර තුනක් පවත්වයි. මේ වසරේ පළමු සැසිවාරය හෙවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය ඉකුත් දා (පෙබරවාරි මස 28 වැනිදා) ආරම්භ විය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකාව ඊට සම්බන්ධ කරගනිමින් ඉකුත් දිනවල අදහස් පළ වූ අතර ඒ අතරවාරයේ දී  එක්සත් මානව හිමිකම් ආරක්ෂක සංවිධානය (United human rights protection organization) නමින්ෆේස්බුක් පිටුවක් (Facebook Page)දක්නට ලැබුණි. 

මෙම ෆේස්බුක් පිටුව (Facebook Page) සකස් කර ඇත්තේ 2022 ජනවාරි මස 21වැනි දින බව එය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. එහි තිර ඡායාරූපයක් (screenshot) පහතින් දක්වා ඇත. 

මෙම ෆේස්බුක් පිටුව දැන්වීම් පළ කර ඇති බව ද (Facebook Page is running ads) මෙහිදි නිරීක්ෂණය විය. 

මෙම සංවිධානයට නව සාමාජික සාමාජිකාවන් බඳවා ගන්නා බව සඳහන් කරමින් අදාළ ෆේස්බුක් පිටුවේ ඉල්ලුම් පත්‍රයක් ද නිකුත් කර තිබිණි. එහි තිර ඡායාරූපයක් (screenshot) පහතින් දක්වා ඇත. පෙබරවාරි මස 17 වැනිදා එය අදාළ සංවිධානයේ ෆේස්බුක් පිටුව මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබිණි. 

එම ඉල්ලුම් පත්‍රිකාවේ දුරකතන අංක කිහිපයක් ද සඳහන් කර තිබුණු අතර එහි තිබූතිබූ 0751637637 යන දුරකථන අංකයට අපි ඇමතුමක් ලබා දුන්නෙමු. 

අපගේ දුරකතන ඇමතුමට පිළිතුරු දුන් පුද්ගලයා තමන් “මිහිඳු වසන්ත” යැයි හඳුන්වා දුන්නේ ය. 

තමන් එක්සත් මානව හිමිකම් ආරක්ෂක සංවිධානයේ මාණ්ඩලික සාමාජිකයකු යැයි හෙතෙම සඳහන් කළේ ය. 

එක්සත් මානව හිමිකම් ආරක්ෂක සංවිධානය සම්බන්ධයෙන් අපි ඔහුගෙන් තවදුරටත් විමසා සිටියෙමු. 

 “අපි එක්සත් ජාතීන් (UN) සමග එකට වැඩ කරනවා. එහෙම එකට වැඩ කරන හින්ද තමයි ඒ logo එක අපිට දීලා තියෙන්නේ. එතන code නම්බර් එකකුත් තියෙනවා. මමත් ලබන සතියෙ ජිනීවා යන්න තමයි ඉන්නේ ” යැයි ඔහු පැවැසීය. 

නව සාමාජිකයන් බඳවා ගන්නා බවට අප ඔහුගෙන් තවදුරටත් විමසා සිටි අතර ඔහු ඊට මෙසේ ප්‍රතිචාර දැක්වී ය. 

 “ඔව් අපිට මේ වෙනකොටත් ඉල්ලුම් පත්‍ර පන්දාහක් විතර ලැබිලා තියෙනවා. මට පුළුවන් ඔයාවත් මේකට සම්බන්ධ කර ගන්න. දැනට අසූ අටක් අපි ස්ථිර කළා. අපි ඔක්කොම සාමාජිකයන් සීයක් බදවා ගන්න ඉන්නේ. මේක සම්පූර්ණයෙන් ම නොමිලේ කරන කර්තව්‍යයක්. අපි සාමාජිකයන්ගෙන් සතයක්වත් සල්ලි ගන්නෙ නෑ.”

“2022 මාර්තු මාස 12, අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලොකු event එකක් තියලා තමයි සාමාජිකත්වය ලබා දෙන්නේ. එදාට අපි ඔයාලට lifetime appointment letter එකක් දෙනවා. ඔයාලට full suite එකක් ඇඳලා ඒකට උඩින් cloak එකක් දාගන්න වෙනවා. ඒ වගේම අපි Mount lavinia හෝටලයෙන් තමයි ඔයාලට refreshments ලෑස්ති කරල තියෙන්නෙ. එදාට ති‍යෙන උත්සවයට විතරක් පොඩි ගාණක් ඔයාලට pay කරන්න වෙනවා. ඒක just 25,000 විතරයි. මං බැංකු විස්තර ටික ඔයාට එවන්නම්. ඔයා cash එක ඩිපොසිට් කරල slip එක whatsApp කරන්න. මං ඔයාගේ සීට් එක reserve කරලා තියන්නම් ” යනුවෙන් ද ඔහු පැවැසීය. 

ඔහු කෙටි පණිවුඩයක් මඟින් අප වෙත බැංකු විස්තර එවා තිබිණි. 

United human rights protection organization

Ac. 101001080483

NDB bank Havelock Town Branch

අදාළ ෆේස්බුක් පිටුවේ ඇති [email protected] මෙම විද්‍යුත් ලිපිනයට (ඊමේල්) අප පෙබරවාරි 23 වැනිදා සහ පෙබරවාරි 24 වැනිදා ඉහතින් සඳහන් කළ සංවිධානය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර විමසා පණිවුඩයක් යැවී ය. 

සංවිධානයේ කොටස්කරුවකු වීමට අවශ්‍ය නම් බැංකු ගිණුමට මුදල් බැර කර රිසිට් පත් වට්ස්ඇප් මාර්ගයෙන් එවන්නැයි ද ඒවා ඇති අයඳුම්පත්‍රය සම්පූර්ණ කර එවන්නැයි ද පිළිතුරු ඊමේල් පණිවුඩයක් මාර්තු 8 වැනිදා අප වෙත ලැබිණි. 

එය ලද විගස එම සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සම්බන්ධයක් තිබෙන්නේ දැයි අපි විමසීමක් කළෙමු. 

ඊට නිසි පිළිතුරක් නොලැබුණු අතර අප “we are united human right protection organisation” යන පිළිතුර පමණක් අප වෙත ලැබිණි. 

ඔවුන්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ කවුදැයි විමසමින් අප මාර්තු මස 9 වැනිදා විද්‍යුත් තැපැල් (ඊමේල්) පණිවුඩයක් යොමු කළ ද ඊට ද පිළිතුරු නොලැබිණි. 

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් විමසීමක් කරන ලදි. 

එක්සත් මානව හිමිකම් ආරක්ෂක සංවිධානය (United human rights protection organization) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ මාධ්‍ය අංශය අප වෙත තහවුරු කරන ලදි. 

නිගමනය ; එක්සත් මානව හිමිකම් ආරක්ෂක සංවිධානය (United human rights protection organization) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) අතර කිසිදු සම්බන්ධයක් නොමැත. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …